ඇමරිකාවෙන් යලිත් ඉරානයට දරුණු ගුවන් ප‍්‍රහාර.. සාමය ඉවරයි.. තෙල් ගිවිසුම් අත්හිටුවයි..

 


ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධියේ යාත්‍රා කළ වාණිජ නෞකාවලට එල්ල කරන ලද ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන්, ඇමරිකානු හමුදා එරට දකුණුදිග බන්ඩර් අබ්බාස් වරාය නගරයේ පිහිටි හමුදා ඉලක්ක වෙත ප්‍රබල ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. මෙම ප්‍රහාරවලින් ඉරානයේ ප්‍රධාන ගුවන් තොටුපළක් සහ හමුදා මධ්‍යස්ථාන කිහිපයක් ඉලක්ක වූ බව වාර්තා වේ.

තුර්කියේ අන්කාරා නුවර පැවැත්වෙන නේටෝ  සමුළුවට සහභාගී වී සිටින ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සෘජු නියෝගය මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

ඉරානය විසින් ජාත්‍යන්තර මුහුදු සීමාවේ යාත්‍රා කළ සිවිල් වාණිජ නෞකා තුනකට එල්ල කළ ප්‍රහාරයන්, දෙරට අතර පැවති තාවකාලික සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කිරීමක් බව ඇමරිකාව අවධාරණය කරයි.

ඇමරිකානු මධ්‍යම විධානය නිවේදනය කළේ, ඉරාන රෙජීමයේ ගුවන් ආරක්ෂණ පද්ධති, ඩ්‍රෝන යානා මධ්‍යස්ථාන සහ වරාය පහසුකම් විනාශ කිරීම සඳහා මෙම ප්‍රහාර එල්ල කළ බවයි. 

හමුදා ප්‍රහාරවලට සමගාමීව, ඉරානයට එරෙහිව පනවා තිබූ ආර්ථික පීඩනය තවදුරටත් දැඩි කිරීමට ජනාධිපති ට්‍රම්ප් පියවර ගෙන ඇත. ඒ අනුව, ඉරානයට ලෝක වෙළඳපොළට තෙල් සහ පෙට්‍රෝ රසායනික නිෂ්පාදන අලෙවි කිරීමට ලබා දී තිබූ විශේෂ අවසර පත්‍රය (General License X) වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබේ.

පසුගිය ජුනි 22 වනදා ලබා දුන් මෙම සහනය අගෝස්තු 21 දක්වා වලංගුව පැවති නමුත්, ඉරානය ගිවිසුම් කඩ කිරීම හේතුවෙන් එය අත්හිටුවීමට ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ලෝක තෙල් අවශ්‍යතාවයෙන් 20%ක් පමණ ප්‍රවාහනය කෙරෙන හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු කිරීම තම අරමුණ බව ඇමරිකානු බලධාරීහු පවසති.

"ප්‍රචණ්ඩත්වයට පිළිතුර ප්‍රචණ්ඩත්වයම වනු ඇත" යන දැඩි ස්ථාවරයක සිටින ජනාධිපති ට්‍රම්ප්, ඉරානය දිගින් දිගටම මෙවැනි ප්‍රකෝපකාරී ක්‍රියාවල නිරත වන්නේ නම් ඉදිරියේදී තවදුරටත් දැඩි පියවර ගන්නා බවට අනතුරු අඟවා තිබේ.





U.S. Launches Strikes Against Iran in Response to Maritime Attacks

In a swift military response to recent attacks on commercial vessels in the Strait of Hormuz, U.S. forces have executed a series of powerful strikes targeting military installations in the port city of Bandar Abbas, southern Iran. Reports indicate that the strikes primarily focused on key airbases and several military centers across Iran.

This operation was initiated following a direct order from U.S. President Donald Trump during discussions at the NATO summit held in Ankara, Turkey.

The United States has emphasized that Iran's assaults on three civilian commercial ships operating in international waters constitute a violation of the temporary ceasefire agreement previously established between the two nations.

According to the U.S. Central Command, the strikes were strategically aimed at dismantling Iran's air defense systems, drone operational centers, and port facilities.

Alongside the military action, President Trump has taken further steps to intensify economic pressure on Iran. He has swiftly revoked the General License X, which had previously allowed Iran to trade oil and petrochemical products in the global market.

This license, granted on June 22 and valid until August 21, was suspended due to Iran's breach of the agreements, as decided by the U.S. Department of the Treasury.

U.S. officials stress that their primary objective is to ensure the security of the Strait of Hormuz, a crucial maritime route that accounts for approximately 20% of global oil shipments.

With a firm stance, President Trump warned that "the response to aggression will be aggression." He indicated that should Iran continue its provocative actions, the U.S. would be prepared to take even more severe measures in the future.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

4 Comments

  1. Good job. Kill Iran jihaad hambayas 🐖

    ReplyDelete
  2. #WIMALGEGANIGOHOME

    ReplyDelete
  3. Just finish the regime Mr Trump.We are with you

    ReplyDelete
Previous Post Next Post