හෝමුස් සමුද්‍ර සන්ධියේදී ඉරානය විසින් නියම කරන ලද නාවික ගමන් මාර්ගයෙන් බැහැරව ගමන් කළ තෙල් ප්‍රවාහන නෞකාවක් මුහුදු බෝම්බයක ගැටී පිපිරීමකට ලක්ව ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය.
ඉරානයේ 'මෙහර්' පුවත් ඒජන්සිය වාර්තා කරන්නේ, මෙම උපායමාර්ගික මුහුදු තීරයේදී අදාළ නෞකාව ඉරානය නම් කළ ආරක්ෂිත මාර්ගයෙන් ඉවතට ගමන් කිරීම නිසා මෙම අනතුර සිදුව ඇති බවයි.
කෙසේ වෙතත්, අනතුරට පත් නෞකාවේ අනන්‍යතාවය, සිදුවූ හානියේ ප්‍රමාණය හෝ ජීවිත හානි පිළිබඳව මෙතෙක් නිල තොරතුරු අනාවරණය වී නොමැත.
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නාවික ගමනාගමනය සිදුකළ හැක්කේ ටෙහෙරානය විසින් නම් කරන ලද මාර්ග ඔස්සේ පමණක් බවට ඉරානය පසුගිය ජූනි 26 වනදා දැඩි අනතුරු ඇඟවීමක් කර තිබුණි.
ඇමරිකාව සහ ඉරානය අතර පවතින යුදමය උණුසුම මෑත සතිවලදී තවදුරටත් උත්සන්න වී ඇති පසුබිමක මෙම අනතුර සිදුව ඇත.
ඇමරිකාව විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන්, කලාපයේ පිහිටි ඇමරිකානු යුද මධ්‍යස්ථාන සහ උපකරණ ඉලක්ක කර ගනිමින් ඉරානය ද ප්‍රහාර එල්ල කරමින් සිටියි.
මේ අතර, ඉරානය ගිවිසුම් උල්ලංඝනය කරන බවට චෝදනා කරමින්, පසුගිය ජූලි 8 වනදා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඉරානය සමඟ පැවති අවබෝධතා ගිවිසුම අවසන් බවයි.
හෝමුස් සමුද්‍ර සන්ධියේදී මීට පෙර නෞකා තුනකට ප්‍රහාර එල්ල වීම සහ නාවික නීති සම්බන්ධයෙන් පවතින මතභේද මෙම තීරණයට හේතු විය.
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා බාධාවකින් තොරව නාවික ගමනාගමනය සිදුවිය යුතු බව වොෂින්ටනය අවධාරණය කරන අතර, ඉරානය පවසන්නේ සිය වෙරළ තීරයට ආසන්න නාවික මාවතක් ඔස්සේ ඉරාන පරිපාලනය යටතේ පමණක් නෞකා ගමන් කළ යුතු බවයි.
මෙම නාවික මාවතේ පාලනය සම්බන්ධයෙන් පවතින අර්බුදය කලාපීය ස්ථාවරත්වයට දැඩි තර්ජනයක් වී තිබේ.
Iranian Oil Tanker Reportedly Damaged by Underwater Explosion in Strait of Hormuz
An Iranian oil tanker has reportedly been struck by an underwater explosion in the Strait of Hormuz, as detailed by Iranian media outlets. The incident highlights the ongoing tensions in this strategically significant waterway, heavily monitored by Iranian naval routes.
The Mehr news agency indicated that the accident occurred due to the tanker navigating outside of the designated Iranian-approved maritime routes, which are strictly enforced in this strategic marine corridor.
Details regarding the identity of the damaged vessel, the extent of the damage, or any potential casualties have not yet been officially disclosed.
Iran had issued warnings about the dangers associated with straying from designated paths in the Strait, with significant alerts issued back on June 26.
The incident comes against a backdrop of escalating military tension between the United States and Iran, which has intensified in recent weeks.
In response to U.S. strikes against Iran, the Iranian military has targeted American facilities and assets in the region, showcasing an escalating pattern of military engagement.
Furthermore, U.S. President Donald Trump announced on July 8 that the understanding agreement with Iran was nullified, amid accusations that Iran had been violating the terms of various agreements.
This latest incident follows earlier attacks on three vessels in the Strait and reflects the contentious nature of naval laws in the area.
While the U.S. emphasizes the need for free navigation through the Strait, Iran insists that all maritime activities must fall under its jurisdiction, further complicating the navigation protocols and threatening regional stability.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ඇමරිකාණු කැරියා සිප් එකකට කෙළල දැම්ම නම් අගෙයි.
ReplyDelete