දොස්තරලාට ඇඟිලි සලකුණු යන්ත්‍ර ගෙන එයි.. දොස්තරලා බෑ කියයි..

 


කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පිහිටි ප්‍රධාන පෙළේ පුද්ගලික රෝහල් කිහිපයක්, එහි සේවය කරන වෛද්‍යවරුන්ගේ පැමිණීම සහ පිටවීම සලකුණු කිරීම සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය අනිවාර්ය කිරීමට පියවර ගෙන තිබේ.

නව ක්‍රමවේදයට අනුව, සේවා මුර සඳහා වාර්තා කිරීමේදී සහ සේවය නිමවා පිටවීමේදී ඇඟිලි සලකුණු යන්ත්‍රය මගින් තමන්ගේ පැමිණීම සලකුණු කිරීම වෛද්‍යවරුන්ට අනිවාර්ය වේ.

පුද්ගලික රෝහල්වල හෙද කාර්ය මණ්ඩලය සහ අනෙකුත් සෞඛ්‍ය සේවකයන් සඳහා මෙම ක්‍රමය මීට පෙර සිටම ක්‍රියාත්මක වූ අතර, එය වෛද්‍යවරුන් සඳහා ද ව්‍යාප්ත කිරීමට රෝහල් පාලනාධිකාරීන් තීරණය කර ඇත.

කෙසේ වෙතත්, මෙම නව තීරණය සම්බන්ධයෙන් පුද්ගලික අංශයේ සේවය කරන වෛද්‍යවරුන් සිය අප්‍රසාදය පළ කරති. විශේෂයෙන්ම සාමාන්‍ය වෛද්‍යවරුන් සඳහා පුද්ගලික රෝහල් මගින් ගෙවනු ලබන දීමනා ප්‍රතිශතය ඉතා අඩු මට්ටමක පවතින බවත්, එවැනි පසුබිමක මෙවැනි දැඩි නීති රීති පැනවීම නිසා තමන් දැඩි වෘත්තීය දුෂ්කරතාවන්ට පත්වන බවත් ඔවුහු පෙන්වා දෙති.

දැනට මෙරට පුද්ගලික රෝහල් පද්ධතිය තුළ බහුලව සේවය කරනු ලබන්නේ පෞද්ගලික වෛද්‍ය පීඨවලින් හෝ විදේශීය වෛද්‍ය පීඨවලින් උපාධිය ලබා සුදුසුකම් ලැබූ වෛද්‍යවරුන්ය. මීට අමතරව, රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් ද සිය අමතර රාජකාරියක් ලෙස සේවා මුර ක්‍රමය යටතේ පුද්ගලික රෝහල්වල සේවය කරති.

3 Comments

  1. Nice one to monitor Government Workers LOL

    ReplyDelete
  2. කතාව ඇත්ත මහා ලොකුවට ආටෝපය තිබුණට පුද්ගලික රෝහල් වල වයිද්‍ය පැත්ත ඉතාම දුර්වලයි අපේ දොස්තර විශේෂඥ යා එන් නේ දවසට එක්වරයි අනිත් වෙලාවට එතැන ඉන්නේ තරුණ දොස්තරලා එහෙමත් නැතිනම් රාජ්ය සේවයේ හිටපු විශ්‍රාම ගිය සාමාන්‍ය දොස්තරලා විශේෂඥ වෛද්‍ය වරු ඒවයෙ ඉන්නේ බොහොම අඩුවෙන් ඒ ඉන්නෙත් බොහොම අත් දැකීම අඩු තරුණ විශේෂඥ යෝ රාජ්ය රෝහල් වල විශේෂඥ වායිද්‍ය වරු රෙජිස්ටර්වරු ජූනියර් රෙජිස්ටර් වරු සීනියර් දොස්තරලා සීමාවාසික දොස්තරලා ආදී සියලුම දොස්තර වරු ඉන්නවා . හෙද කාර්ය මණ්ඩල පවා රජයේ රෝහල් වල ඉන්න අය බොහොම දක්ෂයි පුද්ගලික අංශයේ හෙද කාර්ය මණ්ඩල වලට පුහුණුව අඩුයි.. මේ ලියන්නේ අත් දැකීම් තිබෙන නිසා. ඒවගේම තමයි පුද්ගලික රෝහලේ අපි ලොකු මහාචාර්ය හෝ ප්‍රසිද්ධ කෙනෙක් නම් අපේ දොස්තර අපේ ලෙඩාට අමාරු උනාම රෝහලේ දොස්තරලා බයයි බෙහෙත් දෙන්න ඉතින් කරන එකම දේ ඒවගේ වෙලාවට ලෙඩා icu දාලා එකෙනුත් ගා න කපන එක අපේ දොස්තර එනකම්. වැරදිලා වත් රජවරු යන රෝහල වලට යන්න එපා ගෙවන්න ත් රජවරුන් ට තිබෙන මැණික් රත්තරන් භාණ්ඩාගාර යක් තියෙන්න ඕන. ලස්සන කාමර වැසිකිළි වළට නමට පුද්ගලික රෝහලට ගිහිල්ල නිකං මැරෙන්න එපා

    ReplyDelete
  3. ජයලත් දුරයගේ චමින්ද ජයලත්July 2, 2026 at 1:39 AM

    රජය ඉතින් හැම විටම මහජන සේවයේ. හොඳ වැඩ මේවා.

    ReplyDelete
Previous Post Next Post