මාස ගණනාවක් පුරා වසා දමා තිබූ තලෙයිමන්නාරම් දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමකින් තොරව, විෂය භාර අමාත්‍යවරයාගේ උපදෙස් මත අනාරක්ෂිත ලෙස දුම්රිය ධාවනය කිරීමට ගෙන ඇති පියවරට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සිය දැඩි විරෝධය පළ කර සිටියි.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසන්නේ, මගී ආරක්ෂාව පිළිබඳ අවම පහසුකම් හෝ සම්පූර්ණ නොකර මෙලෙස දුම්රිය ධාවනය ආරම්භ කිරීම බරපතල අනතුරුදායක තත්ත්වයක් බවයි.
වසරකට ආසන්න කාලයක් අලුත්වැඩියා කටයුතු සඳහා වසා තැබූ මෙම මාර්ගය, සංඥා පද්ධතිය යථා තත්ත්වයට පත් නොකරම හදිසියේ විවෘත කිරීමට දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ අමාත්‍යවරයාගේ බලපෑම මත බව ඔහු පෙන්වා දෙයි.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ සෝමරත්න මහතා මෙසේ ද සඳහන් කළේය.
"දිවයින පුරා දුම්රිය ස්ථාන රැසක මගී පහසුකම් සහ සංඥා පද්ධති යථා තත්ත්වයට පත් කිරීමේ ගැටලු පවතිනවා. තලෙයිමන්නාරම් මාර්ගය මාස ගණනාවක් වසා තබා දැන් හදිසියේ විවෘත කරන්නේ සංඥා පද්ධතිය ක්‍රියා විරහිතව තිබියදීයි. අමාත්‍යවරයා නිලධාරීන්ට පවසන්නේ කෙසේ හෝ දුම්රිය ධාවනය කරවන ලෙසයි. නමුත් අනතුරක් සිදු වුවහොත් එහි වගකීම භාර ගන්නේ කවුද?"
තමන් රජයට විරුද්ධ නොවන නමුත්, වෘත්තීය සමිතියක් ලෙස මගී ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින අවදානම පිළිබඳව නිහඬව සිටිය නොහැකි බව සභාපතිවරයා අවධාරණය කළේය. නිසි ක්‍රමවේදයකින් තොරව සහ සංඥා පද්ධති අක්‍රීයව පවතින පසුබිමක දුම්රිය ධාවනය කිරීමට ගෙන ඇති මෙම තීරණය වහාම නතර කළ යුතු බවත්, මගී ජීවිත අවදානමේ හෙළන මෙවැනි ක්‍රියාවන්ට සිය සංගමය එකඟ නොවන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
Railway Station Masters Association Opposes Unsafe Train Operations at Thalaimannar
The Railway Station Masters Association has expressed strong opposition to the decision to resume train operations on the Thalaimannar railway line without restoring its signaling system, which has been closed for maintenance for several months. This controversial move has been prompted by directives from the relevant minister.
Chairman of the Railway Station Masters Association, Sumedha Somaratna, emphasized that initiating train services with minimal or no safety measures poses a significant risk to passenger safety. He highlighted the serious implications of operating trains on a line that has not been fully prepared or equipped for safe travel.
Somaratna noted that the line had been inoperative for nearly a year due to maintenance, and the decision to reopen it abruptly was influenced by ministerial pressure without ensuring the signaling system was functional. This has raised concerns among railway officials regarding the safety of passengers.
He further remarked, "Across the country, there are ongoing issues with restoring passenger facilities and signaling systems at various train stations. The Thalaimannar route has been closed for months, and reopening it suddenly while the signaling system remains inactive is alarming. The minister has insisted that train operations must resume at any cost. However, who will take responsibility if an accident occurs?"
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මේ amathiya තමයිලු ලෝකෙටම ලොක්කා. හික්..හික්
ReplyDeleteමේ යනවිදිහට මුන් පර දිගේම නුවර කෝච්චිය තල්ලු කරනවා
ReplyDeleteමේ අවුරුද්දෙ පාරෙන් හරි නුවරට කෝච්චිය අරන් යනව.
ReplyDelete