දඹදිව වන්දනා ගමන් තහනම් කරලා කියන්නේ බොරු..


 කම්කරු අමාත්‍ය සහ මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විසින් දඹදිව සහ තායිලන්ත වන්දනා ගමන් තහනම් කිරීමට යෝජනා කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත බව කම්කරු අමාත්‍යාංශය නිවේදනය කරයි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ අදාළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ගොතන ලද්දක් බවයි.

අමාත්‍යවරයා කිසිදු අවස්ථාවක එවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බවත්, මහජනතාව නොමඟ යැවීම සඳහා මෙවැනි අසත්‍ය තොරතුරු නිර්මාණය කර ඇති බවත් එහි සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ පවතින සමාජීය, දේශපාලනික සහ ආගමික සහජීවනය පළුදු කිරීමේ අරමුණින්, පටු දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන කණ්ඩායම් විසින් මෙම අසත්‍ය ප්‍රචාර පතුරුවා හරින බවට අමාත්‍යාංශය චෝදනා කරයි.

මහජනතාව නොමඟ යැවීම සඳහා සිදු කරන මෙවැනි පහත් පෙළේ අසත්‍ය ප්‍රචාර දැඩි ලෙස හෙළා දකින බවත්, එවැනි ක්‍රියාවන් සම්බන්ධයෙන් සිය දැඩි කණගාටුව පළ කරන බවත් කම්කරු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.





Labour Ministry Debunks False Claims about Travel Restrictions

The Labour Ministry has categorically rejected rumors circulating on social media regarding Minister and Deputy Minister of Finance and Planning, Dr. Anil Jayathissa Pranandha, suggesting a ban on pilgrimage travel to Delhi and Thailand.

In a special statement, the Ministry emphasized that these claims are completely unfounded and fabricated. It clarified that the minister has never made such statements at any time.

The announcement further points out that the spread of such disinformation is intended to mislead the public, accusing certain political groups of promoting false narratives to disrupt social, political, and religious harmony within Sri Lanka.

It condemned these deceptive propaganda efforts aimed at confusing the populace and expressed its serious concern over such actions, highlighting the need for responsible communication.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

5 Comments

  1. අනිල් ජයම්ත කිව්වොත් කියන්නේ බොරු

    ReplyDelete
  2. If you buggers can do it you will love to do it and conduct 5 communist theory classes for Buddhists instead .we know where you are going

    ReplyDelete
  3. තහනම් නෙමේ බාධා පෑමිනවීම් ....අපි බබාලානෙමේ ගල්කටස් තිරිසන් මිනීමරු ජෙප්පනේ .July 21, 2026 at 7:40 AM

    තහනම් නෙමේ බාධා පෑමිනවීම් ....අපි බබාලානෙමේ ගල්කටස් තිරිසන් මිනීමරු ජෙප්පනේ ...........බෝන් අගේන් පල්ලිය කොටි ඩයස්පෝරාව කියන්නේ එකක්........ජෙප්පෝ දන්නවා කොටි ඩයස්පෝරාවේ ඩොලර් සහ කාඩිනල්ගේ කතෝලික චන්ද වලින් ඕනෑම චන්දයක් දිනන්න පුලුවන් කියලා මේ රටේ 75% වන සින්හල බෞද්දයෝ මොනවා හිතුවත් ......මේක තමා මෙතන තිබෙන අමු ඈත්ත...ලන්කාවේ දේශපාලනය

    ReplyDelete
  4. anyways, if the government can restrict all the foreign pilgrims, foreign tours, and sending students to foreign universities at least f

    ReplyDelete
  5. උඹල කරපුවා උඹලටම ආපහු විඳවන්න උනහම කොහොමද සැප

    ReplyDelete
Previous Post Next Post