හර්ෂණට ඇමතිකමෙන් ඉල්ලා අස්වෙන්නැයි කියයි..


 මීගමුව බන්ධනාගාරයේ ඇති වූ දරුණු ගැටුම්කාරී තත්ත්වයේ වගකීම රජය වෙනුවෙන් භාරගන්නා බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කර තිබුණද, ඔහු වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට විපක්ෂයේ මන්ත්‍රීවරුන්  බලකර සිටිති.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත මහතා කියා සිටියේ, අමාත්‍යවරයා වගකීම භාරගන්නා බව පැවසීමෙන් පමණක් පලක් නොවන බවයි.

වැලිකඩ බන්ධනාගාර සිදුවීමේදී මෙන්ම මෙහිදී ද පාලකයන්ගේ රහස් රකින රැඳවියන් ඝාතනය කරන්නේද යන බරපතළ සැකය ඔහු මතු කළේය.

එසේම, බන්ධනාගාර පද්ධතිය පිළිබඳ මනා අවබෝධයක් තිබූ දක්ෂ නිලධාරීන් ඉවත් කර පරිපාලනය දුර්වල කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම විනාශය සිදු වූ බවත්, ඒ පිළිබඳ වගකීමෙන් අමාත්‍යවරයාට මිදිය නොහැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ පිළිබඳව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අවධාරණය කළේ, අහිමි වූ මිනිස් ජීවිත නැවත ලබා දීමට අමාත්‍යවරයාට නොහැකි බැවින් වගකීම භාරගැනීම යන ප්‍රකාශයට කිසිදු අර්ථයක් නොමැති බවයි.

වත්මන් ජනාධිපතිවරයා මීට පෙර මෙවැනි සිදුවීම්වලදී එවකට පැවති රජයන්ට චෝදනා කළ අයුරු සිහිපත් කළ මන්ත්‍රීවරයා, අධිකරණ අමාත්‍යවරයාට තවදුරටත් ධුරයේ රැඳී සිටීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් වහාම ඉල්ලා අස්විය යුතු බවත් ප්‍රකාශ කළේය.

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා මෙම සිදුවීම සම්බන්ධයෙන් රජය වෙනුවෙන් කණගාටුව පළ කරමින් වගකීම භාරගන්නා බව ප්‍රකාශ කළ ද, විපක්ෂය නගන මෙම ඉල්ලා අස්වීමේ ඉල්ලීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.

පුද්ගලයන් 26 දෙනෙකුට ජීවිත අහිමි කරමින් සහ සියයකට අධික පිරිසකට තුවාල සිදු කරමින් මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ මෙම ප්‍රචණ්ඩකාරී තත්ත්වය ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ඉතිහාසයේ කළු පැල්ලමක් ලෙස සටහන් වන බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.





Call for Resignation of Justice Minister Over Violent Prison Clashes

In the wake of severe clashes at the Meegama Prison, Justice Minister Harshana Rajakaruna has accepted responsibility on behalf of the government. However, opposition lawmakers are adamantly demanding his immediate resignation, questioning the sufficiency of his acknowledgment in light of the chaos that unfolded.

Former parliamentarian Premnath Dolawatta emphasized that merely accepting responsibility is inadequate in addressing the grave situation. He raised serious concerns about the systemic issues within the prison's leadership and highlighted allegations of inmates being killed, particularly those privy to sensitive information.

Dolawatta further asserted that the deterioration of management, attributed to the removal of competent officials with a deep understanding of the prison system, has directly contributed to this disaster. He insisted that the minister cannot evade accountability given these failures.

Meanwhile, MP Mujibur Rahuman underscored the futility of the Minister's acceptance of responsibility, noting that no words can restore the lives lost during the violence. He recalled how the current President previously criticized past administrations for similar incidents and stated that the Justice Minister lacks the moral authority to remain in his position, demanding his swift departure.

Although Minister Rajakaruna publicly expressed regret and took responsibility on behalf of the government regarding the incidents, there has been no official response from the opposition concerning the resignation demand thus far.

The violent outbreak at Meegama Prison, which resulted in the deaths of 26 individuals and injuries to over a hundred others, is being described by political analysts as a dark chapter in Sri Lanka's prison history.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

6 Comments

  1. ආරියතිලක

    1971 කැරැල්ලේ සිට ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය විසින් දේශපාලනික වශයෙන් කරන ලද කිසිදු මිනී මැරුමක් සම්බන්ධයෙන් අද වන තෙක් කිසිදු ආකාරයක වගකීමක් ගෙන නැති දේශපාලන ව්‍යාපාරයක් වන ජනතා විමුක්ති පෙරමුණ, ඒ වෙනුවට කළේ තම පක්ෂයේ දේශපාලන ප්‍රචන්ඩත්වය මුදා හළ මියගිය සාමාජිකයන් ඇතුලු මිය ගිය සියලු සාමාජිකයන් "බක්මහ විරුවන්" ලෙස හා " ඉල්මහ විරුවන්" ලෙස නම් කර සැමැරුම් කිරීම ය. දේශද්‍රෝහී රාජද්‍රෝහී කම් කළ ත්‍රස්තවාදී ක්‍රියා කළ තම පක්ෂ සාමාජිකයන් විරුවන් වශයෙන් සැමරුම් කරන ජවිපෙ නායකත්වය දරණ ජනාධිපතිවරයා හා ජවිපෙ ප්‍රධාන දේශපාලන ධාරාව වන ජාතික ජන බලවේගය ආණ්ඩුව මෙම ඝාතනවල වගකීම භාර ගනීවිය යයි විශ්වාස කළ හැකි ද?
    ඒ සඳහා මාත්‍ය ධූරයක් ද බිල්ලට දීමට ක්‍රියා කරාවි ද යන්න විශ්වාස නැත. ජවිපෙ විසින් එදා මෙදා තුර කරන ලද කිසිදු ඝාතනයක් පිළිගෙන නැත.

    මීගමුව බන්ධනාගාර සිද්ධියේ නැති වූ ජීවිත වලට අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට, ජනතාවට වගකිව යුතු ය. මෙය ආණ්ඩුවේ වරදින් වූ මහා මනුෂ්‍ය ඝාතනයකි. නිසි ආරක්ෂාව නොසැලසීම සම්බන්ධව වගකිවයුතු සියලු දෙනාට ම විෂය භාර අමාත්‍යවරයා ඇතුලු සියලු දෙනාට ම අධිකරණයේ නඩු පවරා යුත්තිය සාධාරණය ඉටු කළ යුතු ය.

    ජවිපෙ රාජද්‍රෝහී, දේශද්‍රෝහි, ත්‍රස්තවාදී ක්‍රියා කළ සංවිධානයක් බව බටලන්ද කොමිෂන් සභා වාර්තාව පැහැදිලිව කියා ඇත. ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව එම වාර්තාව කැබිනට් මණ්ඩලයේ පිළිගැනීමෙන් හා පාර්ලිමේන්තුවේ සභා ගත කිරීමෙන් පිළිගෙන ඇත්තේ ය.

    කොමියුනිස්වාදීන් මනුෂ්‍ය ජීවිතවල හා දේපොළවල වටිනා කම දකින්නේ කොමියුනිස්ට්වාදට සාපේක්ෂකව පමණ ය. කොමියුනිස්ට්වාදීන් අන්‍ය මනුෂ්‍යයන්ගේ ලේ වල වටිනා කම්, කොමියුනිස්ට්වාදී නො වන අය මත නො දකින බව ලෝකයේ කොමියුනිස්ට් ව්‍යාපාරය විසින් ඔප්පු කොට ඇත්තේ ය. එවැනි තත්වයක් මත මේ මනුෂ්‍ය ඝාතන ගැන ආණ්ඩුවේ ස්ථාවරය අපි බලා සිටින්නෙමු.

    ReplyDelete
    Replies
    1. පල හැලී ලියන්න එපා පසෝ

      Delete
  2. ලපය AKD කෝඩ් රෙඩ් ඕඩර් එක දීල ඔක්කොම සමුලගත්නය කරලා හරි පාලනය ගන්න...ලපය මානව හිමිකම් අමු අමුවේ උල්ලංගනය කරලා...මූව තියන්න වටින්නේ නැහැ....අස්වෙලා පල එසිගේ පුටා. Anura Jumara Dissanayake (AKD) has given the code RED Order to eliminate all prisoners in Migamuva Prison and regain control. This is a "HUMAN RIGHTS VIOLATION". #PEACEINSRILANKA #justice #HumanRightsViolation #Trump #UnitedNations #UNHRC #CHANGE #NewGovernment #SriLanka #LK #NEWELECTIONS #ArrestAKD #BanJVPNPP

    ReplyDelete
    Replies
    1. පුළුවන්නම් එලවපන්. අපිනම් ලංකට්බය රාජපස්සව එලෙව්වා. පුළුවන්නම් කරලා පෙන්නපන්. අපිට කිසිම ගැටළුවක් නෑ හර්ශණ සහ අනුර සහ සම්පූර්ණ NPP සාමජිකයන්ව

      Delete
  3. වෙනස සැපද?

    ReplyDelete
  4. මීගමු පුනරුදය හොඳටම හම්බෙන්නේ

    ReplyDelete
Previous Post Next Post