මැති ඇමති වාහනවල ඉන්ධන සීමා ඉවතට...


රජයේ වියදම් පාලනය කිරීම සඳහා අමාත්‍යවරුන් සහ රාජ්‍ය නිලධාරීන් වෙත පනවා තිබූ ඉන්ධන නිකුත් කිරීමේ සීමාවන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට රජය පියවර ගෙන ඇත.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මේ සම්බන්ධයෙන් වන නව චක්‍රලේඛය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ රාජ්‍ය ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන් වෙත නිකුත් කර තිබේ.

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය සැලකිල්ලට ගනිමින් රජයේ වියදම් කළමනාකරණය කිරීමේ අරමුණින් පසුගිය අප්‍රේල් මස 02 වනදා විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබුණි.

එමගින් අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය නිලධාරීන් සඳහා ලබාදෙන ඉන්ධන දීමනාව මාර්තු මස 01 වන දින පැවති මිල ගණන්වලට යටත්ව සීමා කිරීමට පියවර ගැනුණි.

කෙසේ වෙතත්, මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නව චක්‍රලේඛය මගින් එම සීමාවන් අහෝසි කර ඇති අතර, ඒ අනුව ජූලි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි වර්තමානයේ පවතින වෙළෙඳපොළ මිල ගණන් යටතේ ඉන්ධන දීමනා ලබා ගැනීමට අදාළ පාර්ශ්වයන්ට අවස්ථාව හිමි වේ.




Government Lifts Fuel Allowance Restrictions for Ministers and Officials

The Sri Lankan government has taken immediate action to remove restrictions on fuel allocation that were previously imposed on ministers and state officials to manage public expenditure.

A new circular issued by the Secretary to the Treasury has been disseminated to all secretaries of ministries, provincial chief secretaries, heads of departments, district secretaries, and chairpersons of statutory boards. This decision signals a shift in policy regarding fuel allowances.

In response to the prevailing military climate in the Middle Eastern region, the government had previously implemented a special circular on April 2, aimed at managing public spending effectively.

This earlier directive included measures to limit the fuel allowances for ministers, deputy ministers, parliamentarians, and state officials based on fuel price levels recorded on March 1. However, the most recent circular from the Treasury Secretary nullifies those restrictions.

As a result, from July 1 onward, relevant parties will be allowed to receive fuel allowances based on current market prices, marking a significant policy reversal in response to evolving economic conditions.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

6 Comments

  1. මෙසේ තමන්ටම බෙදා ගැනීමට කියන්නේ පුනරුද සමාජවාදය කියා. එමගින් ඡන්දය දුන් ජනතාවගේ පුකරුදය නැතිවනු ඇත.

    ReplyDelete
    Replies
    1. අපෙන්ම ගන්න බදු මුදල් ඩොලර් වලින් තෙල් අරන් ඇවිල්ලා. උන් කැමති කැමති විදියට උන්ට සවලෙන් බෙදාගන්න ගමන් අපිට කන් හැන්දෙන් බෙදන එක තමයි අඟුරුකුමාර බදුකොටාගේ පුකරුදය කියන්නේ. අපේ ඇඳුන් උන් ඇඳගෙන උන් යනවා. ලැජ්ජාව මෛයිල් ගහකවත් ගෑවිලා නැති ජෙබි වේස තක්කඩි බල්ලෝ.🤌🤌🤌

      Delete
    2. කෝ අර පතිරණ ගලප්පත්ති කියන මෝඩ කටු කන බල්ලා.

      Delete
    3. THANK YOU DEAR


      Delete
  2. Muge amamata haminnenna,, okun Train eke gihin Vehicle allowance gannawa, okun jogi natanawa, allowance gannawa..e madiwata munta limit naha. Api limit tibunath odd/even walata petrol shed walata yanna ona..

    ReplyDelete
  3. All animals are equal. But some animals are more equal than others.

    ReplyDelete
Previous Post Next Post