කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතාට අයත් පානදුර නගරයේ පිහිටි නිවසක් බිඳ රිදී කරඬුවක් සොරාගෙන ඇති බව පානදුර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි.
පොලිසිය සඳහන් කරන්නේ නිවසේ වහලයේ උළු කැට කිහිපයක් ඉවත් කර සැකකරුවන් නිවස තුළට ඇතුළු වී ඇති බවයි.
එහි තිබූ වටිනා රිදී කරඬුවක් සොරාගෙන ඇති බවට මෙතෙක් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සොරකම සිදුකිරීමෙන් අනතුරුව සැකකරුවන් නිවසේ පිටුපස දොර විවෘත කරගෙන පලාගොස් ඇති බවට පරීක්ෂණවලදී හෙළි වී ඇත.
මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව පානදුර දකුණ මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
Robbery at Residence of Kalutara District MP Chandima Hettiarachchi
In a startling turn of events, a residential property belonging to Kalutara District Parliament member Chandima Hettiarachchi in Panadura was targeted by burglars who absconded with a valuable silver chandelier, according to local police reports.
Authorities revealed that the suspects gained entry into the house by removing several tiles from the roof. Initial investigations have confirmed that the stolen item was indeed the prized chandelier.
Following the theft, it emerged that the suspects fled through a back door, eluding capture quickly after the crime was committed.
In response to a complaint filed regarding the incident, the Panadura South Police are conducting further inquiries to uncover more details surrounding the burglary.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

89 පන්සලකින් උස්සපු එකක්.
ReplyDeleteරීදී කරඩුවක් විතරක් වෙන්න බෑ. සල්ලි සහ රත්තරන් බඩු ඇති. වත්කම් ප්‍රකාශය නොන්ඩි වෙයි කියලා මූ ඇත්ත සගවනවා. මූට එල්ලලා ගහලා ඇත්ත ලිස්ට් එක සොයාගන්න වෙනවා.
ReplyDelete1988,89 කාලයේ පන්සල් වලට ප්‍රහාර සිදුකර මංකොල්ල කන ලද වටිනා පුරා වස්තු එම ප්‍රහාරයන් ට සම්බන්ධ වූ අය සතුව ඇති බව වාර්තා වේ.
ReplyDelete