සෞඛ්‍ය සේවාවට කෘතිම බුද්දිය ගෙනෙයි..


 ශ්‍රී ලංකා රසායනික ව්‍යාධිවේදීන්ගේ විද්‍යායතනයේ (College of Chemical Pathologists of Sri Lanka - CCPSL) 11 වැනි වාර්ෂික අධ්‍යයන සැසිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10)  කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී පැවැත්වුණු අතර, එහිදී අමාත්‍යවරයා මෙම අදහස් දක්වන ලදි.

පුද්ගලාරෝපිත වෛද්‍ය විද්‍යාවේ යුගයේ ගුණාත්මකභාවය, නවෝත්පාදනය සහ අන්තර් විෂය සහයෝගීතාවය ” (Quality, Innovation and Interdisciplinary Collaboration in the Era of Personalised Medicine) යන තේමාව යටතේ මෙවර වාර්ෂික අධ්‍යයන සැසිය පැවැත්වුණු අතර, මෙම සැසියේ දී රෝගී සත්කාරය නංවාලීම සඳහා නවීන තාක්ෂණය, කාර්යක්ෂම රසායනාගාර කළමනාකරණය සහ වෘත්තීය කුසලතා වර්ධනය කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරිණි.

සැසියේ සමාරම්භක උත්සව සභාව අමතමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරන ලද්දේ නූතන සෞඛ්‍ය සේවාව තුළ රසායනික ව්‍යාධිවේදය (Chemical Pathology) නිහඬව වුවද සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන බවයි. නිවැරදි රසායනාගාර වාර්තාවක් මඟින් රෝග විනිශ්චය, සංකූලතා වැළැක්වීම, ප්‍රතිකාර නිරීක්ෂණය සහ ජීවිත බේරාගැනීම සිදු වන බැවින් සායනික රසායනාගාරය යනු සරල උපකාරක සේවාවක් නොව, රෝගී සත්කාරයේ ප්‍රධානතම කුළුණක් බව ද මෙහිදී අමාත්‍යවරයා  අවධාරණය කරන ලදි.

රසායනාගාර සේවාවක පදනම ගුණාත්මකභාවය වන බවත්, අභ්‍යන්තර තත්ත්ව පාලනය, බාහිර තක්සේරුකරණය සහ නිවැරදි වාර්තාකරණය රෝගී ආරක්ෂාව තහවුරු කරන ප්‍රධාන පියවරක්  බව ද මෙහිදී අමාත්‍යවරයා පැවැසීය.

ඩිජිටල් සෞඛ්‍ය, කෘතිම බුද්ධිය (AI), ස්වයංක්‍රීයකරණය (Automation) සහ අණුක රෝග විනිශ්චය (Molecular Diagnostics) හරහා ක්ෂේත්‍රය වේගයෙන් වෙනස් වෙමින් පවතින බව ද පැවසූ අමාත්‍යවරයා පවතින සම්පත් උපරිමයෙන් භාවිත කිරීම, වාර්තා ලබාදීමේ කාලය (Turnaround time) අඩු කිරීම සහ විද්‍යාගාර අතර ඩිජිටල් සබඳතා ගොඩනැඟීම වැනි නිර්මාණශීලී පියවරයන් ඔස්සේ සේවාවන් ශක්තිමත් කළ හැකි බවත්, ආර්ථික කම්පන සහ සැපයුම් දාම බිඳවැටීම් හමුවේ වුවද අඛණ්ඩ ඔරොත්තු දෙන විද්‍යාගාර සේවාවක් පවත්වා ගැනීම රටේ උපායමාර්ගික ආයෝජනයක් බව ද පැවැසිය.

දියවැඩියාව, පිළිකා, වකුගඩු සහ හෘද රෝග වැනි බෝ නොවන රෝග කළමනාකරණය සඳහා වෛද්‍යවරුන්, ව්‍යාධිවේදීන්, විද්‍යාගාර වෘත්තිකයන්, හෙද කාර්ය මණ්ඩලය සහ ප්‍රතිපත්ති සම්පාදකයින් එක්ව කණ්ඩායමක් ලෙස වැඩ කළ යුතු බව ද මුල් අවධියේදීම රෝග හඳුනාගැනීම, ඉලක්කගත ප්‍රතිකාර, ඖෂධ ලබාදීම, නිරීක්ෂණය සහ අලුත උපන් බිළිඳුන්ගේ පරිවෘත්තීය පරීක්ෂණ (Newborn Screening) වැනි ප්‍රායෝගික පියවර ඔස්සේ ඉහළ පිරිවැයක් නොදරාම ජනතාවට වෛද්‍ය සේවාවන් සැපයිය හැකි බව ද අමාත්‍යවරයා මෙහිදී පැවැසිය.

සෑම විද්‍යාගාර වාර්තාවක් පිටුපසම මිනිස් ජීවිතයක් වන බැවින්, තාක්ෂණයේ අවසන් ප්‍රතිලාභියා රෝගියා විය යුතු බවද පැවැසූ අමාත්‍යවරයා CCPSL විද්‍යායතනය ලබාදෙන අධ්‍යයන නායකත්වය සහ මාර්ගෝපදේශන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ඇගයීමට ලක් කරන බවත්, ශ්‍රී ලංකාව තුළ වඩාත් දියුණු සහ සහකම්පනයෙන් යුතු සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන් අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කරන ලදි.‍

මෙරට ප්‍රමුඛ පෙළේ පිළිකා පිළිබඳ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයෙක් (Senior Consultant Oncologist) වන මහාචාර්ය ජයන්ත බලවර්ධන (Prof. Jayantha Balawardane) මහතා ද මෙහිදී විශේෂ ආරාධිත දේශණයක් පවත්වන ලද අතර, 2026 වසරේ ශ්‍රී ලංකා රසායනික ව්‍යාධිවේදීන්ගේ විද්‍යායතනයේ දේශණය වෛද්‍ය සැමුවෙල් වාසිකරන් මහතා විසින් සිදු කරන ලදි.

මෙහිදී CCPSL ශිෂ්‍යත්වයෙන් (Fellowship) මහාචාර්ය පීටර් එම්. ස්ටුවර්ට් මහතා (Associate Professor Peter M. Stewart) පිදුම් ලැබූ අතර, රසායනාගාර වෛද්‍ය විද්‍යාවට ඉමහත් සේවයක් සිදු කර අභාවප්‍රාප්ත වූ වෛද්‍ය එස්. ඩී. අතුකෝරල මහතා වෙනුවෙන් මරණින් පසු පිරිනමන CCPSL ශිෂ්‍යත්වය ද මෙහිදී පිරිනැමීය.

ශ්‍රී ලංකා රසායනික ව්‍යාධි විද්‍යාඥයින්ගේ විද්‍යාලය රසායනික ව්‍යාධි විද්‍යාව පිළිබඳ විශේෂඥයින් සඳහා වන විද්‍යාත්මක හා වෘත්තීය ආයතනයක් වන අතර, එය රෝගීන්ගේ රෝග පරීක්ෂාවනිරීක්ෂණය සහ විනිශ්චය සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.





Annual Session of Sri Lankan College of Chemical Pathologists Highlights Innovations in Healthcare

The annual study session of the Sri Lankan College of Chemical Pathologists (CCPSL) took place yesterday at the Shangri-La Hotel in Colombo, under the leadership of the Minister of Health and Media, Dr. Nalinda Jayatissa. The theme for this year's session was "Quality, Innovation, and Interdisciplinary Collaboration in the Era of Personalised Medicine."

Emphasizing the importance of modern technologies in patient care, Dr. Jayatissa noted that the session focused on enhancing laboratory efficiency, fostering new methodologies, and improving professional skills. He underscored that chemical pathology plays a crucial yet understated role within contemporary healthcare services.

During the inaugural ceremony, Dr. Jayatissa stated, "A reliable laboratory report is vital for diagnosis, prevention of complications, treatment monitoring, and saving lives," asserting that clinical laboratories are not merely supplementary services but fundamental pillars of patient care. Quality is essential in laboratory services, he emphasized, highlighting that internal quality control, external evaluations, and accurate reporting are critical steps to ensure patient safety.

The minister also pointed out that the field is swiftly evolving due to advancements in digital health, artificial intelligence (AI), automation, and molecular diagnostics. He remarked that optimizing existing resources and reducing turnaround times for test results are essential to bolstering laboratory services, even amidst economic challenges and supply chain disruptions.

Dr. Jayatissa discussed how the management of non-communicable diseases, such as diabetes, cancer, kidney, and heart diseases, necessitates collaboration among healthcare professionals—including doctors, laboratories, nurses, and policy makers—to achieve early diagnoses, targeted treatments, and diligent monitoring tailored for patients. He advocated for practical steps like newborn screening to provide healthcare services efficiently and sustainably.

"Behind every laboratory report lies a human life, and the ultimate beneficiary of our technology should be the patient," Dr. Jayatissa stated, while urging healthcare professionals to work collectively towards developing a robust and responsive health service in Sri Lanka.

In a notable address, Professor Jayantha Balawardane, a senior consultant oncologist, delivered a keynote speech, while Dr. Samuel Vasikaran’s lecture is set for the 2026 session, promising to uphold the legacy of excellence in chemical pathology education.

Additionally, the session acknowledged the contributions of Associate Professor Peter M. Stewart, who was awarded a fellowship, as well as honoring the late Dr. S.D. Athukorale for his invaluable service to the field.

The CCPSL serves as an academic and professional institution for experts in chemical pathology, fulfilling essential duties in patient diagnosis, observation, and clinical analysis.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

6 Comments

  1. තෝ අර ගමෙන් ගෙනල්ලා මිනිස්ට්‍රියේ "ප්‍රයිවට් සෙෂ්ට්‍රි" කියලා තියාගෙන ඉන්න කෑල්ලට කප කපා ඉන්නේ නැතුව ... මේ රෙද්දවල් වලට කලින් හරියට බෙහෙත් ටික දීපිය පර බල්ලා ... නොඅදකින් කාකන්නි දොස්තරලා නෑ ... බෙහෙත් නෑ ... ලෙඩ්ඩු විතරයි ඉන්නේ.. ඩෙංගු මදුරුවා පාලනය කරන්න බැරි පරයෝ ටිකක් AI ගැන බුරනවා ... නොදකින් කාලකන්නි

    ReplyDelete
  2. AI walin leda handunagena prathikarma kakama. GMOA nikanma out.

    ReplyDelete
  3. නිකන් දුන්නු බෙහෙත් ටිකත් නැති කරපු මුන් .. සෞඛ්‍ය සේවාවට මැකිමේ බුද්ධිය තමා ගෙනත් තියෙන්නේ .. ඩෙංගු රෝගීන් ගණන දවසින් දවස ඉහළ යනවා.. සෞඛ්‍ය ප්‍රතිපාදන කපලා .. නව වෛද්‍යවරුන් අවුරුදු දෙක තුන රස්සා පෝලිමේ .. නියමයි මුන්ගේ බුද්ධිය රට කන්න

    ReplyDelete
  4. ඊට කලින් 76 වසරෙ සාපෙ කාලෙ තිබුන බේත් ටිකවත් දීල හිටපන්.

    68 ලක්සෙ තොපිට හෙන ගහනව මේවගේ අපතයො පාර්ලිමේන්තු යැවුවට. ඉස්සර පේන්න බැරි කේස් හිටියෙ, මර්වින්, S.B වහේ උන් කීප දෙනෙක්. මුන්ගෙ ආන්ඩුවෙ ලපයගෙ ඉදල ඔක්කොම සක්කිලි හැත්තක්.

    ReplyDelete
  5. අම්මගේ රෙද්ද.අලුත් මගුල් ගේන්න හදන්නේ නැතුව තියෙන මගුල විනාශ කරන්නේ නැතුව හිටපන්.උඹලට ඕවා තේරෙන්නේ නැහැ.

    ReplyDelete
Previous Post Next Post