ජනපතිට වැඩක් දෙන්න මැඩකස්කරයේදී පාතාලයන් සාකච්චාවක්..


 රට පුරා ක්‍රියාත්මක වන දැඩි පාතාල සහ මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළ හමුවේ ජනාධිපතිවරයා ඉලක්ක කරගනිමින් කිසියම් තීරණයක් ගැනීමට පාතාල ප්‍රබලයින් පිරිසක් මැඩගස්කරයේදී රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇති බව මාධ්‍යවේදී ගයාන් ගාල්ලගේ මහතා අනාවරණය කරයි.

ජාතික රූපවාහිනියේ පැවැති විශේෂ වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

වත්මන් රජය විසින් මත්ද්‍රව්‍ය ජාලය සහ සංවිධානාත්මක අපරාධකරුවන් මැඩලීමට ගෙන ඇති දැඩි ක්‍රියාමාර්ග හේතුවෙන් ඔවුන්ගේ ‘ජාලය’ මුළුමනින්ම බිඳ වැටීමේ අවදානමක් මතුව ඇති බවත්, ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම කුමන්ත්‍රණය දියත් වන බවත් ඔහු පෙන්වා දුන්නේය.

"අපි හොයලා බලද්දී අනාවරණය වුණා, මත්ද්‍රව්‍ය මර්දනයත් එක්ක මේ පාතාල කල්ලි කණ්ඩායම් එක තැනකට එකතු වෙලා ජනාධිපතිවරයා සම්බන්ධයෙන් තීරණයක් ගන්න සාකච්ඡා කරලා තියෙනවා කියලා. විශේෂයෙන්ම මැඩගස්කරයේදී මෙවැනි සාකච්ඡාවක් සිදුව ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා. මේක හුදෙක් මත්ද්‍රව්‍ය ජාවාරම විතරක් නෙවෙයි, සමස්ත අපරාධ ජාලයම බිඳ වැටීම නිසා ඇතිවුණු තත්ත්වයක්" යැයි ගාල්ලගේ මහතා මෙහිදී පැවසීය.

මෙම තත්ත්වය හමුවේ බුද්ධි අංශ ලබාදුන් තොරතුරු මත පදනම්ව ජනාධිපතිවරයාගේ ආරක්ෂාව උපරිම මට්ටමකින් ඉහළ නැංවීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බව ද ඔහු සඳහන් කළේය. ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින මෙම බරපතළ තර්ජනය පිළිබඳව මහජනතාවට බාහිරින් නොපෙනුන ද, එහි පසුබිමේ අතිශය භයානක තත්ත්වයක් පවතින බව ඔහුගේ අදහසයි.

පාර්ලිමේන්තුව තුළ සිටින දේශපාලන ප්‍රතිවාදීන්ට වඩා භයානක පිරිසක් මෙම ක්‍රියාවලිය පිටුපස සිටින බවත්, රටේ නීතිය සහ සාමය සුරැකීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ අඩාල කිරීම ඔවුන්ගේ මූලික අරමුණ වී ඇති බවත් මාධ්‍යවේදී ගයාන් ගාල්ලගේ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.


Secret Discussions on Drug Trafficking Threats Held with President, Media Reveals

Media personnel Gayan Gallage has revealed that a secret discussion was held in Madagaskar regarding a significant decision concerning drug traffickers and organized crime networks, which are currently facing imminent threats of collapse due to the strict drug and organized crime suppression operations taking place throughout the country.

While participating in a program on the National Television, he stated that the ongoing crackdown had led to the drug trafficking networks being unable to continue their operations, resulting in an imminent risk of their complete disintegration. Consequently, these crime groups have engaged in discussions.

He also pointed out that, based on intelligence information received concerning this matter, measures have been taken to strengthen the President's security.

Although this heightened security protocol surrounding the President may appear to be a burden to the public, Gallage emphasized that there is a significant underlying tragedy behind it.

Additionally, he stated that this precarious situation is further exacerbated by the suspicion that some individuals representing the Parliament are even involved behind these operations.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

9 Comments

  1. පතිරණ ගලප්පත්තිJuly 3, 2026 at 10:47 PM

    මුළු රටම ජනාධිපති සහෝදරයා වටා ඉන්නවා, ඒ නිසා එහෙම ලේසියෙන් වැඩක් දෙන්ඩ බෑ. ඇරත් ගෑස් ඉවර වෙනකම් හිටිය විපක්ෂ දේශපාලනය කරන පිස්සො දෙන්නා තුන් දෙනාටත් පාරෙ බැහැල යන්ඩ බෑ ඉවර වෙනවා වෙනුවට දැන් ගෑස් මිළ රුපියල් දාස් ගණන් වලින් අඩු කරපු නිසා. පාරේ බැහැලා කොන්ද කෙලින් තියන් යන හැමෝම ඒ.කේ.ඩී. ගේ ශරීරාරක්ෂකයෙක් කියලා හිතුවට කමක් නෑ.

    ReplyDelete
    Replies
    1. උඹ මේකෙම වේලෙන පොන්සියෙක් වගේ.

      Delete
    2. එකඟයි!

      Delete
    3. ලෝක වෙළඳපොළේ වැඩි වෙනකොට වැඩි කරන්නයි අඩුවෙනකොට අඩු කරන්නයි ජනාධිපතිලා ඕනද බං? ඕක ඇහුවේ උඹේ හාම්පුතාලා.
      අනිත් එක කිසි වැඩක් නොකරන නිසා කරන්න වැඩක් දෙන්නද දන්නේ නෑ හදන්නේ... නැත්තන් ඒ කාළේ එපා කියපුව ඕන වෙලා ගහන ගෙමක්ද දන්නේ නෑ...

      Delete
    4. පතිරණ ගලප්පත්තිJuly 4, 2026 at 12:50 AM

      අපිට හාම්පුතාලා නෑ, අපිට හැමෝම එකයි, අපි සහෝදරයෝ. තොපිට තමා හාම්පුතාලා ඉන්නේ.

      අපේ අනුර සහෝදරයා ඇහුවේ ලෝක වෙළඳපලේ වැඩි වෙනකොට වැඩි කරන්ඩයි, අඩු වෙනකොටත් වැඩි කරන්ඩයි නම් ජනාධිපති කෙනෙක් මොකටද කියලා මිසක්, වැඩි වෙනකොට වැඩි කරන්ඩයි, අඩු වෙනකොට අඩු කරන්ඩයි ජනාධිපති කෙනෙක් මොකටද කියලා නෙවේ. ඉස්සෙල්ලා කරුණු හරියට අහලා හිටපන්, ගොං කථා කියන්ඩ කලින්.

      Delete
  2. මුලින් කිවේ බස් එකේ යනවා කෝච්චියේ යානාව පස්ස පැත්ත තියාගන්න කෝ ටි ගණන් වල වාහන මොකටද පොදු ජනතාවට නැති කිසි දෙයක් අපිට එපා කියලා නමුත් දැන් බොරුව දාලා සියලු සැප ගන්නවා අද දහවල් නිදහස් චතුරශ‍රයේ ගියා මහා තඩි කාර් එකක එක වාහන 20ක් විතර ආරක්ෂාවට ගියා. ලැජ්ජයි. යුද්දෙ ඉවර කරපු මහින්ද වත් ඔහොම ගියේ නෑ පාතාලේ උන් මොක්කුද උන්ට ඔය වගේ වැඩ කරන්න මොළයක් නෑ . වෙඩි නොවදින අලුත් බෙන්ස් එකක් ගන්න එච්චරයි ඕනා ඊට පස්සේ පොරොන්දු උන විදියට වාහන තුනක් එක්ක යන්න .මොකද්ද මේ විහිළුව

    ReplyDelete
    Replies
    1. සිරිල් ගාමිණීJuly 3, 2026 at 10:54 PM

      ඔබ ජෛන ආගමේ ද?

      Delete
    2. ෆර්ඩිනැන්ඩේස්July 4, 2026 at 12:06 AM

      උඹ කටුනායක වෙළඳ කලාපෙ ගෑනුන්ව සූරකන ගිනිපොලී කාරය නේද?

      Delete
  3. හා.හා.හා...මූ හිතාගෙන ඉන්න තරම.... නොදකින් ගැරඩියා

    ReplyDelete
Previous Post Next Post