අධිකරණය රත්වේ.. හදිසි විනිසුරු මාරු, බලපෑම්, ඉල්ලා අස්වීම් මැද විනිසුරු සංගමයේ අද විශේෂ රැස්වීමක්..


විනිසුරු ධුර කාලය දීර්ඝ කිරීම සඳහා රජය දරන උත්සාහයත් සමඟ මෙරට අධිකරණ ක්ෂේත්‍රය තුළ දැවැන්ත අර්බුදයක් නිර්මාණය වී ඇති බවත් මෙම තත්ත්වය හමුවේ අධිකරණ සේවා සංගමයේ (JSA) විශේෂ මහ සභා රැස්වීමක් අද (11) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත බවත් මාධ්‍යවේදී සරෝජ් පතිරණ මහතා සිය ‘සංදේශය’ යූටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණය කරයි.

අගවිනිසුරුවරයාගේ ධුර කාලය වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජය දරන උත්සාහය අධිකරණ ක්ෂේත්‍රය තුළ දැඩි කැළඹීමකට හේතු වී ඇති බවත් මෙම යෝජනාවට අධිකරණ සේවා සංගමයේ බහුතරයක් විනිසුරුවරුන් විරෝධය පළ කර ඇති අතර, එය අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල වන බරපතළ තර්ජනයක් ලෙස ඔවුන් සලකන බව ද එහි සඳහන් වේ.

මෙම අර්බුදය තවදුරටත් උත්සන්න කරමින්, අධිකරණ සේවා සංගමයේ සභාපති පසන් අමරසේන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු රජයේ මෙම යෝජනාවට පක්ෂපාතී ස්ථාවරයක සිටි බවත්, සංගමයේ විධායක කමිටුව සහ බහුතර සාමාජිකත්වය ඊට එරෙහි වීමත් මෙම ඉල්ලා අස්වීමට හේතු වී ඇති බවත් වාර්තා වේ. අමරසේන මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය මගින් සංගමයේ ලේකම්වරයා ඇතුළු පිරිසකට බරපතළ චෝදනා එල්ල කර ඇති අතර, ලේකම් සුරංග මුණසිංහ මහතා එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් අද දින රැස්වීම සැලසුම් කළ පරිදි පවත්වන බව දැනුම් දී ඇතැයිද වීඩියෝවෙන් පවසයි.

අගවිනිසුරුවරයාගේ ධුර කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහි වන විනිසුරුවරුන්ට විවිධ බලපෑම් එල්ල වන බවට ද තොරතුරු අනාවරණය වන බවත් වැටුප් වර්ධක අත්හිටුවීම, විදේශ සංචාර අවලංගු කිරීම සහ විනය පරීක්ෂණ පවත්වන බවට තර්ජනය කිරීම වැනි ක්‍රියාමාර්ග හරහා විනිසුරුවරුන් මර්දනය කිරීමට උත්සාහ දරන බව සරෝජ් පතිරණ මහතා පෙන්වා දෙයි. මීට අමතරව, මෙම යෝජනාවට විරුද්ධ වූ ඉසුරු නෙත්තිකුමාර සහ උද්දාල සුවඳුරුගොඩ වැනි ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් හදිසියේම මාරු කර යැවීම ද ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහට ලක්ව ඇත.

අද දින පැවැත්වෙන විශේෂ මහ සභා රැස්වීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේ පැවැත්වීමට මුලින් සැලසුම් කර තිබුණ ද, ඊට අවසර නොලැබීම හේතුවෙන් එය කඩුවෙලට මාරු කිරීමට සිදු වූ බව ද මෙම රැස්වීමේදී අගවිනිසුරුවරයාගේ ධුර කාලය දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් රහස් ඡන්දයක් විමසීමට ද නියමිත බවත් වාර්තාවෙන් කියයි.

අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතා සිය වෘත්තීය ජීවිතය ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ආරම්භ කර ඇති අතර, පසුව මානසික ආබාධයක් හේතුවෙන් වෛද්‍ය හේතූන් මත ඉන් ඉවත් වී ඇති බවත්, එවැනි පසුබිමක් සහිත පුද්ගලයෙකුගේ ධුර කාලය දීර්ඝ කිරීමට රජය මෙතරම් උත්සාහයක් දරන්නේ මන්දැයි අධිකරණ ක්ෂේත්‍රය තුළ බරපතළ ප්‍රශ්නාර්ථයක් මතු වී ඇති බව ද මෙම වාර්තාව මගින් වැඩිදුරටත් අවධාරණය කෙරේ.






Crisis Erupts in Sri Lanka's Judiciary Over Proposal to Extend Chief Justice's Tenure

A looming crisis within Sri Lanka's judicial system has surfaced amid government efforts to extend the tenure of the Chief Justice by two years through a constitutional amendment. This unrest has prompted the Judicial Services Association (JSA) to convene a special general meeting today at the Kaduwela Magistrate's Court premises, as revealed by prominent media figure Saroj Pathirana via his YouTube channel.

President Anura Kumara Dissanayake's initiative to modify the constitution has sparked significant turmoil in the legal community. A majority of judges from the Judicial Services Association have vehemently opposed the proposal, deeming it a severe threat to the independence of the judiciary.

The growing discontent has led to the resignation of JSA President Pasan Amarasinghe, who reportedly held a pro-government stance on the matter. This decision was influenced by opposition from the executive committee of the association and a considerable portion of its membership, as Amarasinghe’s resignation letter contained serious allegations against several members, including Secretary Suranga Munasinghe. Munasinghe has denied these allegations and stated that the scheduled meeting would proceed as planned.

Emerging reports indicate that judges opposing the proposal are facing various pressures, including threats of salary freezes, revoked travel permissions, and disciplinary investigations. These tactics aim to suppress dissent among the judiciary, according to Saroj Pathirana. Moreover, the sudden transfer of senior judges like Isuru Neththikumara and Uddala Suwandurugodage has raised eyebrows, igniting extensive discussions within legal circles.

Originally set to take place at the Colombo Magistrate's Court, the special general meeting was relocated to Kaduwela due to permission issues. The meeting aims to address concerns regarding the proposal to extend the Chief Justice's term, including potentially conducting a secret ballot on the matter.

The current Chief Justice, Priyith Padman Surasena, began his career with the Sri Lanka Navy before stepping away due to medical reasons associated with mental health. This background has led to heightened questions about the rationale behind the government's push for an extension under such circumstances, further deepening the discourse on the future of the judiciary.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

2 Comments

  1. Lapa kota sape,

    Tho oka karannada awe ,

    thota eleenna aneleth nathiwenawa

    ReplyDelete
  2. ගරු විනිසුරුවරුනි! පොදු ජනතාවට විශ්වාසය තැබිය හැකි එකම තැන ගරු අධිකරණය පමණයි. ළග නොබලන්න දුරම බලන්න, ගරු අධිකරණයෙ ස්වාධීනත්වය වෙනුවෙන් ම තීරණ ගන්න.

    ReplyDelete
Previous Post Next Post