අපි ඉරිදා ඉඳන් සූදානමින් හිටියා.. ඒත් සහාය ඉල්ලුවේ සඳුදා උදේ..- මීලමු බන්ධනාගාර ගැටුම ගැන නි. පොලිස්පති


 මීගමුව බන්ධනාගාරයේ ඇති වූ දරුණු ගැටුම පාලනය කිරීම සඳහා පොලිසියේ සහ විශේෂ කාර්ය බලකායේ සහාය ලබා ගැනීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන ඇත්තේ ගැටුම ආරම්භ වී දිනකට පසුව බව අපරාධ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු මහතා අනාවරණය කරයි.

'දෙරණ Big Focus' වැඩසටහනට එක්වෙමින් ඔහු කියා සිටියේ, ඉරිදා (05) දිනයේ සිටම පොලිසිය බන්ධනාගාරයෙන් පිටත සූදානමින් සිටිය ද, බන්ධනාගාර බලධාරීන්ගෙන් නිල ඉල්ලීමක් ලැබෙන තෙක් ඇතුළට යාමට නීතිමය අවකාශයක් නොතිබූ බවයි.

රැඳවියන් විසින් බන්ධනාගාරයේ ඖෂධ ගබඩාව බිඳ එහි තිබූ ඖෂධ වර්ග අධික ලෙස පානය කර මත් වී සිටීම හේතුවෙන් සඳුදා උදෑසන වන විට තත්ත්වය ඉතා දරුණු අතට හැරී තිබූ බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දුන්නේය.

ඉරිදා රාත්‍රියේ තත්ත්වය සාමකාමී වූ බවට වාර්තා වුවද, ඖෂධ පානය කිරීම නිසා සඳුදා උදෑසන වන විට රැඳවියන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් පොලිස්පතිවරයා වෙත විශේෂ කාර්ය බලකායේ සහාය ඉල්ලා නිල ලිපියක් යොමු කර ඇත්තේ සඳුදා (06) උදෑසන බවත්, ඉන් අනතුරුව පමණක් පොලිසිය මැදිහත් වූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.





Police Intervention in Miyagama Prison Riot Occurred Days After Violence Erupted

Authorities at the Miyagama Prison have finally sought assistance from the police and specialized task forces to regain control, a decision taken a day after violent clashes broke out, revealed Deputy Inspector General of Police Chandana Kodithuwakku.

Speaking on the 'Derana Big Focus' program, he noted that although police were on standby outside the prison since Sunday (October 5), there was no legal basis for them to enter until they received an official request from prison officials.

The situation deteriorated significantly by Monday morning, as inmates, having broken into the prison's pharmacy, consumed excessive amounts of medication, leading to heightened chaos, the Deputy Inspector General emphasized.

While reports indicated that the situation was peaceful on Sunday night, investigations disclosed that the consumption of drugs led to violent behavior among inmates by early Monday morning.

It was further revealed that the Commissioner General of Prisons sent an official letter requesting police support to the Inspector General of Police on Monday morning (October 6), following which the police intervened to stabilize the situation.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

10 Comments

  1. ආරියතිලක

    මීගමුව බන්ධනාගාරය ලේ විලක් වූයේ කාගේ වරදින් ද?


    මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී තත්වය හේතුවෙන් අද නිනය වන විට ජීවිත 28 ක් අහිමි වී 100 ට අධික සංඛ්‍යාවක් තුවාල සිදු වී ඇත.

    මේ මහා මනුෂ්‍ය ඝාතනයට ජනාධිපතිවරයා ඇතුලු විෂය භාර අමාත්‍යවරයා සෘජුව වගකිව යුතු බව අපගේ අදහස ය. අන්තර් ජාතික අපරාධ අධිකරණයේ අපරාධ නඩු ගොනු කිරීමට ඇවැසි නීති ප්‍රතිපාදන සලකා බැලිය යුතු ය.

    මෙයට වඩා දරුණු අපරාධකරුවන් සිටින බන්ධනාගාර ලෝකයේ පාලනය වෙනවා.. ඒ සියලු ආකාර පාලන දක්ෂතා වලිනි. පරිපාලනයෙහි දක්ෂ බව හේතුවෙනි. අකාර්යක්ෂම ආණ්ඩුවේ විධාන හා එයට අනුගත වූ පරිපාලන නො හැකියාවන් නිසා මීගමු බන්ධනාගාරය ලේ විලක් වූ බව පැහැදිලි ය. බන්ධනාගාර ගතවූවන්ගේ ජීවිත රැක දීමේ වගකීම, අධිකරණ නියෝග මත රජය සතු ය. රාජ්‍යයේ විධාන, පවතින්නේ ආණ්ඩුව මත ය. අවසානයේ ආණ්ඩුව පාලනයේ විධානයට වගකිව යුතු ය.

    සෑම පුරවැසියෙකුට ම ජීවිතය රැක ගැනීමට, පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පාවිච්චි කිරීමට නීතියෙන් වරදක් නො වන බව දණ්ඩ නීති සංග්‍රය පනවා තිබේ. දණ්ඩ නීති සංග්‍රහයේ 89 වගන්තියේ සිට 89, 90, 91, 92, 93, 94, 95, 96, 97, 98, 99 වෙනි වගන්ති වලින් ඒ සඳහා නීති ප්‍රතිපාදන දක්වා ඇත්තේ ය.

    “ශරීරය පිළිබඳ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය මරණය සිදු කිරීම දක්වා” පැතිරෙන බව දණ්ඩ නීති සංග්‍රහයේ 93 වගන්තියෙන් ප්‍රතිපාදන සළසා ඇත්තේ ය.

    නීතියෙන් ශරීරය පිළිබඳ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇතත්, බන්ධනාගාරයකට නීතියෙන් හිරවී සිටින අයෙකුට එම දන්ඩනීති සංග්‍රයේ 89 වගන්තියේ සිට 99 දක්වා වගන්ති වලින් දෙන පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ක්‍රියාත්මක කළ හැකි ද? යන්න ගැටළුවකි. එනිසා තම ජීවිතය රැක ගැනීමට සිටින තැනින් බැහරට දිවයාමට හෝ ගැටුම ඇති තැනින් බැහැර වීමට හෝ අවකාශය අඩු ය. බන්ධනාගාරයෙන් පිටවීමට ද හැකියාවක් නැත. එය නීති විරෝධී පිටවීමක් ලෙස සලකා බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩි තැබීමට ද හේතු ය. එහිදී වන සියලු ජීවිත් අහිමි වීම් හෝ තුවාල සිදු වීම රාජ්‍යය පැත්තෙන් නීත්‍යානුකූල ලෙස සලකන බැවින්, සිරකරුවන්ට හෝ රිමාන්ඩ් රැදවියන්ට කිසිදු සහනයක් එමගින් ඇති නො වේ. දිවි බේරුණ හොත් ඔවුන්ට, බන්ධනාගාරයෙන් පැන යාමට උත්සාහ කිරීම මත තවත් නීතිමය දඬුවමකට භාජනය වීමේ ඉඩකඩ වැඩි ය.


    දණ්ඩනීති සංග්‍රහයේ ශරීරය පිළිබ්ඳ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පිලිබඳව නීති ප්‍රතිපාදන මත, බන්ධනාගාරය ඇතුලත පුද්ගලිකව දිවි රැක ගැනීමට ද හැකියාවක් නැත. එසේ නම් මේ තත්වය අනුව අධිකරණ නියෝග මත බන්ධනාගාරවල රැදවා සිටින රැදවියන්ගේ ජීවිත රැකදීමේ වගකීම සම්පූර්ණයෙන් ම රජය සතු ය. රාජ්‍ය පාලනය වන්නේ පවතින ආණ්ඩුව මත බැවින් මෙම අපරාධයේ සියලු වගකීම පවතින ආණ්ඩුවේ ජනාධිපතිවරයා ප්‍රධාන කොට අමාත්‍ය මණ්ඩලය සතු බව පැහැදිලි ය. සම්පූර්ණ වගකීම ආණ්ඩු පක්ෂයට ම නිදහස් විය නො හැක්කේ ආණ්ඩු බලය බහුතර මන්ත්‍රී ධූර සංඛ්‍යාවෙන් බලගැන්වෙන බැවිනි. පවතින බැවිනි.

    මෙම මීගමුව බන්ධනාගාර සිද්ධියේ වගකීම කිසිදු රැදිවියෙක් පිට පැටවීම, හිමි කමක් නැත්තේ ය. බන්ධනාගාරවල සිටින සියලු රැදවියන් නිරායුධ සිරකරුවෝ ය. නැති නම් රැදවියෝ ය. ඔවුන් අතට ආයුධ පත් වීම හෝ කැරැල්ලක් ඇති වීමට ඒක රාශි වීම හෝ සිදුවන්නේ ආණ්ඩුවේ විධානයේ හා පරිපාලනයේ දුර්වලතා හේතුවෙන් බව පැහැදිලි ය. සියලු වගකීම ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුවේ බව පැහැදිලි ය.

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිJuly 9, 2026 at 1:28 AM

      මේ රටේ මෙවැනි ප්‍රධානතම සිදුවීම් 4ක් වාර්ථා වෙනවා, ඉන් 2ක්ම වුණේ රාජපක්ෂ පාලන කාලවල දී, 2012 වැලිකඩ සිදුවීමේදී සිරකරුවන් 40ක් ඝාතනය වුණා, මහින්ද රාජපක්ෂ ජනාධිපති, වගකීම භාර ගත්තේ නෑ.

      2020 දි මහර බන්ධනාගාරයේදී සිදුවුණ වෙඩි තැබීමෙන් සිරකරුවන් 11 දෙනෙක් මිය ගිටා, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වගකීම භාර ගත්තේ නෑ.

      මෙවර සිදුවීම 4 වෙනි සිදුවීම, මෙතනදී හර්ෂණ නානායක්කාර මහතා ඉතා නිහතමානීව එම වරදේ පූර්ණ වගකීම භාර ගන්න බව පැවසුවා. අපිට නම් එයම ප්‍රමාණවත්. මින් ඉදිරියට මෙවැනි දේවල් සිදු නොවෙන තැනට වග බලා ගනී ආණ්ඩුව. අවුරුදු 76ක් කාලා රීපු ගූ ගොඩක් නේ සුද්ද කරන්නේ, ටිකෙන් ටික කරන්ඩ ඕනෑ. කාලයක් යනවා, නමුත් වැඩේ හරියටම කෙරෙනවා.

      Delete
    2. ආරියතිලක

      1971 කැරැල්ලේ සිට ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය විසින් දේශපාලනික වශයෙන් කරන ලද කිසිදු මිනී මැරුමක් සම්බන්ධයෙන් අද වන තෙක් කිසිදු ආකාරයක වගකීමක් ජනතා විමුක්ති පෙරමුණ ගෙන නැති දේශපාලන ව්‍යාපාරයකි. ජනතා විමුක්ති පෙරමුණ, ඒ වෙනුවට කළේ තම පක්ෂයේ දේශපාලන ප්‍රචන්ඩත්වය මුදා හළ මියගිය සාමාජිකයන් ඇතුලු, මිය ගිය සියලු සාමාජිකයන් "බක්මහ විරුවන්" ලෙස හා " ඉල්මහ විරුවන්" ලෙස නම් කර සැමැරුම් කිරීම ය. දේශද්‍රෝහී රාජද්‍රෝහී කම් කළ ත්‍රස්තවාදී ක්‍රියා කළ තම පක්ෂ සාමාජිකයන් විරුවන් වශයෙන් සැමරුම් කරන ජවිපෙ නායකත්වය දරණ ජනාධිපතිවරයා හා ජවිපෙ ප්‍රධාන දේශපාලන ධාරාව වන ජාතික ජන බලවේගය ආණ්ඩුව මෙම ඝාතනවල වගකීම භාර ගනීවිය යයි විශ්වාස කළ හැකි ද?
      ඒ සඳහා අමාත්‍ය ධූරයක් ද බිල්ලට දීමට ක්‍රියා කරාවි ද යන්න විශ්වාස නැත. ජවිපෙ විසින් එදා මෙදා තුර කරන ලද කිසිදු ඝාතනයක් පිළිගෙන නැත.


      මීගමුව බන්ධනාගාර සිද්ධියේ නැති වූ ජීවිත වලට අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට, ජනතාවට වගකිව යුතු ය. මෙය ආණ්ඩුවේ වරදින් වූ මහා මනුෂ්‍ය ඝාතනයකි. නිසි ආරක්ෂාව නො සැලසීම සම්බන්ධව වගකිවයුතු සියලු දෙනාට ම විෂය භාර ඇතුලු සියලු දෙනාට ම අධිකරණයේ නඩු පවරා යුත්තිය සාධාරණය ඉටු කළ යුතු ය. අන්තර් ජාතික අපරාධ අධිකරණයේ අපරාධ චෝදනා යටතේ නඩු පැවැරීමට ක්‍රියා කිරීමට ඇවැසි නීතිමය ප්‍රතිපාදන සලකා බැලිය යුතු ය.


      ජවිපෙ රාජද්‍රෝහී, දේශද්‍රෝහි, ත්‍රස්තවාදී ක්‍රියා කළ සංවිධානයක් බව බටලන්ද කොමිෂන් සභා වාර්තාව පැහැදිලිව කියා ඇත. ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව එම වාර්තාව කැබිනට් මණ්ඩලයේ පිළිගැනීමෙන් හා පාර්ලිමේන්තුවේ සභා ගත කිරීමෙන් පිළිගෙන ඇත්තේ ය.

      කොමියුනිස්වාදීන් මනුෂ්‍ය ජීවිතවල හා දේපොළවල වටිනා කම දකින්නේ කොමියුනිස්ට්වාදට සාපේක්ෂකව පමණ ය. කොමියුනිස්ට්වාදීන් අන්‍ය මනුෂ්‍යයන්ගේ ලේ වල වටිනා කම්, කොමියුනිස්ට්වාදී නො වන අය මත නො දකින බව ලෝකයේ කොමියුනිස්ට් ව්‍යාපාරය විසින් ඔප්පු කොට ඇත්තේ ය. එවැනි තත්වයක් මත මේ මනුෂ්‍ය ඝාතන ගැන ආණ්ඩුවේ ස්ථාවරය අපි බලා සිටින්නෙමු.

      Delete
    3. අනිවාර්යයෙන්.

      Delete
    4. අදාල අංශවලට වෙලාවට උපදෙස් දෙන්ඩ හර්ෂනයා සිහියෙන් ඉන්ඩ එපායැ, මිනිහ ඒ වෙලාවෙ බීල ඉඳල තියෙන්නෙ සුරසේනගෙ ගෙදර පාටියට ගිහින්ල.

      Delete
    5. පතිරන ගලප්පත්ති කාලකන්ණි ඩෝබිය ආපහු සේවයත වාර්තා කරල​. මුංගෙ ඇමටි පඹය වගකීම බාරගත්තලු උන්ට ඒ ඇතිලු. ඇමටිය ඒවෙලාවෙ බීල බුදිලු. එක කෝල් එකකටවත් ආන්ස්වර් කරල නෑ එතකොට උගෙ ගෑනිද දන්නෙ නෑ ප්‍රශ්නයක් ආවම උපදෙස් දෙන්නෙ? ඌට ඒකෙ තොරතුරු හොයා ගන්න ෆේස් බුක් යන්න බැරිවුනාලු. මුංගෙ ඇමටි කම කියන්නෙ පටි දෙකකින් කලිසම එල්ල ගෙන කෝට් එකක් දාගෙන පාර්ලිමේන්තුවට ඇවිල්ල විපක්‍ෂයට බනින එකට​. ඕකව දාපල්ල මුඩුක්කු ගෑණු රණ්ඩු වෙන තැනක එක පැත්තක් අරගෙන අනිත් පැත්තට බනින්න​. වෙන වැඩකට ඕක සුදුසු නෑ. නිහතමානීව වගකීම බාර ගත්ත කිව්වලු පක තමයි.

      Delete
    6. පට්ට කතාව!

      Delete
  2. ගහනවා කියලා දැනගෙන හිටියා නමුත් මෙහෙම අම්බානක කන්න වේවි කියල හිතුවේ නැහැලු - වරු මුඋනක් තියෙන ආරක්ෂව බර එකා සහ පච කොටා

    ReplyDelete
  3. ඔය නිලධාරිනුත් මහා ජරා ජාතියක්. රොහාන් ප්‍රේමරත්න ගලිකිස්සේ ඉන්දැද්දී උට නිකම් ලිංගික සේවා දෙන්න බහැ කිව්වා නිසා අපේ ස්පා එකට පැනලා අපි ගණිකාවෝ කියලා පොලිසියෙන් අල්ලලා උසාවි දැම්මා. පොලිසියේ තියාගෙන ඉන්දැද්දී රොහාන් ප්‍රේමරත්න සහ අනික් අය වරින් වර අපිව දුෂණය කරා. සති දෙකක් බන්ධනාගාර ගත කරා එතැනදී බන්ධනාගාර නිලධාරින් අපිට දවස් 13ම පෝලිම් දැම්මා. ලස්සන කෙල්ලන්ට රැ දවල් දෙකේම 20ක් 25ක් විතර දවසකට කරා. ලොකු එවුන් ඩබල් ෂොට් ගැහුවා. අපි කොරගහගහ උසාවි ආවේ ඇප ගන්න. සමහර අය බඩවෙලා තිබුනා. ෆුඩ් සිටි එකේ පාන් රාත්තල් දෙකක් හොරකම් කරපු වයස 19 නංගි කෙනෙකුට වසර දෙකක සිරදඬුවම් ලැබිලා ඉන්නකොට මාස 18ක් හිරේ ඉන්දැද්දී දරුවෙකුත් ප්‍රසුත කරා. ඕක සිංහ TV එකෙත් ගියා. අපි එළිවෙනකම් ජේලර් ගැනුන්ගේ ඔලු කකුල් ඇඟවල් මසාජ් කරන්න ඕනේ. ඒ මදිවට පිරිමි වාට්ටුවල පස්ස පලනවලු. අපිත් එක්ක උසාවි ගිය මල්ලිලා තුන් දෙනෙක්ගේම පස්සවල් පලලා තිබුනේ. අනෙක ඕකුන් කතාකරන්නේ බල්ලොන්ට වගේ. කිසිම හැදියාවක් නැහැ. අපි ගණිකාවෝ නෙමෙයි. ස්පා එකේ වැඩිම වුනොත් අතේ පාරක් ගහනවා. එකත් කැමැත්තෙන් නෙමෙයි. අපිට වැඩකරේ ලයිසන් ස්‌පා එකක. ස්පා මුවාවෙන් බඩු සපෝට් තිබ්බට අපේ එහෙම නැහැ. නැතිබරිකමට දරුවට පිටිටිකක් ගන්න අම්මට බෙහෙත් ටිකක් ගන්න තමයි මේ රස්සාව අකමැත්තෙන් හරි කරේ. රටේ පාලන ක්‍රමය අනුව ඉගෙනගත්ත එකාට රස්සාවක් හොයාගන්න ක්‍රමයක් හදලා නැහැ. OL වත් නැති එවුන්ට මන්ත්‍රී අමෙති කම් සහ ශ්‍රී ලන්කන් එකේ සබාපතිකමුත් ඒ දවස් වල දුන්නා. මගේ මිනිහා යුද්දෙදි පුනරින් වල මැරුණා. දරුවට මාස 6යි මේක වෙනකොට. මට A/L තියෙනවා. කැම්පස් සිලෙක්ට් වුනත් යන්න සල්ලි තිබුනේ නැහැ. රජයේ රස්සාවකට ගියත් ඉන්න බෝසාලට අල්ලන්න ඕනේ උන් එක්ක රුම් යන්න ඕනේ. රුපියල් 2000 දඩේ ගෙවන්න බැරිව මාස 6ක් හිරේ ඉඳලා තමයි ආවේ. ලඟදි සයිප්‍රස් යන්න ජොබ් එකක් ආවා ඒත් හිරේ හිටිය නිසා පොලිස් රිපෝර්ට් එක ෆේල් නිසා රස්සාවට ගත්තේ නැහැ. දෙවිවරු වගේ ජෙලර්ලත් දෙතුන් දෙනෙක් හිටියා. අපිට පෝලිම් දාද්දි මුකුත් නොකර විනාඩි 30 ළඟ ඉඳලා ඔලුව අතගාලා මට කරන්න දෙයක් නැහැ නංගි කියලා ගියා. බහුතරයක් ජේලර්ලා බේබදු කාලකන්නි වලත්ත හැත්ත. මුන්ගේ ගෙවල් වල ගියොත් මුන් කෝටිපතියෝ වුනේ කොහමද කියලා හොයාගන්න පුළුවන් වෙයි. භාන්ධනාගාරය කියන්නේ හොර තිප්පොළක්

    ReplyDelete
Previous Post Next Post