හෙඩ්ෆෝන් (Headphones) හෝ ඉයර්ෆෝන් (Earphones) පැලඳ සංගීතයට සවන් දෙමින් මාර්ගයේ ගමන් ගන්නා පදිකයන්ට එරෙහිව ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි. ඒ බව ශ්‍රී ලංකා පොලීසියේ රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් රණගල මහතා පැවසීය.
මේවා පැලඳ සංගීතයට සවන් දෙමින් මාර්ගයේ ගමන් කිරීම හේතුවෙන් පදිකයන් අනතුරට ලක්වීමේ ප්‍රවණතාවක් පවතින බවත්, මේ ආකාරයෙන් ගමන් ගන්නා පදිකයන්ට දැනට අවවාද කිරීම් පමණක් සිදු කළ ද ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් ඔහු ප්‍රකාශ කළේය.
මාර්ග අනතුරු හේතුවෙන් දිනකට පුද්ගලයන් 10 දෙනකුට වඩා මියයන අතර, 2026 වසරේ ජනවාරි 01 දා සිට ජූනි 30 දක්වා සිදුවූ රථවාහන අනතුරු 1,323කින් පුද්ගලයන් 1,389 දෙනකු මරණයට පත්ව ඇති බවද මනෝජ් රණගල මහතා පැවසුවේය.
2025 වසරට සාපේක්ෂව මෙම වසරේදී අනතුරු සංඛ්‍යාව 105කින් ද, මරණ සංඛ්‍යාව 107කින් ද ඉහළ ගොස් තිබීම දැඩි කනස්සල්ලට කරුණක් බව පැවසූ හෙතෙම, මෙම අනතුරුවලින් වැඩි වශයෙන්ම විපතට පත්වන්නේ පදිකයන් සහ පාපැදිකරුවන් බවද කීවේය. අනවධානය, අපරික්ෂාකාරී බව, මාර්ග නීති උල්ලංඝනය කිරීම සහ අධික වේගය මෙන්ම වාහනවල සහ මාර්ගවල පවතින දුර්වල නඩත්තුව ද මෙම අනතුරු සඳහා ඍජුවම බලපාන බව හෙතෙම පෙන්වා දුන්නේය.
11 වැනි ජාතික අනතුරු නිවාරණ සතිය ජූලි 6 සිට 10 දක්වා පැවැත්වීම නිමිත්තෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
අනතුරු අවම කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය, පොලිස්පතිවරයාගේ උපදෙස් මත විශේෂ මෙහෙයුම් සහ නව තාක්ෂණික ක්‍රමවේද හඳුන්වා දී ඇත. අධික වේගයෙන් ධාවනය කරන වාහන හඳුනාගැනීම සඳහා කිලෝමීටර තුනක දුරක් ආවරණය කළ හැකි නවීන වේගමාපක අමෙරිකා එක්සත් ජනපදයෙන් ගෙන්වා දැනටමත් ක්‍රියාත්මක කර තිබේ.
නීතිය ක්‍රියාත්මක කිරීමේදී කිසිදු පුද්ගලයකුගේ තරාතිරමක් නොබලන බවත්, මාර්ගයේදී යම් අනතුරක් සිදු වුවහොත් අනිවාර්යයෙන්ම අදාළ පුද්ගලයන් අධිකරණයට යොමු කරන බවත් ඔහු තරයේ අවධාරණය කරයි.
ඉදිරියේදී මාර්ග නීති තදින් ක්‍රියාත්මක කර දැඩි දඬුවම් ලබා දීමටත්, රියැදුරු බලපත්‍ර අවලංගු කිරීමටත් කටයුතු කෙරෙනු ඇත. රියැදුරන්ගේ සහයෝගය නොමැති නම් මෙම ව්‍යසනය නැවැත්වීම සඳහා නීතිය දැඩි කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව රණගල මහතා කියා සිටියේය. මීට සමගාමීව පාසල් දරුවන් දැනුවත් කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලීසිය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව ‘ටේක් කෙයාර්’ (Take Care) නමින් විශේෂ වැඩසටහනක් ද මේ වන විට ආරම්භ කර ඇත.
- ඉරෝෂා දීපානි
Special Measures to Curb Road Accidents Involving Pedestrians Using Headphones
The Sri Lankan police have announced plans to implement strict enforcement measures against pedestrians wearing headphones or earphones while walking on the roads. This was stated by Senior Police Officer Manoj Ranagala, the Director of Traffic Management and Road Safety within the Sri Lanka Police.
According to him, there is a growing trend of pedestrians being involved in accidents due to the use of headphones while walking, which obscures their awareness of their surroundings. Although warnings have been issued to such pedestrians, it is now intended to take strict enforcement actions.
He further noted that, on average, more than ten people die daily due to road accidents, with 1,389 individuals killed in 1,323 traffic incidents reported between January 1 and June 30, 2026.
Ranagala expressed serious concern that, compared to the previous year, the number of accidents has increased by 105 and deaths by 107 this year. He highlighted that the most affected groups in these incidents are pedestrians and cyclists. He pointed out that factors such as negligence, violation of road laws, speeding, and the poor maintenance of roads and vehicles directly contribute to these accidents.
During a media briefing held by the Health Promotion Bureau, he made these comments in light of the 11th National Road Safety Week, which will be held from July 6 to 10.
To minimize accidents, the Sri Lankan police, under the guidance of the Inspector General of Police, have introduced special operations and new technological methods. They have already implemented modern speed radar systems imported from the United States that can detect speeding vehicles from a distance of three kilometers.
He emphasized that the law will be enforced without bias towards any individual, and in the event of any violations on the road, the concerned individuals will definitely be subjected to penalties.
During this period, strict enforcement of road laws will be executed, with severe penalties and actions to revoke driver’s licenses. Ranagala noted that without the cooperation of drivers, there are no alternatives to curbing this menace other than strict legal enforcement. Simultaneously, to educate school children, the President’s Secretary’s Office, the Sri Lanka Police, and the Ministry of Education have launched a special program called ‘Take Care’.
- Irosha Deepani
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Magul karanne nathiwa hutu ko polis mame. Munge olu tika hodala ganna kam
ReplyDeleteබෑ එහෙම කරන්ඩ බෑ. යම් කෙනෙක් අඳින පළඳින දේවල් වලට එරෙහිව නඩු පවරන්ඩ බෑ. නිරුවතින් ගියොත් හෝ අශීලාචාර දෑ ප්රකාශණය වන ආකාරයට කටයුතු කලොත් හැර, ඇඳුම අනුව නෛතික ක්‍රියාමාර්ග ගන්ඩ බෑ. බය නැතුව හෙඩ්ෆෝන් දාගෙන යන්ඩ, ඕනෑ හැටියට, හැබැයි පරිස්සමෙන් වටපිටාව ගැන සැලකිලිමත්ව කරණ දෙයක් කරන්න. ඕනෑවට වඩා ශබ්දය කණ් වලටත් හොඳ නෑ, සාමාන්‍ය ගාණට දාගෙන යන්ඩ.
ReplyDeleteඅපි එහෙනං උබ කියන විදියට කරන්නනම්
Deleteහෙඩ්ෆෝන් තියෙනව නම් විතරයි ඈ. නැත්නම් නිකම් උඹ අමුඩ කෙටියකින් කන් දෙක බැඳන් යන්ඩ එපා, ටකේ එලියෙ නෙ. එතකොට අල්ලල (ටකේ නෙවේ, උඹව) දානවා හිරේ.
Deleteලප කොටාගේ බූරු නීති
ReplyDeletePathirana Galappathige ama kanna epoooooooooo 🤑🤑🤑🤑
ReplyDeleteනියමයි. අන්න වැඩ
ReplyDelete