මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීම ප්‍රමාද වීම හේතුවෙන් සමස්ත සෞඛ්‍ය සේවාවම බිඳවැටීමේ බරපතළ අවදානමක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අනතුරු අඟවයි.
දිවයින පුරා ඩෙංගු රෝගය වසංගත තත්ත්වයක් දක්වා ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක මෙම තත්ත්වය උද්ගත වී ඇති බව එම සංගමය පෙන්වා දෙයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය කේ.බී. වරකාගොඩ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, 2026 ජූලි 01 වැනිදා වන විට මෙරටින් ඩෙංගු රෝගීන් 56,422ක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 35ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
පවතින රෝගී තත්ත්වය හමුවේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය කණ්ඩායම් සිය සාමාන්‍ය රාජකාරී ප්‍රමාණය මෙන් සිව් ගුණයක වැඩකොටසක් ඉටු කරමින් සිටින බව GMOA පවසයි.
රෝහල් පද්ධතියේ ඉදිරිපෙළ සේවාවන් පවත්වාගෙන යාම සඳහා සීමාවාසික වෛද්‍යවරුන්ගෙන් ලැබෙන දායකත්වය අතිශය තීරණාත්මක වුවද, නව කණ්ඩායම් රෝහල් වෙත අනුයුක්ත කිරීම මේ වන විට ඇනහිට තිබේ.
2025 ජූනි 30 වැනිදා සීමාවාසික පුහුණුව ආරම්භ කළ වෛද්‍ය උපාධිධාරීන් 545 දෙනෙකුගේ පුහුණු කාලය 2026 ජූනි 30 වැනිදායින් අවසන් වී ඇත.
එහෙත්, අධිකරණ ක්‍රියාමාර්ගයක් හේතුවෙන් නව සීමාවාසික වෛද්‍ය කණ්ඩායම් රෝහල් වෙත අනුයුක්ත කිරීමට නොහැකි වී ඇති බව වාර්තා වේ. මෙම පුරප්පාඩුව හේතුවෙන් රෝහල් වාට්ටු තුළ රෝගී සත්කාරක සේවා පවත්වාගෙන යාම දැඩි අර්බුදයකට ලක්ව ඇත.
සෞඛ්‍ය පද්ධතිය මුළුමනින්ම අඩාල වීම වැළැක්වීම සඳහා වහාම මැදිහත් වන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියි.
පවතින වසංගත තත්ත්වය සහ සෞඛ්‍ය සේවාවේ අත්‍යවශ්‍යතාව පිළිබඳව අධිකරණය වෙත කරුණු වාර්තා කර, සීමාවාසික වෛද්‍ය පත්වීම් කඩිනමින් ලබාදීමට පියවර ගන්නා ලෙස එම සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.
මෙම තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත් ඩෙංගු මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට ද වෛද්‍යවරු අනතුරු අඟවති.

❤️ watenne na pissu munta ... adambaraiii apita nam
ReplyDelete❤️ watenne na pissu munta ... adambaraiii apita nam
ReplyDeleteපුදුමයක්ද........මේ තිරිසන් ගල්කටස් මිනීමරු ජෙප්පෝ....හිරේ ඉන්න ඕනා උන් රාජ්ජ පාලනයේ ........ඩෝබිලාට අමතරව රොඩියෝ කොච්චර ඉන්නවද...ජෙප්පොන්ගේ පුක හිටන් ලෙවකාලා සුද්ද කන්න ...රොඩියෝ !
ReplyDelete