මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් අනතුරුව දිවයිනේ විවිධ බන්ධනාගාර වෙත මාරු කර යැවූ රැඳවියන්ට එම බන්ධනාගාර තුළදී අතිශය අමානුෂික ලෙස වධහිංසා පමුණුවන බවත්, ඒ හේතුවෙන් තවත් සැකකටයුතු මරණ දෙකක් වාර්තා වී ඇති බවත් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ කැඳවුම්කරු සුදේශ් නන්දිමාල් මහතා චෝදනා කරයි.
අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, මීගමුව බන්ධනාගාරයේදී නිලධාරීන් මියයාමට ප්‍රතිචාරයක් ලෙස බන්ධනාගාර නිලධාරීන් විසින් මෙම රැඳවියන්ගෙන් පළිගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටින බවයි.
මීගමුවෙන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරු කළ රැඳවියන්ට අධික පිරිසකට කපා ගන්නා ලද ජල නල භාවිත කරමින් අමානුෂික ලෙස පහර දී ඇති බව නන්දිමාල් මහතා අනාවරණය කළේය.
මෙම ප්‍රහාරය හේතුවෙන් රැඳවියන්ගේ පිටවල් පැළී බරපතළ තුවාල සිදුව ඇති බවත්, බන්ධනාගාර කාර්යාලය අසල ලේ පැවති බවත් ඔහු සඳහන් කළේය.
බූස්ස බන්ධනාගාරයට මාරු කළ රැඳවියෙකු මියයාම හදිසි අසනීප තත්ත්වයක් බව බලධාරීන් පැවසුවද, එය පහරදීමක් නිසා සිදුවූවක් බවට තමන්ට සැකයක් පවතින බව ඔහු පැවසීය.
මීට අමතරව වැලිකඩ බන්ධනාගාරය තුළ ද තවත් රැඳවියෙකු පහරදීමක් හේතුවෙන් මියගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ඔහු සඳහන් කළේය.
මෙම රැඳවියන් මාරු කිරීමේදී නිසි ලේඛන හෝ ලිපිගොනු නොමැතිව සිදු කර ඇති බැවින්, සිදුවන මරණ සහ තුවාල කිරීම් වසන් කිරීමට බලධාරීන්ට පහසු වී ඇති බවට ද ඔහු මෙහිදී බරපතළ චෝදනාවක් එල්ල කළේය.
"බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකු මියයාම ගැන අප කනගාටු වෙනවා. නමුත් ඊට පළිගැනීමක් ලෙස රැඳවියන් 21ක් මරනවා යන ස්ථාවරයේ නිලධාරීන් සිටින බව පෙනෙන්නට තිබෙනවා. මෙය කැලෑ නීතියක්," යැයි පැවසූ නන්දිමාල් මහතා, අධිකරණ අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් දක්වන මන්දගාමී ප්‍රතිචාරය ද දැඩි ලෙස විවේචනය කළේය.
බන්ධනාගාර පද්ධතිය තුළ පවතින අධික තදබදය සහ නිලධාරීන්ගේ පීඩනය මෙම අර්බුදයට හේතු වී ඇති බවත්, වහාම ස්වාධීන පරීක්ෂණ කමිටුවක් පත් කර මෙම අමානුෂික වධහිංසා නතර කිරීමට රජය මැදිහත් විය යුතු බවත් ඔහු අවධාරණය කළේය.
මානව හිමිකම් කොමිසම ඇතුළු වගකිවයුතු ආයතන මේ පිළිබඳව වහාම අවධානය යොමු කළ යුතු බව ද සුදේශ් නන්දිමාල් මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
Allegations of Inhumane Treatment and Deaths Amidst Prison Transfers in Sri Lanka
Following a recent conflict at the Mirigama Prison, serious allegations have emerged concerning the inhumane treatment of inmates transferred to various correctional facilities across the island. Sudesh Nandimal, the convener of the Committee for the Protection of Prisoners' Rights, has reported that these prisoners are subjected to brutal violence within these prisons, leading to two suspicious deaths.
During a discussion with an online media outlet, Nandimal pointed to retaliatory actions by prison officials following the deaths of inmates, suggesting that a pattern of retribution is being enforced. He stated that prisoners transferred from Mirigama to the Angunakolapelessa Prison have been consistently abused using cut water pipes, inflicting severe injuries.
These assaults have reportedly resulted in critical injuries, with accounts of bloodshed near the prison offices. Despite claims from officials that the death of a detainee at the Boossa Prison resulted from a sudden illness, Nandimal expressed his doubt, suspecting foul play linked to violence.
Moreover, it has come to light that another inmate died due to an assault at the Welikada Prison. Nandimal emphasized the lack of proper documentation during these transfers, implying that this has facilitated the occurrence of deaths and injuries without accountability.
"We regret the deaths of seven prison officers. However, it appears that in retaliation, 21 inmates are being killed. This represents a lawless jungle mentality," Nandimal asserted, critiquing the slow response from the Minister of Justice regarding these serious matters.
He reiterated that the overcrowding and pressure on prison staff are contributing factors to this crisis, calling for the immediate establishment of an independent investigative committee to halt these inhumane acts of violence. Nandimal urged relevant bodies, including the Human Rights Commission, to address this situation urgently.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
"සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ කැඳවුම්කරු සුදේශ් නන්දිමාල සිල්වා මහතා පවසයි"
ReplyDeleteමුගේ මුනේ හැටි...අවුරුදු දහයකින් වත් නාල නැහැ වගේ
uba dan nawapan
Deletedobila tika
එහෙම එවුන් තමයි බං මේ සංවිධාන වල ඉන්නේ. උඹ දැක්කේ නැද්ද අරගලයේ, අන්තර් විශ්වවිද්‍යාල කියන එකේ එහෙම හිටිය එවුන් 😀
Deleteමත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට,පාතාලය සමග සම්බන්ධකම් පවත්වන දේශපාලකයින්ගේ පක්ෂ තහනම් කල යුතුයි.ජේ.ආර්.J.V.P. තහනම් කල ආකාරයට.
ReplyDeleteJR, JVP එකතුවෙලා තමයි සිරිමාවෝ මැතිණියගේ දේශීය ආර්ථික සංකල්පය විනාස කරේ.
DeleteJR, JVP එකතුවෙලා තමයි සිරිමාවෝ මැතිණියගේ දේශීය ආර්ථික සංකල්පය විනාස කරේ.
Deletemarukarapu eken Mahaweli haduwa, Nidhas welada kalpa haduwa
Deleteavurudu ganak issrahata yanna thibuna eka nathikala kawda?
Jeppo, Koti.
Englsh walin uganwanna dawala pathrikawa genawa kiyala
welapuna
ඔය නිලධාරිනුත් මහා ජරා ජාතියක්. රොහාන් ප්‍රේමරත්න ගලිකිස්සේ ඉන්දැද්දී උට නිකම් ලිංගික සේවා දෙන්න බහැ කිව්වා නිසා අපේ ස්පා එකට පැනලා අපි ගණිකාවෝ කියලා පොලිසියෙන් අල්ලලා උසාවි දැම්මා. පොලිසියේ තියාගෙන ඉන්දැද්දී රොහාන් ප්‍රේමරත්න සහ අනික් අය වරින් වර අපිව දුෂණය කරා. සති දෙකක් බන්ධනාගාර ගත කරා එතැනදී බන්ධනාගාර නිලධාරින් අපිට දවස් 13ම පෝලිම් දැම්මා. ලස්සන කෙල්ලන්ට රැ දවල් දෙකේම 20ක් 25ක් විතර දවසකට කරා. ලොකු එවුන් ඩබල් ෂොට් ගැහුවා. අපි කොරගහගහ උසාවි ආවේ ඇප ගන්න. සමහර අය බඩවෙලා තිබුනා. ෆුඩ් සිටි එකේ පාන් රාත්තල් දෙකක් හොරකම් කරපු වයස 19 නංගි කෙනෙකුට වසර දෙකක සිරදඬුවම් ලැබිලා ඉන්නකොට මාස 18ක් හිරේ ඉන්දැද්දී දරුවෙකුත් ප්‍රසුත කරා. ඕක සිංහ TV එකෙත් ගියා. අපි එළිවෙනකම් ජේලර් ගැනුන්ගේ ඔලු කකුල් ඇඟවල් මසාජ් කරන්න ඕනේ. ඒ මදිවට පිරිමි වාට්ටුවල පස්ස පලනවලු. අපිත් එක්ක උසාවි ගිය මල්ලිලා තුන් දෙනෙක්ගේම පස්සවල් පලලා තිබුනේ. අනෙක ඕකුන් කතාකරන්නේ බල්ලොන්ට වගේ. කිසිම හැදියාවක් නැහැ. අපි ගණිකාවෝ නෙමෙයි. ස්පා එකේ වැඩිම වුනොත් අතේ පාරක් ගහනවා. එකත් කැමැත්තෙන් නෙමෙයි. අපිට වැඩකරේ ලයිසන් ස්පා එකක. ස්පා මුවාවෙන් බඩු සපෝට් තිබ්බට අපේ එහෙම නැහැ. නැතිබරිකමට දරුවට පිටිටිකක් ගන්න අම්මට බෙහෙත් ටිකක් ගන්න තමයි මේ රස්සාව අකමැත්තෙන් හරි කරේ. රටේ පාලන ක්‍රමය අනුව ඉගෙනගත්ත එකාට රස්සාවක් හොයාගන්න ක්‍රමයක් හදලා නැහැ. OL වත් නැති එවුන්ට මන්ත්‍රී අමෙති කම් සහ ශ්‍රී ලන්කන් එකේ සබාපතිකමුත් ඒ දවස් වල දුන්නා. මගේ මිනිහා යුද්දෙදි පුනරින් වල මැරුණා. දරුවට මාස 6යි මේක වෙනකොට. මට A/L තියෙනවා. කැම්පස් සිලෙක්ට් වුනත් යන්න සල්ලි තිබුනේ නැහැ. රජයේ රස්සාවකට ගියත් ඉන්න බෝසාලට අල්ලන්න ඕනේ උන් එක්ක රුම් යන්න ඕනේ. රුපියල් 2000 දඩේ ගෙවන්න බැරිව මාස 6ක් හිරේ ඉඳලා තමයි ආවේ. ලඟදි සයිප්‍රස් යන්න ජොබ් එකක් ආවා ඒත් හිරේ හිටිය නිසා පොලිස් රිපෝර්ට් එක ෆේල් නිසා රස්සාවට ගත්තේ නැහැ. දෙවිවරු වගේ ජෙලර්ලත් දෙතුන් දෙනෙක් හිටියා. අපිට පෝලිම් දාද්දි මුකුත් නොකර විනාඩි 30 ළඟ ඉඳලා ඔලුව අතගාලා මට කරන්න දෙයක් නැහැ නංගි කියලා ගියා. බහුතරයක් ජේලර්ලා බේබදු කාලකන්නි වලත්ත හැත්ත. මුන්ගේ ගෙවල් වල ගියොත් මුන් කෝටිපතියෝ වුනේ කොහමද කියලා හොයාගන්න පුළුවන් වෙයි. භාන්ධනාගාරය කියන්නේ හොර තිප්පොළක්
ReplyDelete