මෙසේ මියගොස් ඇත්තේ අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරු කර යැවූ රැඳවියෙකු සහ බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යැවූ රැඳවියෙකි.
බූස්ස බන්ධනාගාරයට මාරු කර සිටි රැඳවියා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව වාර්තා වේ.
මීගමුව බන්ධනාගාරය තුළ හටගත් නොසන්සුන්කාරී වාතාවරණයත් සමඟ, එහි රඳවා සිටි රැඳවියන් 1,033 දෙනෙකු දිවයිනේ විවිධ බන්ධනාගාර වෙත මාරු කර යැවීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.
මෙලෙස බූස්ස බන්ධනාගාරය වෙත මාරු කළ පිරිස අතර, මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී ගැටුමට නායකත්වය දුන් බවට චෝදනා එල්ල වී ඇති "කටුවැල්ලේගම සුරේෂ්" නමැති රැඳවියා ද වන බව බන්ධනාගාර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
Tragic Deaths of Inmates Following Unrest at Mirigama Prison
In a concerning turn of events, two inmates have tragically lost their lives after being transferred from Mirigama Prison as a safety measure due to unrest within the facility. The deceased were relocated to facilities in Angunakolapelessa and Boossa.
Reports indicate that one inmate transferred to Boossa succumbed to a sudden health crisis shortly after being admitted to the Karapitiya Teaching Hospital in Galle.
Officials took action to relocate the inmates amid the unrest that erupted at Mirigama Prison, resulting in the transfer of a total of 1,033 detainees to various prisons across the country.
Among those shifted to the Boossa facility is a prisoner identified as “Katwelle Gama Suresh,” who has been accused of orchestrating violent clashes at Mirigama Prison, according to sources within the prison service.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මරණිය දණ්ඩනය දෙන්වා නඩු හබ අවසානයේදී...ඒවා ක්‍රියාත්මක කරන්නේ නැහැ...හැබයි නඩුවලින් පිටදී මරණ දණ්ඩනය ලබා දෙනවා ක්‍රම කිහිපයකට. ඒ හැම ක්රම්යකදිම සැකකරු විසින්ම තමාගේ මරණය සිදු කරගැනීම ඇති විශේෂ ලක්ෂණයක්.
ReplyDeleteඋදාහරන:
1. පොලිසිය ආයුද පෙන්නන්න එක්ක යනවා...ගංගා ඇල දොල තරණය කරලා...ඒ යනකොට සැකකරුවන් ජලයට වැටිලා පීනන්න බැරුව දියේ ගිලි අවසන් ගමන් යනවා...
2. එහෙම තිනම් ආයුද පෙන්නන්න ගිහිල්ල එතන තිබුන ආයුදයක් අරගෙන පොලිසියට ප්‍රහාරයක් එල්ල කරලා පොලිසිය පෙරලා ප්රතිප්රහරක් එල්ල කරලා සැකකරු ඉස්පිරිතාලෙට ඇතුල් කරට පස්සේ ජිවිතක්ෂයට පත් වෙනවා...
3. සැකකරුව පොලිසුය ඇතුලෙදි අබිරහස් ලෙස එල්ලිලා මැරෙනවා
4. සැකකරුව හිර ගෙදර සිට බන්දනාගාර බස් රථයෙන් උසාවියට ගෙනයද්දී මග රක සිටි ප්‍රතිවිරුද්ද පාතාල කණ්ඩායමක් (හැක හැක) විසින් ප්‍රහාරක් එල්ල කොට සැකකරු මර දමනවා.
5. සැකකරු පොලිස්යේ සිට මහේස්තත් උසාවියට ගෙනයමින් සිටියදී පොලිස් ජීප් රියෙන් පන පල යාමට තත් කිරීමේදී හිස් පොළොවේ හෝ අසල තිබුන ගසක හෝ කණුවක හෝ පාලමක වටක වැඩි ජිවිතක්ෂයට පත් වෙනවා.
6. සැකරුවන් හතරවෙන් තට්ටුවෙන් පහලට පැන පලායාමට තකිරිමේදී බිමට වැටී එතනම මරණයට පත් වෙනවා.
7. සැකකරුව පොලිසුයෙන් ලුහු බදිද්දී එයට බියවී පන ගොස් කාලයේදී ගසක එල්ලී සිට ජීවිතය නිරුද්දවූ ශරීර සොයා ගැනෙනවා
8. සමහර අවස්ථාවලදී සැකකරු අබිරහස් ලෙස පරණය නිරුද්දවී ගගේ පාවෙලා එනවා මිනිස්සු දැකල පොලිසිය දැනුවත් කිරීමෙන් පසුව සිරුර ගොඩගෙන ප්‍රකශන කරනවා
9. පෙළක් වෙලාවට සැකකරු විසින්ම තමන්ගේ ඇත පය කපගෙනෙ මැරිලා වැටී සිට සිරුර හමු වෙනවා.
10. අනෙකුත් අවසතවලදී පොලිසියෙන් බේරීමට දුව යද්දී ආදී 50-70ක ප්‍රපාතයකින් වැටී ජිවිතක්ෂයට පත්වී සිරුර සොයා ගැනෙනවා
11. මෙන්න තව ක්‍රමයක්...බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා සඳහන් කළේ, බූස්ස බන්ධනාගාරයට මාරු කළ අදාළ රැඳවියා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙලෙස මියගොස් ඇති බවයි.
මෙන්න තව ක්‍රමයක්...
Deleteබන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා සඳහන් කළේ, බූස්ස බන්ධනාගාරයට මාරු කළ අදාළ රැඳවියා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙලෙස මියගොස් ඇති බවයි