දෙවුන්දර උපුල්වන් ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයට සහභාගී වීමට පැමිණි කාවඩි නර්තන කණ්ඩායම් කිහිපයක සාමාජිකයන් පිරිසක් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පෙරහැර මංගල්‍යයේ ආරක්ෂාව සහ විනය තහවුරු කිරීම සඳහා පොලිසිය ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර, පෙරහැරට සහභාගී වන සියලුම කාවඩි කණ්ඩායම්වල සාමාජිකයන් ක්ෂණික මත්ද්‍රව්‍ය පරීක්ෂණවලට ලක් කිරීමට ද ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.
මෙවර පෙරහැරට කාවඩි කණ්ඩායම් සහභාගී කරවීම සම්බන්ධයෙන් ප්‍රබල පාතාල කල්ලි නායකයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් දේවාලය අසල නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබුණි.
මෙම තත්ත්වය මත ඇති වූ දැඩි උණුසුම් වාතාවරණය සැලකිල්ලට ගෙන, පෙරහැරේ කාවඩි නර්තන කණ්ඩායම් ගමන් කිරීම තාවකාලිකව අත්හිටුවීමට පොලිස්පතිවරයා විසින් මාතර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත නිර්දේශයක් ද ඉදිරිපත් කර තිබුණි.
කෙසේ වෙතත්, පැන නැගී ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව ඊයේ (27) පස්වරුවේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
මහජන ආරක්ෂක අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරයා, පොලිස්පතිවරයා සහ අදාළ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී තීරණය වූයේ පසුගිය වසරවල පෙරහැරට සහභාගී වූ සියලුම කාවඩි කණ්ඩායම්වලට මෙවරත් අවසර ලබා දිය යුතු බවයි.
පෙරහැරේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය සහ ආරක්ෂක අංශ සාමාජිකයන් 1,500කට අධික පිරිසක් යොදවා ඇති අතර, කිසිදු ප්රචණ්ඩ ක්‍රියාවකට හෝ විනය විරෝධී කටයුත්තකට ඉඩ නොතබන බව පොලිසිය අවධාරණය කරයි.
Safety Measures Intensified as Police Arrest Participants with Drugs at Annual Sri Vishnu Temple Procession
During the annual Esala procession at the Sri Vishnu Maha Devalaya, several members of various Kavadhi dance troupes were apprehended for possession of illegal substances, according to law enforcement officials.
The arrests took place as part of a special operation aimed at ensuring security and maintaining order during the festivities. Additionally, security forces are stepping up measures to subject all Kavadhi troupe members participating in the procession to immediate drug testing.
Violence erupted near the temple following a dispute between two influential gang leaders concerning the involvement of Kavadhi groups in this year's procession, resulting in a shooting on a nearby residence.
In response to the heated situation, the Inspector General of Police has recommended to the Matara District Secretary that the movement of Kavadhi dance groups be temporarily halted.
Despite this turmoil, a crucial meeting was held yesterday afternoon at the Matara District Secretary's office, where officials including the Minister of Public Security and the Police Chief deliberated on the ongoing crisis.
The consensus from this gathering was to permit all Kavadhi groups that participated in previous processions to take part in this year's events as well.
More than 1,500 police and security personnel have been deployed to ensure the safety of the procession, with authorities emphasizing their commitment to preventing any acts of violence or disorder.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

පච කොටාගේ වැඩක්.
ReplyDeleteපොලිසිය උන් කාවදි නටන්න පටන් අරගෙන
Deleteදැන් බේරිල්ලක් නැහැ
ගෙදර කුඩු අහුවනවමය්
අපේ බෞද්ධ සංස්කෲතිය අනුව තියන මේ පෙරහැරවල් අස්සට හින්දු කාවාඩි පිස්සු විකාර විදියට කෙල්ලන්ට කොල්ලන්ව දාගෙන මිනිස්සු අද්දන්න.අපේ මහාසංඝයාටත් විරුද්ධ වෙන්න බැරි ඇති නිළමේ කපුවෝ ටික මුදල්කෑදරකම නිසා.සෑම බෞද්ධ පෙරහැරකින්ම කාවාඩි ඉවත්කරන්න බෞද්ධයෝ කටයුතු කළයුතුයි වහාම.හිතුවා මේ ඡෙප්පන්ට ත්රස්තවාදිකම් කරපු හින්දා බයක් නැතිව කාවාඩි ඉවත්කරන්න පණක් තියේවි කියා.කොහෙද මුං ඔක්කෝම එකයි කුඩුකාරයන්ගේ දූෂිතයන්ගේ දැහැනේ අන්තිම මොහේතේ කලිසමේ ගූ ගියා.-
Deleteඅපරාදේ මහජන මුදල්, පොලිසියේ 1500 රාජකාරි දාල, ලක්ෂ පනහක් අපතයන්ට ආතල් ගන්න වියදම් කරනව.
ReplyDeleteකියලා වැඩක් නෑ, ඔන්න ඔහේ කුඩු ගහන උන්ට කුඩු ගහන්න දීලා, තමන්ගේ පාඩුවේ මල්ල පුරවාගෙන හිටියනං ඉවරයි නිකං රාජපක්ෂ උන්නාන්සේ වගේ
Deleteහැම පෙරහැර uthsawayakma සෝදිසි මෙහෙයුම් කරලා බලන්න වේවිද?
ReplyDeletepachaya kiwwoth witharay
Delete1948 ඉඳන් සියලු පෙරහැරවල් වල මොකද වුනේ, කොමද ඇන්ඳේ, ආදිය හොයන්න කොමිසමක් පත් කරමු
ReplyDeleteපෙරහැරවල් වලට පුළුවන් තරම් බාධා කරමු
ICCPR පණත නැතිව පවතින්න බැරි ආගමේ එවුන්ට ආතල් දෙමු
නොදෝමකින්
දැක්කයින් දැක්කේ නෑ මෙහෙම කාළකන්නි ආණ්ඩුවක්
මුං දේව උදහසට ලං වෙන්න වැඩි කල් යන්නේ නෑ
👍👍👍👍
Deleteඅඩේ මේ කොමෙන්ට් දාන උන්ට රිදිලා තියෙන හැටි බලද්දි මාරම ආතල් එකක් එන්නේ
ReplyDeleteඋං කුඩු ගැව්වට රහස් අංග පේන්ට ඇඳුම් ඇන්දෙ ණෑ
ReplyDeleteබෝම සංවර ඇඳුම් ඇන්දෙ
අම්මප හා!!!
pachayada kiwwe
Delete