සහල්වලින් බත් පමණක් නොවේ තවත් අතුරු නිෂ්පාදනයට යොදවනවා..

 


සහල් හුදෙක් ප්‍රධාන ආහාරය ලෙස බත් සඳහා පමණක් නොව, විවිධ අතුරු නිෂ්පාදන සඳහා යොදා ගැනීමට රජයේ අවධානය යොමු වී ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ විශේෂ සටහනක් තබමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, වී වගාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා මෙම නව ප්‍රවේශය අත්‍යවශ්‍ය බවයි. 

ඒ අනුව සහල් පදනම් කරගත් විවිධ නිෂ්පාදන ක්ෂේත්‍රයන් දිරිමත් කිරීම කෙරෙහි රජය ඉදිරියේදී කටයුතු කරනු ඇත.

ගොවි ජනතාව මුහුණ දෙන ගැටලුවලට ස්ථිර විසඳුම් ලබා දෙමින් ඔවුන්ගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීම රජයේ මූලික අරමුණ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. 

ඒ සඳහා වෙළඳපොළ තුළ පවතින බාධාවන් ඉවත් කර, සාධාරණ තරඟකාරිත්වයක් ඇති කිරීම හරහා ගොවියාට උපරිම ප්‍රතිලාභ ලබා දීමට රජය දීර්ඝකාලීන සැලසුමක් සකස් කරමින් සිටී.

3 Comments

  1. ඔව් උඹේ අම්මා --- ඒ කිව්වේ එක කුසේ උපන් අයියයි නංගියි නිදි වදිනකොට හදපු කෑම හදන්න පුළුවන් ... මොකෝ දන උඹලගේ පුන්රුදෙන් අපි හැමෝටම අලුත් විදිහට හිතන්න පුරුදු කරලනේ තියෙන්නේ .

    ReplyDelete
  2. හාල් පුණුරූදය.. 😂
    ඉන්ධන පුනරුදය .. 😂
    බදු පුනරුදය ,,,😂
    ණය පුණුරුදය.. 😂
    ඩෙංගු පුනුරුදය.. 😂

    ReplyDelete
  3. ඉතින් කරලා පෙන්නපිය බොරු කියලා තොපිලා ආවේ ඒකටනේ

    ReplyDelete
Previous Post Next Post