ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, මෙරට නිල විදේශ සංචිත ප්‍රමාණය පසුගිය මැයි මාසයට සාපේක්ෂව ජුනි මාසයේදී සැලකිය යුතු මට්ටමකින් පහත වැටී තිබේ.
මහ බැංකු දත්තවලට අනුව, මැයි මාසය අවසානයේදී අමෙරිකානු ඩොලර් මිලියන 6,881ක් ලෙස සටහන් වූ මෙරට සමස්ත සංචිත ප්‍රමාණය, ජුනි මාසය අවසාන වන විට අමෙරිකානු ඩොලර් මිලියන 6,450ක් දක්වා අඩු වී ඇත. මෙය එක් මාසයක් තුළ ඩොලර් මිලියන 431ක පහත වැටීමකි.
මෙම සංචිත අඩුවීම සඳහා විදේශ මුදල් සංචිත මෙන්ම රන් සංචිත ද පහළ යාම සෘජුවම බලපා ඇති බව මහ බැංකුව පෙන්වා දෙයි.
මීට අමතරව, මෙරට රන් සංචිතවල ද කැපී පෙනෙන අඩුවීමක් වාර්තා වේ. මැයි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 216ක් ලෙස පැවති රන් සංචිතය, ජුනි මාසය අවසන් වන විට ඩොලර් මිලියන 191ක් දක්වා පහත වැටී ඇති බව මහ බැංකු වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
Sri Lanka's Foreign Reserves Decline Significantly in June
The latest report from the Central Bank of Sri Lanka reveals a notable decline in the country's official foreign reserves during June, compared to the preceding month of May.
Data from the Central Bank indicates that the total reserves, which stood at USD 6.881 billion at the end of May, fell to USD 6.450 billion by the end of June. This reflects a decrease of USD 431 million within a month.
The Central Bank attributes this decline not only to reductions in foreign currency reserves but also to a significant drop in gold reserves.
Furthermore, the report highlights a marked decrease in gold reserves, which amounted to USD 216 million in May but plummeted to USD 191 million by the end of June.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

නන්දලාලා සහ හර්සන කැරියගෙ ඔට්ටේලියාවෙ බැංකු ගිණුම් පරීක්ශා කලොත් පහළ බැහැපු සංචිත හොයා ගන්න හැකිය
ReplyDeleteඅපි තව වාහන ගෙමු 🤣🤣ගොබ්බ ආන්ඩුව තුක් හොර මගඩි බල්ලන්ට සැප දෙනවා
ReplyDeleteරටට ආදරය කරන එක බල්ලෙක් වත් නැහැ. ව්‍යපාරිකයො කියන්නේ තමන්ගේ බඩ ගැන විතරක් හිතලා වැඩ කරන අමනයො.මාස තුනකට වාහන ගේන්න එපා කියලා රජය කිවිවනෙ එක සේල් කාරයෙක් ඇහුවද. රට වටිටන්න කටයුතු කරන එක කට්ටියක් තමයි වාහන සේල් කාරයො.
ReplyDeleteay ubala ganne
Deletegenne ganna hindane
ඒකට කමක් නෑ. නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් AKD හැමදෙයක්ම බැලනස් කරල කලාවට, වෙලාවට ගේම දෙනව.
ReplyDelete