යුපුන් ඩොලර් ලක්‍ෂ තුනක් ඉල්ලනවා.. එහෙම සල්ලි දෙන්න බෑ..- ක‍්‍රීඩා ඇමති

 


ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් විසින් ඉදිරිපත් කරන ලද අමෙරිකානු ඩොලර් ලක්ෂ තුනක (300,000) මූල්‍ය ඉල්ලීම ඉටු කිරීමට වත්මන් ක්‍රීඩා අමාත්‍යාංශයට හැකියාවක් නොමැති බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

යුපුන් අබේකෝන් යනු මෙරටට ජාත්‍යන්තර කීර්තියක් අත්කර දුන් දක්ෂ ක්‍රීඩකයෙකු බවත්, ඔහු සමඟ මේ පිළිබඳව අවස්ථා කිහිපයකදීම සාකච්ඡා කළ බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

දැනට ඉතාලියේ පදිංචිව සිටින යුපුන්, මීට මාස කිහිපයකට පෙර මෙරටට පැමිණි අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍යාංශයේදී මෙන්ම පාර්ලිමේන්තුවේදී ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇත.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් තමන්ට ඩොලර් ලක්ෂ තුනක මුදලක් ලබා දෙන බවට වාචිකව පොරොන්දු වූ බව යුපුන් පවසන බවයි.

කෙසේ වෙතත්, හිටපු අමාත්‍යවරයෙකු ලබා දුන් වාචික පොරොන්දු මත පදනම්ව රජයේ මුදල් ගෙවීමට වත්මන් අමාත්‍යාංශයට නීතිමය හැකියාවක් නොමැති බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

"අපි ක්‍රීඩකයින්ට ගෙවීම් කරන්නේ ඔවුන්ගේ වර්තමාන දක්ෂතාවයන් (Performance-based) පදනම් කරගෙනයි. ඒ සඳහා 'මිෂන් ඔලිම්පික්' වැනි විශේෂ වැඩසටහන් අප සතුව තිබෙනවා. යුපුන් අබේකෝන් ද අනෙකුත් ක්‍රීඩකයින් මෙන් එම ක්‍රමවේදය යටතේ ඉදිරිපත් වන්නේ නම් අවශ්‍ය පහසුකම් සැලසීමට අමාත්‍යාංශය සූදානම්. නමුත් පෞද්ගලිකව ඉල්ලන මෙවැනි විශාල මුදල් ප්‍රමාණයක් ලබා දීමට අපට අපහසුයි," යනුවෙන් ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

යුපුන් අබේකෝන් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇති බවට පළවන වාර්තා පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ අතර, ක්‍රීඩකයින්ගේ දක්ෂතාවය මත පදනම්ව ඔවුන් දිරිමත් කිරීමේ ප්‍රතිපත්තියක රජය සැමවිටම පසුවන බව ද අමාත්‍යවරයා පැවසීය.






No Funds Available for Athlete Uputh Abeykoon’s $300,000 Request, Sports Minister Says

The current Sri Lankan government lacks the capacity to fulfill a financial request amounting to $300,000 made by renowned sprinter Uputh Abeykoon, according to Sports Minister Sunil Kumara Damage. His comments came during a media briefing where he addressed the situation surrounding the athlete's funding needs.

Abeykoon, who has garnered international recognition for his accomplishments in athletics, has had several discussions with the Ministry of Sports regarding potential financial support. Currently residing in Italy, he previously visited Sri Lanka a few months ago, during which he also engaged in talks with Parliament about this issue.

Minister Damage revealed that Uputh had indicated his expectation of receiving this funding based on a verbal assurance from former Sports Minister Harin Fernando, who reportedly promised the amount. However, he emphasized that the present Ministry does not have the legal scope to disburse government funds based solely on former verbal commitments.

"Payments to athletes are made based on their current performance. We have specific programs like the 'Mission Olympic' for that. If Uputh Abeykoon, like other athletes, applies under such a framework, the Ministry is prepared to provide the necessary facilities. However, it is challenging for us to dispense large sums of money on a personal request," the Minister elaborated.

The Minister also addressed rumors surrounding Abeykoon’s potential retirement from competitive sports, reiterating that the government's policy is to motivate athletes based on performance, and that such considerations are always prioritized.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

17 Comments

  1. මර්ධණයට යොදා ගනිමින් පවත්වාගෙන යන ''කන්සා අවනීතිය'' වහා යතාවත් කරනූ,.!July 22, 2026 at 5:32 PM

    මර්ධණය තුළින් රාජ්‍ය පාළණය කිරීම සඳහා සුද්දා කෘෘර ලෙස පනවනාලද වහල් කෘෘර දූෂ්ඨ නීති රීති වෙනස් නොකරනා මාළිමාවට අනුර ජනපතිට හෝ, මාලිමා පකෂයට සම්බනධ කිසිවෙකුටත් කිසිඳු විටකත් කිසිඳු ජන්දයකින් කිසිඳු බළයක් ලබාගැනීමට කිසිඳු ඉඩකඩක් නොතබනා බව අවධානයට,.!

    ReplyDelete
    Replies
    1. නිල් කුමාර ගමගේ

      CAN RUN FATER THAN SUPUN

      Delete
  2. මර්ධණයට යොදා ගනිමින් පවත්වාගෙන යන ''කන්සා අවනීතිය'' වහා යතාවත් කරනූ,.!July 22, 2026 at 5:38 PM

    පුරවැසියන් සමග සම්බනධ වීමේ කළාව නොහඳුනන මාලිමා බළය විණාශකර..
    පාළකයාසහ පාළණය
    පිළිකුල් සහගත බවට පත්කර මාලිමාව අකල් මරණයට..!

    සමස්ථ ශ්‍රී ලාංකීය ජනතාව දේශීයතවයේ සුවඳ තැවරැන නිදහස අගයන නිවහල්ව තීන්දු තීරන ගතහැකි නව දේශපාළණ චින්තනයක් සහිත නායකත්වයක් අපේකෂා කරනා බව අවධානයට,.!

    ReplyDelete
  3. 2.5 million scams money why not paid to them... .?

    ReplyDelete
    Replies
    1. USE 2,500,000 USD


      GIVEN TO AUSI HACKER

      Delete
    2. Sorry,pelawatta paid only Malima hackers

      Delete
  4. යුපුන් තට්ට කුමාරයාම බොලෙ උස්සලා දුන්නා දැන් උබෙ වාරෙ

    ReplyDelete
  5. එහෙම ඉල්ලපු පලියට නොදෙන එක නං සාධාරණයි. ඔහුට අවශ්‍යනම් ආයතනික අනුග්‍රහයක් ලබාගෙන මුදල් හෙව්වට කමක් නෑ.

    ReplyDelete
  6. පලයන් පට්ට තකයා.

    ReplyDelete
  7. ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කෝච්ට මාසයකට ඩොලර් 65000 ගානේ ගෙවනවා. ඉතිං මූට අවුරුද්දකට ඩොලර් ලක්ෂ 3 දුන්නාට කමක් නෑ නේ.

    ReplyDelete
  8. අවුදුද්දකට ලක්ශ 3ක් දීපිය.

    ReplyDelete
  9. උට එපා වෙන්න සතෙ කාසි රුපියල්වලින් ලක්ෂ තුනක් ගෝනි විස්සක දාල දෙන්න.

    ReplyDelete
    Replies
    1. අදම දෙන්නද?
      හෙට දුන්නම මදිද?

      Delete
  10. ඒක හරි ඇමති තුමා. එක එකා ඉල්ලන ඉල්ලන වෙලාවට ඩොලර් දෙන්න අපි මහජන බැංකුවද? නේද?
    ඕනෙමනං පැලවත්තට ගොහිං අර ටිල්ලින් ආතගෙන්වත් ඉල්ලගන්න කියන්න.
    ඒ යකා ළඟ බිලියන ගානක් සල්ලි පුස්කනවා


    ReplyDelete
  11. Million 2k hakarunta puduwa pappala ne thopi

    ReplyDelete
  12. රටේ දකෂයින්ට මෙතෙක් කොයි ආන්ඩව තිබුනත් ඇපත් නෑ හුගක් දක්ස ඵවුන් රටෙත් නෑ!!!July 22, 2026 at 11:39 PM

    කුහක වනචාරී වහල් මෝඩ මූසලයන්ගේ රෑකඩ ආන්ඩු

    රජයේ හොරකං දූශන වංචා, මදිවට වහලුන්ගේ කිරිකැට් ගහන කාලකන්නි වෙනුවෙන් වියදං කරන මුදල් ළුක්ක බලද්දී නමක් තියපු ඵකෙකුට කුහකකං නැතුං ලකෂ පහක් දුන්නත් මදි මදි වගේ
    කාලකන්නි වහල් හැත්ත කිරිකැට් වලට මැරෙන්න හැදුවට රටේ දකෂයින්ට මෙතෙක් කොයි ආන්ඩව තිබුනත් ඇපත් නෑ හුගක් දක්ස ඵවුන් රටෙත් නෑ!!!

    ReplyDelete
Previous Post Next Post