රුසියාව පුරා මේ වන විට දරුණු ඉන්ධන හිඟයක් මතුව ඇති අතර, ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් නිර්මාණය වීම සහ ඉන්ධන භාවිතය සඳහා හදිසි සීමා පැනවීම් වාර්තා වන බව විදෙස් මාධ්‍ය පවසයි.
රුසියාව තුළ ඉන්ධන හිඟයක් පවතින බව ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද පසුගිය ජූනි මස අගභාගයේදී ප්‍රථම වතාවට නිල වශයෙන් පිළිගත්තේය.
බලශක්ති විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ රුසියාවේ තෙල් පිරිපහදු සහ ඉන්ධන යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් එල්ල වූ අඛණ්ඩ ප්‍රහාර හේතුවෙන් එරට පිරිපහදු ධාරිතාව සියයට 25ත් 33ත් අතර ප්‍රමාණයකින් පහළ ගොස් ඇති බවයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස දේශීය පෙට්‍රල් නිෂ්පාදනය සියයට 17කින් පමණ අඩු වී තිබේ.
පවතින අර්බුදය හමුවේ ප්‍රදේශ කිහිපයකට ඉන්ධන සලාක ක්‍රම හඳුන්වා දී ඇති අතර, ක්‍රිමියා (Crimea) කලාපයේ තත්ත්වය අතිශය දරුණු වී ඇත.
එහිදී හමුදාවට, හදිසි සේවා සහ රජයේ මෙහෙයුම් සඳහා ඉන්ධන ලබාදීමට ප්‍රමුඛතාවය ලබා දී තිබේ. රුසියාවේ අනෙකුත් ප්‍රදේශවල ද ඉන්ධන පිරවුම්හල් අසල ජනතාවට පැය ගණනාවක් රැඳී සිටීමට සිදුව ඇති බව වාර්තා වේ.
මෙම ඉන්ධන හිඟය රුසියාවේ කෘෂිකාර්මික ක්ෂේත්රයට ද දැඩි බලපෑමක් එල්ල කරමින් පවතී. අස්වනු නෙළන කාලය එළඹ ඇති බැවින් ගොවි යන්ත්‍රෝපකරණ සඳහා අවශ්‍ය ඩීසල් ලබාගැනීම පිළිබඳව ගොවීන් දැඩි අවුලකට පත්ව සිටිති. මෙය ඉදිරියේදී එරට ආහාර නිෂ්පාදනයට ද බලපෑ හැකි බවට අනතුරු ඇඟවේ.
තත්ත්වය පාලනය කිරීම සඳහා රුසියානු රජය ඉන්ධනවල ගුණාත්මක ප්රමිතීන් තාවකාලිකව ලිහිල් කර ඇති අතර, වසර අවසානය දක්වා වැඩි සල්ෆර් ප්‍රමාණයක් සහිත ඉන්ධන නිෂ්පාදනයට පිරිපහදුවලට අවසර දී තිබේ.
ලොව ප්‍රධානතම බලශක්ති අපනයනකරුවෙකු වුවද, පවතින දේශීය ඉල්ලුම සපුරාලීම සඳහා රුසියාවට මේ වන විට පිරිපහදු කළ පෙට්‍රල් ආනයනය කිරීමට ද සිදුව ඇති බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.
Severe Fuel Shortage Grips Russia, Prompting Emergency Measures
Russia is currently experiencing a significant fuel shortage, leading to long queues at gas stations and the implementation of emergency usage restrictions, as reported by international media outlets.
This crisis was officially acknowledged by President Vladimir Putin for the first time in late June, highlighting the growing concern over the nation's fuel supply.
Energy analysts attribute the situation to ongoing attacks targeting oil production and fuel infrastructure in Russia, which have resulted in a 25% to 33% reduction in the country’s refining capacity. Consequently, domestic petrol production has plummeted by approximately 17%.
In response to the ongoing crisis, several regions have introduced fuel rationing systems, with conditions in the Crimea region particularly severe.
The government has prioritized fuel distribution for military, emergency services, and state operations. Reports indicate that people in other areas of Russia have been forced to wait for hours at gas stations.
The fuel shortage is severely impacting Russia’s agricultural sector. With the harvest season approaching, farmers are facing challenges in securing diesel fuel necessary for agricultural machinery, raising concerns about future food production in the region.
To manage the situation, the Russian government has temporarily relaxed fuel quality standards and permitted the production of fuels with higher sulfur content, effective until the end of the year.
Despite being a major global energy exporter, reports indicate that Russia is now resorting to importing refined petrol to meet its domestic demand.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

දැන් රුසියාවේ බයියො කියනව ඇති පුටින්ට ඉල්ලා අස්වෙන්න කියල. එහෙම නැත්නම් කියනව ඇති පුටින්ට අත්දැකීම් නැහැ කියලා.
ReplyDelete