විනිසුරු වයස වැඩි කරන කැබිනට් තීන්දුව මෙන්න...


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 146 වන ව්‍යවස්ථාව ප්‍රකාරව, අභියාචනාධිකරණයේ අධිකරණ බලය ප්‍රාදේශීයව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන් සංඛ්‍යාව ඉහළ නැංවීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත.

අපරාධ සම්බන්ධයෙන් මුල් අවස්ථා අධිකරණ බලය ඇති පළාත් බද මහාධිකරණවල සහ සිවිල් අභියාචනා බලය පවතින සිවිල් අභියාචනා මහාධිකරණවල පවතින ඉහළ නඩු සංඛ්‍යාව ප්‍රමාදයකින් තොරව විසඳීම සඳහා මහාධිකරණ විනිශ්චයකාරවරුන් සංඛ්‍යාව ද ඉහළ නැංවිය යුතුව තිබේ.

එමෙන්ම, අධිකරණ ප්‍රමාණය ඉහළ නැංවීම සහ ප්‍රාදේශීයව අභියාචනාධිකරණ ක්‍රියාත්මක කිරීම හේතු කොට ගෙන එම අධිකරණ වලට පළපුරුදු සහ විද්වත් විනිශ්චයකාරවරුන්ගේ සේවය ලබා ගැනීමට හැකි වන පරිදි විනිශ්චයකාරවරුන්ගේ දැනට පවතින ව්‍යවස්ථාපිත විශ්‍රාම ගත යුතු වයස ඉහළ නැංවීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත.

ඒ අනුව, අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරමින් අධිකරණ ක්‍රියාවලිය කාර්යක්ෂම සහ විධිමත් කිරීම පිණිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතසංශෝධනය කිරීම සඳහා කෙටුම්පත් සකස් කිරීමට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.






Increase in Supreme Court Judges Recommended to Enhance Local Appeal Court Efficiency

The necessity of raising the number of judges in appellate courts to implement the judicial power of the Supreme Court in a more localized manner has been recognized in accordance with Article 146 of the Constitution.

The High Courts designed to handle criminal matters in provinces and the Civil Appeal Courts laden with a substantial backlog of cases require a significant increase in judges to expedite resolution without undue delays.

Furthermore, the recognition of expanding the judicial workforce and the local implementation of appellate courts highlights the need to raise the mandatory retirement age of judges, allowing for the acquisition of experienced and knowledgeable professionals to serve in these courts.

In light of ensuring judicial independence, the proposal presented by the Minister of Justice and National Integration to draft amendments to enhance judicial efficiency and organization through the amendment of the Judicial Service Organization Act No. 2 of 1978 has been approved by the cabinet.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

6 Comments

  1. ඒකාධිපති පාලනයක් සදහා මුල් පියවර. අධිකරණ පද්ධතිය හීලෑ කිරීම.

    ReplyDelete
    Replies
    1. ඇත්ත, අනුන්ට වහල්ලු කියන මාලිමාවේ උපන්ගෙයි වහල්ලුන්ට නොතේරෙන ඇත්ත ඕක තමයි.

      Delete
  2. අවංක විනිසුරුවරු ඔය extension ගන්නෙ නැහැ, ඒ ගොල්ලො නම් බුකාර විදිහට විශ්‍රාම යනව​. බොරුද බලපල්ල​.

    ReplyDelete
  3. කවුරුවත් ඔය එක්ස්ටෙන්ශන් ගන්නෙ නෑ. ලපයාත් එක්ක වැඩ කරොත් ගූ බව දන්නවා. නම්බු පිටින් විශ්‍රාම යෑම හොදයි.

    ReplyDelete
  4. බලමු කව්ද ගන්නේ කියල

    ReplyDelete
Previous Post Next Post