අපේ ආණ්ඩුව බදු අඩු කරලා ගුටි කෑවා...

 


රටේ ජනතාවගෙන් අඩක් බඩගින්නේ පසුවන බවට වාර්තා පළවෙද්දී, ජනාධිපතිවරයා කෙරෙහි 75%ක ප්‍රසාදයක් පවතින බවට පළවන සමීක්ෂණ වාර්තා පරස්පර විරෝධී සහ අසත්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

පුත්තලමේ පැවති කොට්ඨාස රැස්වීමක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.

අද හැම දේශපාලන පක්ෂයකම අය මෙතන ඉන්නවා. පහුගිය මැතිවරණ වල අපිට ඡන්දය දීපු, නොදීපු, ඈත් වෙලා හිටපු, කලකිරිලා හිටපු, බොහොම පිරිසක් මෙතන ඉන්නවා. ඒ ඔබ පත්කර ගත්තු ආණ්ඩුව කෙරෙහි, මේ රටේ ජනතාව බහුතරයක් පත්කර ගත්තු ආණ්ඩුව කෙරෙහි, ජනතාවගේ ගොඩනැගෙන අවිශ්වාසය.

ඒ වගේම තමයි අපි පක්ෂයක් විදිහට, අපි වැඩ කරලා තියෙන දේශපාලන බලවේගයක්. මේ රටේ වැඩියෙන්ම වැඩ කරපු දේශපාලන බලවේගය තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නියෝජනය කරන දේශපාලන බලවේගය. ඒක තමයි ඇත්ත කතාව.

අද සමහරෙකුට ඒක පිළිගන්න අකමැති වුණත්, කටක් ඇරලා කියන්න ආත්ම ශක්තියක් නොතිබුණත්, මේ රටේ දේශපාලනය කරන අය, මේ රටේ ජීවත් වන ජනතාව, මහා පොළොවේ පය ගහලා ඉන්න ජනතාවගේ හෘද සාක්ෂිය ඒ කාරණය පිළිබඳව හොඳාකාරවම දන්නවා.

අසීමිත බොරු කියල බලයට ආවා. අසීමිත බොරු කියලා. එක පැත්තකින් මේ රටේ තරුණ පරම්පරාව රැවැට්ටුවා. ආවේ සිස්ටම් එක වෙනස් කරනවා කියලා. ජේ.වී.පී එක බලයට ගෙනාවේ අලුත් සිස්ටම් එකක් ගේන්න. අලුත් දේශපාලන සංස්කෘතියක් හදන්න. හැබැයි බලයට ආපු දවසේ ඉඳන් ඔවුන් ගතාරුගතික සාම්ප්‍රදායික යල් පැනගිය දේශපාලන න්‍යාය පත්‍රයක් අනුගමනය කරන්න පටන් ගත්තා. යල් පැනගිය ගතාරුගතික සාම්ප්‍රදායික එහාටත් ගියපු දේශපාලන බලවේගයක් බවට පත්වුණා.

අපේකම අමතක කෙරුවා. අපි අනන්‍යතාවය අමතක කෙරුවා. ආගම දහමෙන් රාජ්‍යය ඈත් කරා අපේ හාමුදුරුවනේ. ආගම දහමෙන් රාජ්‍යය ඈත් කරා. මහා සංඝරත්නය ඉලක්ක කරගෙන මඩ ගහන්න පටන් ගත්තා.

අද ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට ආගමික සිද්ධස්ථානයක ගනුදෙනු කරනවා කියන එක නිකන් ගැරඬින්ට බූමිතෙල් ගහනවා වගේ වැඩක් වෙලා තියෙනවා. නාවන්න බල්ලො ගෙනියනවා වගේ අරගෙන යන්න වෙලා තියෙනවා. අපේ සංස්කෘතිය මේ රටේ සමාජයෙන් ඈත් කරන්න ඔවුන් උත්සාහ කරනවා.

අසීමිත බදු බරක් අද ජනතාවට පටවලා තියෙනවා. අපේ ආණ්ඩුව බදු අඩු කරලා ගුටි කෑවා අපේ හාමුදුරුවනේ ජනතාවගේ පැත්තෙන් ඉඳන්. අපි බදු අඩු කරා. අපි බදු අඩු කරනකොට මොකක්ද කිව්වේ? හොරකම් කරනවා කිව්වා. තෙල් වලින් හොරකම් කරනවා කිව්වා. පාරක් හැදුවොත් හොරා කෑවා කිව්වා. අපි බදු අඩු කරා, ඒ සහනය රටේ ජනතාවට අපි දුන්නා.

අද කර්මාන්ත ශාලා වැහෙනවා මෙතන එහා පැත්තේ කර්මාන්තපුරේ. හැබැයි කෝවිඩ් වෙලාවෙදිවත් කර්මාන්ත ශාලාවක් වැහෙන්න දෙන්නේ නැතුව අපි රැකගත්තා අපේ හාමුදුරුවනේ. මොකද අපි විශ්වාස කරා බදු අඩු කරලා හරි, නිෂ්පාදන පිරිවැය අඩු කරලා හරි, තරුණ තරුණියන්ගේ රැකියාව අපි ආරක්ෂා කරලා දෙන්න ඕනේ. ඒක තමයි ආණ්ඩුවේ වගකීම. ඒ ආණ්ඩුවේ වගකීම අපි ඉටුකරා රාජ්‍ය පාලකයන් විදිහට. අපි එදා වගකීම් ඉටු කෙරුවා. මිනිස්සු මැරෙන්න දීලා බලාගෙන හිටියේ නැහැ.

අද මෙතන එහා පැත්තේ මායිම එනකොට බස්නාහිර පළාත. ලංකා ඉතිහාසයේ වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වෙන කාලසීමාවක් බවට පත්වෙලා තියෙනවා බස්නාහිර පළාතේ, කොළඹ ගම්පහ දිස්ත්‍රික්ක වල. ලංකාවෙම වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වෙච්චි මාස දින කිහිපය, සති කිහිපය බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඉස්පිරිතාල වලට ගියාම රෝගීන්ටp ඇඳන් නැහැ. එක ඇඳේ දෙන්නා තුන්දෙනා රෝගීන් ඉන්නේ. ආණ්ඩුව මේ ගැන තඹ සතේකට ගණන් ගන්නේ නැහැ. බෙහෙත් නැහැ ඉස්පිරිතාල වල. බෙහෙත් වල හිඟයක් තියෙනවා.

ඒ බෙහෙත් වල හිඟය පියවන්න ආණ්ඩුවේ වැඩපිළිවෙල මොකක්ද? ඇහුවම කියනවා අපේ ගිණුමේ ඩොලර් රුපියල් ට්‍රිලියන ගණන් තියෙනවානේ. ඕක තියන් මොනවාද කරන්නේ බෙහෙත් ටික ගන්න. නැහැ. ඉස්පිරිතාල වලට අවශ්‍ය බෙහෙත් ටික දෙන්නේ නැහැ. වෛද්‍යවරු බඳවා ගන්නේ නැහැ. රෝහල් කාර්ය මණ්ඩලය බඳවා ගන්නේ නැහැ. මාලිගාවෙ ප්‍රාදේශීය සභා නගර සභා තියෙනවා. අපේ හාමුදුරුවනේ කානුවක් බෝක්කුවක් සුද්ද කරන්නේ නැහැ. දරුවෝ ලෙඩ වෙලා ඩෙංගු හැදිලා මැරෙනවා. ආණ්ඩුව කියනවා අඩුම ගානේ පොකුරක් ඉන්න ඕනේ දුම් ටිකක් ගහන්න. රෝගීන් දහයක් හැදෙනකම් බලන් ඉන්නවා දුම් ටිකක් ගහන්න.

නිකන් කල්පනා කරලා බලන්න, කෝවිඩ් වසංගතය වෙලාවේ මේ ආණ්ඩුව හිටියා නම් අපේ හාමුදුරුවනේ මගේ ආදරණීය අම්මේ තාත්තේ, නිරෝධායනය කරන්න දහයක් ඉන්න ඕනේ කියලා කියයි. නේ? මැරිලා ගියත් කමක් නැහැ කියයි.

ඒත් තැනට සමාජයට වෛර කරන ආණ්ඩුවක් බවට පත්වෙලා තියෙනවා. පුදුම සමාජ වෛරයක් තියෙන්නේ. ව්‍යාපාරිකයෙක් ගමේ හම්බ කරොත්, දුරකථන අංකයක් දෙනවා මූ හොරකම් කරලා ඇතිද කියලා බලන්න කියලා දුරකථනෙට කියන්නලු. අද වෙනකොට දේශීය ව්‍යාපාරිකයෝ අත්අඩංගුවට ගන්නවා, මොකක් හරි චෝදනාවක් දාලා. ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරිකයෝ ආරක්ෂා කරනවා. රටේ බහුතරයක් ව්‍යවසායකයෝ, ව්‍යාපාරිකයෝට නඩු දාලා අත්අඩංගුවට අරගෙන, ඔවුන්ගේ ආර්ථිකය කඩාගෙන වට්ටනවා. ආණ්ඩුව මේ ක්‍රියාදාමයේ අවසාන ප්‍රතිඵලය තමයි රාජ්‍ය කඩාගෙන වැටෙන එක. බදු ගහලා මිනිස්සුන්ගේ පිට බදු බර පටවලා, ජීවත් වෙන්න බැරි තැනට ජීවන වියදම වැඩි කරනවා.

හැබැයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා ගිණුමේ ඕන තරම් සල්ලි තියෙනවා කියලා. තියාගෙන ඉන්න. රාජ්‍ය පොහොසත් කියලා පම්පෝරි ගහනකොට ජනතාව දුප්පත්. මං දැක්කා මේ පහුගිය දිනක සමීක්ෂණ වාර්තාවක් කරලා, ජනාධිපතිවරයාට 75%ක් කැමතියිලු. හිනාවෙන්න එපා, එහෙම තිබ්බලු. එහෙම මං දැක්කා වාර්තාවක් තියෙනවා කියලා මාධ්‍ය කියනවා. අනේ අපේ හාමුදුරුවනේ ඒ වාර්තාවම යට තියෙනවා රටෙන් බාගයක් බඩගින්නේ. දැන් රටෙන් බාගයක් බඩගින්නේ ඉන්නවා, හැබැයි 75%ක් ජනාධිපතිටත් කැමතියි. දැන් මේ දෙන්නාගෙන් ඇත්ත කියන්නේ කවුද? එක්කෝ බඩගින්නේ ඉන්න වාර්තාව බොරු වෙන්න ඕනේ, මොකද බඩගින්නේ ඉන්න කෙනා  මේ මනුස්සයාට කැමතියි කියන්න විදිහක් නැහැනේ, මිනිස්සුන්ට තුන්වේල කන්න විදිහක් නැත්නම්. එහෙම නැත්නම් අර වාර්තාව හදපු කෙනාබොරු කියන්න ඕනේ.

ආණ්ඩුව හිතනවා මිනිස්සුන්ව රවට්ටලා මේ ආණ්ඩුව තවදුරටත් අරගෙන යන්න පුළුවන් කියලා. ආණ්ඩුව තීන්දු ගන්න. ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න. දුප්පත් මනුස්සයාගේ ආර්ථිකය ශක්තිමත් කරන්න මැදිහත් වෙන්න. කර්මාන්ත ශාලා වැහෙන්න දෙන්න එපා. මේ තරුණයන්ගේ රස්සා ටික ආරක්ෂා කරලා දෙන්න. ගොවියාගේ ජීවන ජීවිකාවේ ආර්ථිකය ශක්තිමත් කරන්න. දෛනික ආදායම් ලබන අයව අසීමිත බදු ගහලා විනාශ කරලා දාන්න එපා. ජනතාවට දරාගන්න බැරි තැනට විදුලි බිල වැඩි කරලා, විදුලි බිල වැඩි කරලා, පෙට්‍රල් මිල වැඩි කරලා, ජනතාව පිට හැම පීඩනයක්ම දාන්න ලෑස්ති වෙන්න එපා.

ආණ්ඩුවට වගකීමක් තියෙනවා පුරවැසියා රකින්න. ආණ්ඩුවට වගකීමක් තියෙනවා ව්‍යවසායකයා රකින්න. ආණ්ඩුවට වගකීමක් තියෙනවා මේ රටේ දේශීය ආර්ථිකය ආරක්ෂා කරන්න. ඒ සඳහා මැදිහත් වෙන්න ආණ්ඩුව කටයුතු කරන්න ඕනේ.

අපි දේශපාලනික වශයෙන් පෙළගැහෙමු. අපි දේශපාලනික වශයෙන් එකතු වෙමු. අපි ගම් මට්ටමේ ශක්තිමත් බලවේගයක්ප් හදමු. ආණ්ඩුවේ අදූරදර්ශී පාලනයට විරුද්ධව, ආණ්ඩුවේ දූෂිත ආණ්ඩුවට විරුද්ධව, දැන් පහුගිය කාලේ බාල ගල් අඟුරු ගෙනාවා, ඒ පාඩුව විදුලි බිලට දාලා මිනිස්සුන්ට දෙනවා. බාල ගල් අඟුරු ගෙනැල්ලා ඒ වෙන පාඩුව මකාගන්න විදුලි බිල වැඩි කරා, තෙල් මිල වැඩි කරා. වරායෙන් කන්ටේනර් 323ක් පන්නපු ආණ්ඩුව අද අපිට හොරා කියනවා. අපිට හොරා කියන ආණ්ඩුව අර පික්පොකට් න්‍යාය අපිට හොරා කිය කියා අපේ හාමුදුරුවනේ මුළු රටම අපේ දිහා බලන් ඉන්නකොට වරායෙන් කන්ටේනර් 323ක් පන්න ගත්තා. ඒ ඔක්කොමලා වැටෙන්නේ රාජපක්ෂලාගේ වැඩක්. නේ? දැන් කවුරුහරි සියදිවි හානි කරගත්තොත් මේකත් රාජපක්ෂලාගේ වැඩක්. එහෙමනේ කියන්නේ දැන්.

හැබැයි යුද්ධය ඉවර කරේ? ආ ඒ පිස්සුද මහින්ද මහත්තයා කොහෙද යුද්ධයක් ඉවර කරේ. පෝට් සිටි එක? ඒ කාලේ කිව්වේ සීගිරියක් කඩන්න ඕනේ කියලා. නැහැ නැහැ ඒක මහින්ද තනියම කරපු එකක් නෙවෙයිනේ. නෙළුම් කුළුණ, අධිවේගී මාර්ග? අයියෝ පිස්සුද අර වල්ලෝ බලන්න උන්ට පාර මාරු වෙන්න බැහැ කියපු අය. ඒක මහින්ද රාජපක්ෂ ඒවා මහින්ද රාජපක්ෂ නෙවෙයි. කවුරුහරි කෙනෙක් සියදිවි හානි කරගත්තොත්? ෂුවර් එකට රාජපක්ෂ කෙනෙක් මේකේ පිටිපස්සේ ඇති. නේ? තව වෙන මොනවා මොනවාට අපේ නම් මගේ නම දාන්න ආයෙත් දන්නෑ.

මේ ආණ්ඩුවේ නොහැකියාව වහගන්න ආණ්ඩුව මර්ධනයෙන් උත්සාහ කරනවා. ඒ මර්ධනය කරන්නේ රාජපක්ෂලා විතරක් නෙවෙයි මේ ආණ්ඩුව, රාජ්‍ය සේවකයා, පොලිස් නිලධාරියා, රණවිරුවා, ව්‍යවසායකයා, දේශීය ව්‍යාපාරිකයා, ගරුතර මහා සංඝරත්නය, ආගමික නායකයා, මේ හැම කෙනෙක්වම මර්ධනය කරලා පුරවැසියාත් මර්ධනය කරනවා මේ ආණ්ඩුව. පුරවැසියාත් මර්ධනය කරලා බලයෙන් තමන්ගේ රාජ්‍ය පාලනය තියාගෙන යන්න ආණ්ඩුව උත්සාහ කරන්නේ. ඒ නිසා ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිවරු 159 දෙනාත් මතක තියාගන්න ඕනේ ඔය සෙල්ලම් හරියන්නේ නැහැ.

අවුරුදු 20ක් පාලනය කරනවා අපි ඉන්නවා කියලා හිතනවා නම් වැඩ කරන්න. කයිවාරු ගහලා හරි 20ක් ඉන්න හම්බවෙන්නේ නැහැ, අපි වැඩ කරලා තිබ්බේ 10යි. නේ අම්මේ? අපි වැඩ කරලා තිබ්බේ 10යි, එදා කයිවාරු කරලා බය කරලා හිරගෙවල් පන්නලා අවුරුදු 20ක් පාලනය කරන්න පුළුවන් කියලා හිතන් ඉන්නවා නම් අපේ හාමුදුරුවනේ ජනාධිපතිවරයාට වැරදිලා. අවුරුදු 20ක් ඉන්න ඕනේ නම් අවුරුදු 100කට හරියන්න වැඩ කරන්න. අවුරුදු 76කට සාප කර කර ඉන්නේ නැතුව.

ඉදිරි අනාගතයේ දරුවන්ට හරියන විදිහට මේ රට හදන්න. අපි පැහැදිලිවම විශ්වාස කරනවා ඔබේ දරුවාට හරියන රටක් අපි හදන්න ඕනේ. අපිට පුළුවන් ඒක. ඔබේ අනාගත පරම්පරාවට සරිලන තාක්ෂණයත් එක්ක බද්ධ වෙච්ච ලෝකයක් අපි නිර්මාණය කරන්න ඕනේ. අපිට පුළුවන් ඒක. රටක් ජාතියක් විදිහට අපිට ඒ හැකියාව තියෙනවා. රටක් ජාතියක් විදිහට ඔබේ දරුවාට ඒ උවමනාව තියෙනවා, ඒ හැකියාව තියෙනවා.

අපි නූතන පරම්පරාවේ දේශපාලන බලවේගයක් හදන්න යන්නේ ඒ නිසා. මගේ ආදරණීය අම්මේ තාත්තේ අපි ගම් මට්ටමෙන් ඒකරාශී වෙමු. අපි දක්ෂ දක්ෂ මේ මහා පොළොවට ආදරය කරන, සතා සීපාවාට ආදරය කරන, මනුෂ්‍යත්වයට ආදරය කරන පිරිසක් අපි ගොඩනගමු. සංස්කෘතියට ගරු කරන, අපේකම රකින්න පුළුවන් දේශපාලන බලවේගයක් අපි හදමු. දේශපාලන බලවේගයකට තමන්ගේ කම, අපේ කම, අපේ ජාතිය, අපේ ආගම රකින්න බැරිනම්, එවැනි දේශපාලන බලවේගයකට කවදාවත් ඔබව රකින්නත් බැහැ මගේ ආදරණීය අම්මේ තාත්තේ මිත්‍රවරුනි. මේක තමයි යථාර්ථය.

ඔබව රකින්න පුළුවන් ඔබට ගරු කරන දේශපාලන බලවේගයකට. ඔබව රකින්න පුළුවන් ඔබේ සංස්කෘතියට ගරු කරන දේශපාලන පක්ෂයකට. ඔබව රකින්න පුළුවන් මේ මාතෘභූමිය, මහා පොළොව රකින්න පුළුවන් දේශපාලන බලවේගයකට. ඒ වගේම තමයි ඔබව රකින්න පුළුවන්, මහා පොළොවේ පය ගහලා යථාර්ථය අවබෝධ කරගත්තු දේශපාලන බලවේගයකට.





Namal Rajapaksa Questions Polling Data Amidst Public Discontent

In a recent address at a constituency meeting in Puttalam, Namal Rajapaksa, the National Organizer of the Sri Lanka Podujana Peramuna, raised concerns about the credibility of polling data suggesting a 75% approval rating for the President while simultaneously indicating growing discontent among the public.

Rajapaksa emphasized that a significant portion of the population feels disillusioned with the government, which they themselves elected. He expressed concern over the deepening mistrust among the electorate toward the administration, highlighting that various political factions are now present in discussions about the nation's direction.

He asserted that the political landscape is dominated by the party represented by former President Mahinda Rajapaksa, calling it the most impactful political force in the country. "Despite some resistance to this truth, the political actors and the citizens living on this great land are well aware of the realities," he noted.

Further criticizing the government, Rajapaksa pointed out the "unlimited lies" that have been told to gain power, accusing the current leadership of reverting to outdated political tactics. He lamented the failure of the government to bring about the promised change, instead suggesting it has resorted to hardline traditional policies that continue to drag the nation backward.

Regarding the government's handling of the dengue fever outbreak, which has recently seen a surge in cases within the Western Province, Rajapaksa criticized the administration's lack of effective response, noting a severe shortage of hospital beds and essential medications. He described the current state of affairs as unacceptable, voicing frustration over the government's indifference towards public health crises.

He also highlighted the burdensome tax policies that have severely impacted the population's economic stability. "The burden of excessive taxation has been placed on the people, yet the government claims financial abundance, which is at odds with the people's reality," he added, urging the government to revise its fiscal approach before more businesses are forced to close down.

In a passionate call to action, Rajapaksa urged citizens to unite politically at the grassroots level to oppose what he described as a fraudulent and incompetent government. He is determined to build a political movement that is grounded in the preservation of the nation’s identity, culture, and economic sovereignty for the younger generations of Sri Lanka.

As the nation grapples with these pressing issues, the call for accountability and economic reform resonates louder than ever, underlining the growing divide between the government and the people it serves.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

5 Comments

  1. KALAYA KANAWA MUN

    ReplyDelete
  2. Brilliant assessment of the current. Situation. Palam kokku won't understand these things. Slaves to party & party fund. What an abomination facing Sri Lanka. They bring this upon themselves. Suffer in hell Sri Lankans.

    ReplyDelete
  3. Basil mudal amathu karala guti kawa 😂😂

    ReplyDelete
  4. පවුල් පිටින් හොරකම් කරලා ගුටි කෑවා කියපන් පොඩි මයිනා....!

    ReplyDelete
Previous Post Next Post