මේ සැරේ ඩෙංගු වැඩි ප‍්‍රභේදය වෙනස් නිසා.. රජයට වඩා වගකීමක් ජනතාවට තියෙනවා..


 ඩෙංගු රෝගීන්ගේ වර්ධනයට ප්‍රධානතම හේතුව වෛරස් ප්‍රභේදයේ සිදුව ඇති වෙනස බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.

සාමාන්‍යයෙන් වසර හතරකට වරක් මෙවැනි වෛරස් ප්‍රභේදයන්ගේ වෙනස්වීම් නිසා රෝගීන් වාර්තා වීම ඉහළ යන බව ඒ මහතා පෙන්වා දුන්නේය.

කෝට්ටේ ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ ඩෙංගු මර්දන ක්ෂේත්‍ර පරීක්ෂාවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඩෙංගු මදුරුවන් බෝවීම පාලනය කිරීමේදී රජයට වඩා ජනතාවට විශාල වගකීමක් පවතින බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

"ඩෙංගු මදුරුවා බෝවෙන්නේ සාමාන්‍ය කානු පද්ධතිවලට වඩා තමන්ගේ නිවෙස්වල එකතු වන පිරිසිදු ජලය තුළයි. ඒ නිසා තමන්ගේ වටපිටාව පිරිසිදුව තබාගැනීමේ වගකීම ගෘහණියන් ඇතුළු නිවැසියන් සතු වෙනවා" යැයි ඔහු පැවසීය.

ප්‍රදේශයේ පවතින අත්හැර දමා ඇති නිවාස සහ ඉඩම් ඩෙංගු මදුරුවන් බෝවන ප්‍රධාන මධ්‍යස්ථාන බවට පත්ව ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එවැනි ස්ථාන සම්බන්ධයෙන් ගත යුතු ප්‍රතිපත්තිමය තීරණ පිළිබඳව නගර සභාව සමඟ සාකච්ඡා කර කඩිනම් පියවර ගන්නා බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

පවතින වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බවත්, විධිමත් කළමනාකරණයක් හරහා රෝග ව්‍යාප්තිය අවම කිරීමට රජය කැපවී සිටින බවත් චතුරංග අබේසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.





Virus Variation Drives Increase in Dengue Cases, Says Minister

The recent surge in dengue patients can largely be attributed to changes in the virus strain, emphasized Chaturanga Abeysinghe, the Deputy Minister of Industry and Entrepreneurship Development. These virus variations typically lead to a spike in reported cases roughly every four years, he noted.

Speaking during a field inspection aimed at controlling dengue in the Kottawa area, the Deputy Minister highlighted the crucial role of the general public in combating the breeding of dengue-carrying mosquitoes. He pointed out that contrary to popular belief, mosquitoes do not primarily breed in common drainage systems but rather in clean water that accumulates around residential properties. Thus, maintaining a clean environment is a responsibility shared by all residents, including householders.

Abeysinghe also pointed out that abandoned houses and vacant plots within the area have become major breeding grounds for dengue mosquitoes. He indicated that discussions regarding policy decisions to address such locations will be held with the municipal council to take prompt action.

The Deputy Minister reiterated the vital importance of public cooperation in managing the ongoing dengue outbreak, stating that the government remains committed to minimizing disease transmission through effective management strategies.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

6 Comments

  1. වගකීමක් ගන්න බෑරි පොන්න JVP හෑත්ත....මේවා නිසා තමා අපේ රට අද කාඩිනල් කොටියා අතට පත්වෙලා තියෙන්නේ ....තුහ්හ්..... තිරිසන් ගල්කටස් මිනීමරුවෝ....හිරේ ඉන්න ඕනා උන් රාජ්ජපාලනයේ....තිරිසන් පච රෑල ....

    ReplyDelete
    Replies
    1. මුංට තේරෙන්නේ නෑ ප්‍රබෙිදය වෙනස් නිසා නොවෙයි ඩෙංගු මදුරුවෝ වැඩි නිසයි ලෙඩ වැඩි වෙන්නේ කියා. නගර සභාවල සහ ප්‍රාදේශීය සභාවල කුණු එකතු කරපු උන් මාලිමාවෙන් ඒවායේ මන්ත්‍රීන් උනාම කුණු අදින උන් නෑ.

      Delete
  2. පොල් කුඩ්ඩා දන්න මඟුලක් නෑ ඒ වුණාට හැමදේටම කට දානවා. මොන උත්තිගෙ පුතෙක්ද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. මුං එදත් කරේ මිනී මරලා අපි නෙවෙයි මැරුවෙ ,අපේ සංවිධානයේ කෙනෙක් නෙවෙයි මැරුවෙ එහෙම කෙනෙක් අපේ සංවිධානයේ නෑ වගේ දේවල් කියලා වගකීමෙන් ඉවත්වීම දැන් මෙකා කරන්නෙත් එකම තමයි මූ මුගේ තාත්තා ගෙන් ටියුෂන් ගන්නවා හොදට. මුගේ මූණ බැලුවම ඩිප්‍රෙෂන් හැදෙනවා ඉදකින් මෙහෙම හාල් පරුවෝ

      Delete
  3. What Chathurange? This new Dengu mosquito propagate in clean water at homes? Holy cow! What an investigation. I sm sure all JVPers believe this nonsense. Do clean Colombo and suburbs. You stupid useless fellow.

    ReplyDelete
  4. මෙච්චර ආණ්ඩු තිබුණා ඔච්චර නහයෙන් ඇඩුවෙ නෑ. වැරදුනා ම බෝල පාසල් කරන්න තමා දන්නේ.

    ReplyDelete
Previous Post Next Post