අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස අත්තනෝමතික ලෙස වෙනස් නොකළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පැවසීය.
ඔහු පෙන්වා දෙන්නේ එවැනි වෙනසක් මෙම අවස්ථාවේ අවශ්‍ය හෝ යෝග්‍ය නොවන බව සිය සංගමයේ මතය බවය.
අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීමේ සූදානම පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් සංවිධානය කර තිබූ විශේෂ මහජන සංවාද මණ්ඩපය කොළඹදී පැවැති අවස්ථාවේ රජීව් අමරසූරිය මෙම කරුණු අනාවරණය කළේය.
"ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ස්ථාවරය ලෙස අපි දිගින් දිගටම කියලා තියෙනවා ශ්‍රේෂඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රම යෑමේ වයස අත්තනෝමතික ලෙස වෙනස් නොකළ යුතු බව. ඒ වගේම මෙම අවස්ථාවේ එවැනි වෙනස් කිරීමක් අනවශ්‍යයි සහ යෝග්‍ය වන්නේ නෑ. එවැන්නක් කිරීමෙන් ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය පිළිබඳව ජනතා විශ්වාසයට හානියක් වෙනවා වගේම රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමේ රජයේ කැපවීම සම්බන්ධයෙන් ගැටලු මතුවෙනවා" යැයි ද ඔහු එහිදී පැවසීය.
පිළිවෙළින් අවුරුදු 63 හා 65 ලෙස පවතින අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හඳුන්වාදීමට රජය සලකා බලමින් සිටින බවට පළ වී ඇති වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජිව් අමරසූරිය සහ ලේකම් නීතිඥ නලින්ද සිල්වා යන අයගේ අත්සනින් යුතු ලිපියක් ද පසුගියදා ජනාධිපතිවරයා වෙත යොමු කර තිබිණි.
ඉකුත් 2020 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව වැඩිකර අැති පසුබිමක, විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස ඉහළ නැංවීමේ සැබෑ අවශ්‍යතාවක් පැවතිය නොහැකි බව එම ලිපියෙන් අවධාරණය කර ඇත.
මහජන සංවාද මණ්ඩපයේදී අදහස් දැක්වූ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන්
“ව්‍යවස්ථාවෙන් නිශ්චිතව කියලා තියෙනවා විනිසුරුවරුන් මේ මේ වයස්වලින් විශ්‍රාම යා යුතුයි කියලා. ඇතැම් විට එය වෙනස් විය යුතු වෙන්නත් පුළුවන්. කවුරුත් ඒක නැහැ කියලා කියන්නේ නැහැ. නමුත් එය කරන්නේ කෙසේද සහ කරන්නේ ඇයි කියන මූලික ප්රශ්නය තමයි අපි ඇසිය යුත්තේ.”
මෙහිදී අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, නීතිඥ කේ. ඩබ්ලිව්. ජනරංජන
“එකල හිටපු විධායකය විසින් අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය ධුරයෙන් ඉවත් කිරීමට දෝෂාභියෝගය ගෙන ආ වෙලාවේ අපි ඊට විරුද්ධ වුණේ, තමන්ට ඕන තීන්දු දෙන්නේ නෑ කියන පදනමින් අගවිනිසුරුවරිය ධුරයෙන් ඉවත් කළා කියන කාරණයටයි. අද සිද්ධ වෙන්නේ එදා වුණු දේට විරුද්ධ දේ. එනම් තමන්ට ඕන තීන්දු දේවි යැයි කියලා හිතාගෙන විධායකය විනිසුරුවරුන්ගේ ධුර කාලය දීර්ඝ කිරීමට උත්සාහ කිරීමයි.”
මෙම අවස්ථාවට සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥවරුන්ගේ සංගමයේ සභාපති, ස්ටීවන් තිරු මෙසේ පැවසීය.
“මෙම යෝජනාවේ ගැටලුව වෙන්නේ, වයස පිළිබඳ ගැටලුවක් නොවෙයි. මෙහි භයානකකම රඳා පවතින්නේ මෙය සිදුකරන වෙලාව, කරන ආකාරය, දේශපාලන සන්දර්භය සහ එහි බලපෑම සම්බන්ධයෙනුයි. විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීමේ යෝජනාව ශ්‍රී ලංකාව විනිවිදභාවයෙන් තොරව හා ඊට අදාළ පාර්ශ්වවල පුළුල් අදහස් විමසීමකින් තොරව ක්‍රියාත්මක කළහොත් සිම්බාබ්වේ සිදුවුණා වගේ අධිකරණ පද්ධතියේ විශාල අර්බුදයක් ඇති විය හැකියි.”
මහජන සංවාද මණ්ඩපය සඳහා එම සංගමයේ සාමාජිකයන්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිත් ජයවීර ඇතුළු දේශපාලඥයෝ පිරිසක් ද එක්ව සිටියහ.
ගයාත්‍රි ගීගනආරච්චි
Calls to Maintain Retirement Ages for Supreme and Appeal Court Judges
The President of the Sri Lanka Bar Association, Attorney-at-Law Rajeev Amarasinghe, has asserted that the mandatory retirement ages for Supreme and Appeal Court judges should remain unchanged. He emphasized that any alterations to these established norms are neither necessary nor appropriate at this time.
This statement came during a public forum organized by the Bar Association in Colombo, which addressed concerns regarding proposals to raise the retirement age for these judges.
“As a steadfast position of the Sri Lanka Bar Association, we continuously assert that the retirement age for Supreme and Appeal Court judges should not be altered. At this juncture, making such changes is unwarranted and inappropriate. Such actions could undermine public trust in the legal system, raise questions about the government's commitment to safeguarding the rule of law and peace in the country, and jeopardize the independence of the judiciary,” he pointed out.
Reports have emerged indicating that the government is contemplating a constitutional amendment to increase the retirement ages from 63 and 65 to higher limits for these judges. A letter signed by Rajeev Amarasinghe and Secretary Nalinda Silva was submitted to the President recently, voicing the Bar Association's concerns over this potential change.
The letter underscores that, especially given the backdrop of the 2020 constitutional amendment that expanded the number of judges, there is no valid necessity to raise the retirement age of judges.
Former Member of Parliament, Attorney-at-Law M.A. Sumandiran, who contributed to the discussions at the public forum, mentioned, “The Constitution clearly states the retirement age for judges. While it is possible for this to be revised, the fundamental questions we must address involve how and why such changes are made.”
Senior journalist and attorney K.W. Janaranjan shared his views, drawing parallels with past actions in the judicial landscape, particularly the controversial removal of Chief Justice Shirani Bandaranayake. “It is concerning that the executive branch now seeks to extend judges' tenures, contrary to previous instances where decisions were claimed to be independently made without influence. Today's proposals appear to contradict the very principles we once defended,” he remarked.
Participating remotely in the forum was Steven Thiru, President of the Association of Public Sector Lawyers, who raised concerns about the timing and political context of such proposals. “The issue at hand is not merely about age. The real danger lies in the timing, method, political context, and potential ramifications. Proceeding with an increase in retirement age without transparency or consultation akin to Zimbabwe's experience could result in a severe crisis in Sri Lanka's judicial system,” he warned.
During the public forum, other political figures were present, including Opposition Leader Sajith Premadasa and parliamentarian Dilith Jayawira from the Samagi Jana Balawegaya party.
Reported by Gayathri Geeganagearchchi.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

වෙනවා නෙමෙයි,වෙලා තියෙන්නෙ.
ReplyDelete