ධීවර සංස්ථාවේ ‘JVP පංති 5’ කරනවා..

ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව වර්තමානය වන විට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන කටයුතු සඳහා යොදාගන්නා මධ්‍යස්ථානයක් බවට පත්ව ඇතැයි සමගි ජන බලවේගයේ කැස්බෑව ආසන සංවිධායක නිරෝෂන් පාදුක්ක මහතා බරපතළ චෝදනාවක් එල්ල කරයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ, සංස්ථාවේ සභාපති කපිල බමුණුආරච්චි මහතාගේ අනුදැනුම මත සෑම බදාදා සහ බ්‍රහස්පතින්දා දිනකම සංස්ථා පරිශ්‍රය තුළ ජවිපෙ "පන්ති පහ" දේශපාලන වැඩසටහන් පවත්වන බවයි.

සංස්ථාවේ වායුසමනය කළ ශාලා තුළ 30ත් 40ත් අතර පිරිසක් සහභාගී කරවා ගනිමින් මෙම දේශපාලන පන්ති පවත්වන බවත්, ඒ සඳහා රජයේ දේපළ සහ සම්පත් අත්තනෝමතික ලෙස භාවිත කරන බවත් පාදුක්ක මහතා මෙහිදී අනාවරණය කළේය. ඊට අදාළ සාක්ෂි ලෙස ජංගම දුරකථනයක තිබූ ඡායාරූප කිහිපයක්ද ඔහු මාධ්‍ය වෙත ප්‍රදර්ශනය කළේය.

සංස්ථාවේ සාමාන්‍යාධිකාරී, මූල්‍ය කළමනාකරු සහ මානව සම්පත් කළමනාකරු යන තිදෙනාම පසුගිය ජනවාරි මාසයේ සිට වැඩ තහනමකට ලක් කර ඇති බවත්, ඒ වෙනුවට අමාත්‍යාංශයෙන් පත් කළ නිලධාරියෙකුට රුපියල් 45,000ක අතිරේක දීමනාවක් ගෙවමින් පරිපාලන කටයුතු සිදු කරන බවත් ඔහු පැවසීය.

එසේම, දේශපාලන රැකවරණ පතා එංගලන්තයට ගොස් සිටින නිමාලි නැමැති කාන්තාවක විසින් මෙහෙයවන "දැක්ම" නැමැති WhatsApp සමූහයක් හරහා සංස්ථාවේ කටයුතු මෙහෙයවන බවත්, ඇය වෙනුවෙන් පසුගිය දෙසැම්බර් මාසයේදී රුපියල් ලක්ෂ 28ක මුදලක් ගෙවා ඇති බවත් පාදුක්ක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ධීවර වරාය නීතිගත සංස්ථාව මේ වන විට රුපියල් මිලියන 450ක පාඩුවක් ලබමින් පවතින ආයතනයක් බවත්, සේවක වැටුප් පවා රජයෙන් ලබා දෙන තත්ත්වයක් තුළ මෙවැනි මූල්‍ය අක්‍රමිකතා සහ දේශපාලන අතපෙවීම් සිදුවීම කණගාටුදායක බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙම දූෂිත ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉදිරියේදී විධිමත් පරීක්ෂණ පවත්වන බවටද නිරෝෂන් පාදුක්ක මහතා මෙහිදී අවධාරණය කළේය.






Political Allegations Arise Over State Fishing Port Authority's Operations

The Sri Lanka Fishing Port Authority is currently facing serious allegations, with claims that it has become a hub for political activities of the Janatha Vimukthi Peramuna (JVP), as stated by Nishan Padukka, the organizational secretary of the Samagi Jana Balawegaya in Kasbava.

Speaking at a press conference in Colombo, Padukka revealed that, under the guidance of the authority's chairman, Kapila Bamunaarachchi, political programs dubbed "Five Classes" are being conducted within the authority's premises every Wednesday and Thursday.

According to his statements, these sessions attract between 30 to 40 participants and utilize government property and resources without authorization. To substantiate his claims, Padukka presented several photographs from a mobile phone as evidence during the media briefing.

He also noted that the authority’s general manager, finance manager, and human resources manager have been on leave since January, with administrative tasks now handled by an official appointed from the ministry, who receives an additional allowance of 45,000 rupees.

Furthermore, Padukka highlighted that activities are being coordinated through a WhatsApp group called "Vision," managed by a woman named Nimaly, who is reportedly in England seeking political asylum. He claimed that a payment of 2.8 million rupees was made on her behalf last December.

The Fishing Port Authority currently faces a staggering loss of 450 million rupees, which raises concerns over such financial irregularities and the infiltration of political influences, particularly as employee salaries are reliant on government funding. He expressed disappointment over these revelations and underscored the need for immediate investigations into the corrupt practices surrounding the authority.

Padukka affirmed that there would be formal inquiries into this corrupt process in the near future.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post