‘විනිසුරු වයස වැඩි කිරීම අල්ලසක්.. ජන මත විචාරණයක් අවශ්‍යයි’ - හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා


ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස් සීමාව ඉහළ නැංවීමට රජය ගෙන ඇති තීරණය අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල කරන ලද මාරාන්තික පහරක් බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අවධාරණය කරයි.

හිරු නාලිකාව සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ, මෙම පියවර ව්‍යවස්ථාපිත ප්‍රතිපත්තීන්ට පටහැනි මෙන්ම ජනතාවගේ පරමාධිපත්‍ය බලයට සිදුකරන බලපෑමක් බවයි.

මෙම තීරණය සම්බන්ධයෙන් සිය දැඩි විරෝධය පළ කරමින් හිටපු අගවිනිසුරුවරයා පෙන්වා දෙන්නේ, මෙය රජය විසින් විනිසුරුවරුන් වෙත පිරිනමන ලද ප්‍රසාද දීමනාවක් හෙවත් අල්ලසක් ලෙස හැඳින්විය හැකි බවයි.

වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අධිකරණ බලය යනු ජනතාවගේ පරමාධිපත්‍යයේ කොටසක් බවත්, එවැනි වැදගත් ව්‍යුහයක වෙනසක් සිදු කරන්නේ නම් එය අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට යොමු කළ යුතු බවත් ඒ මහතා පවසයි.

"විශ්‍රාම යන වයස තීරණය කර තිබෙන්නේ යම් ප්‍රතිපත්තියක් මතයි. 1978 ව්‍යවස්ථාව සකස් කළ අය ඉතා බුද්ධිමත් ලෙස අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා වන පරිදි මෙම වගන්ති ඇතුළත් කර තිබෙනවා. දැන් සිදුවන්නේ එම ස්වාධීනත්වය දේශපාලන අවශ්‍යතා මත පාවා දීමක්," යැයි සරත් එන්. සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

විනිසුරුවරුන්ගේ වයස ඉහළ දැමීම හරහා අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව අඩුවිය හැකි බව පෙන්වා දෙන ඒ මහතා, පැරණි විනිසුරුවරුන් දිගින් දිගටම සේවයේ රැඳී සිටීම නිසා තරුණ සහ දක්ෂ විනිසුරුවරුන්ට ඉහළ තනතුරුවලට පැමිණීමට ඇති අවස්ථාව ඇහිරී යන බව ද සඳහන් කළේය.

ඇමරිකාව හෝ බ්‍රිතාන්‍යය වැනි රටවල පවතින ක්‍රමවේද මෙරටට ආදේශ කිරීම ප්‍රායෝගික නොවන බවත්, ලංකාවේ ව්‍යවස්ථාව මෙරටට අනන්‍ය වූ බුද්ධිමය පදනමක් මත සකස් වී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

අධිකරණයේ ස්වාධීනත්වය රැක ගැනීම වෙනුවෙන් මෙවැනි පැලැස්තර විසඳුම් යෙදීම වහාම නතර කළ යුතු බවත්, මෙම සංශෝධනය හරහා අධිකරණය කෙරෙහි පවතින මහජන විශ්වාසය පළුදු වන බවත් හිටපු අගවිනිසුරුවරයා මෙම සාකච්ඡාවේදී අවධාරණය කර සිටියේය.





Concerns Raised Over Government's Decision to Raise Retirement Age for Judges

Former Chief Justice Sarath N. Silva has condemned the government's decision to increase the retirement age of Supreme Court and Court of Appeal judges, describing it as a severe blow to the independence of the judiciary. His remarks came during a special interview with Hiru TV, where he emphasized the implications this move has on constitutional policies and the supremacy of the people’s power.

Silva expressed his staunch opposition to the decision, characterizing it as a "bribe" offered to judges by the government. He highlighted that the current constitution recognizes judicial authority as part of the people's sovereignty, arguing that any significant change to such a structure should undergo public scrutiny and consultation.

“The determination of retirement age is based on specific policies. The framers of the 1978 constitution prudently included provisions to safeguard the independence of the judiciary. What is happening now is a compromise of that independence to satisfy political necessities,” he stated.

He warned that raising the retirement age for judges could lead to inefficiencies in the judicial system, as older judges remaining in service would stifle opportunities for younger, competent attorneys to ascend to higher positions within the judiciary.

Silva noted that replicating judicial frameworks from countries like the United States or the United Kingdom is impractical, arguing that Sri Lanka's constitution is crafted on a distinct intellectual foundation unique to the country.

He stressed that such amendments undermining judicial independence must be halted immediately, as they could erode public trust in the judiciary, a point he reiterated during the discussion.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

6 Comments

  1. කරන්න දෙයක් නෑ බ්‍රෝ දැන් බලං ඉන්න

    ReplyDelete
  2. මෙක අල්ලසකට එහා ගිය දෙයක්. අධිකරණයෙ ස්වාධීනත්වය නැතිකර ඒකාධිපති වියරුවකට පාර කපන ක්‍රියාන්විතයේ සූක්ෂම පියවර.

    ReplyDelete
  3. මූ කියන දේ ඇත්ත වුනාට කියන එකා වලත්ත දූශිත ගොන් පරයෙක් නිසා කියන දේට කිසි වටිනාකමක් නෑ.

    ReplyDelete
    Replies
    1. එහෙම බලනවානම් කොටා හැමෝටම වැඩිය වලත්ත දූශිත ගොන් පරයෙක්. ඌ මිනිහ යුද්ධයට ගිය අතරේ ලමයි දෙන්නෙක් ඉන්න පුංචම්මට සෙල්ලම දැම්ම. 
      ඒ වුනාට ඌ කියන බින්න බේගල් හැටඅට ලක්ෂයක් හරක් ඇත්ත කියල පිලිගත්තෙ.

      Delete
    2. ඉතින් ඒ 68 ලක්ෂයක්ම තමා බං මීට කළින් අනිත් උන්ටත් රැවටුනේ... උන් නම් තඩි ගොන්නු සෙට් එක​ක්

      Delete
  4. අධිකරණ පිළිබඳ ජනතා විශ්වාසය බිද දමා ඒකාධිපති වියරුවට ඉඩ නොදෙමු

    ReplyDelete
Previous Post Next Post