ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ තීරණාත්මක පියවරක් ලෙස, ‘ණය මිලදී ගැනීමේ’ (Debt Buyback) ක්‍රමවේදය හරහා විදේශ ණය කොටසක් පියවා දැමීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය උපදේශන ආයතනයක් වන ලාසාර්ඩ් ෆ්‍රෙරෙස් (Lazard Freres) සමාගම සමඟ රජය සාකච්ඡා ආරම්භ කර ඇත.
රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ (PDMO) අධ්‍යක්ෂ ජනරාල් උදේනි උඩුගහපත්තුව මහත්මිය රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ, මීට පෙර සැම්බියාව වැනි රටවලට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සාර්ථකව උපදෙස් ලබා දුන් ලාසාර්ඩ් සමාගමේ විශේෂඥ සහය මේ සඳහා ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි.
මෙම මූල්‍ය ගනුදෙනු අතිශය සංකීර්ණ බැවින් සහ මෙරට නිලධාරීන්ට ඒ පිළිබඳ විශේෂඥ පුහුණුවක් තවමත් නොමැති බැවින්, ජාත්‍යන්තර සහය අත්‍යවශ්‍ය වී ඇති බව ඇය පෙන්වා දුන්නාය.
පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති බව නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි. රජයේ ආදායමට සාපේක්ෂව පොලී ගෙවීම් අනුපාතය 2023 වසරේ පැවති 80% සිට 2025 වසර වන විට 44% දක්වා පහත වැටී ඇත. මෙය වසර හයකට පසු වාර්තා වූ අවම අගය වීම විශේෂත්වයකි. එමෙන්ම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස පොලී පිරිවැය 8% දක්වා අඩු වී ඇති අතර, රජයේ මුළු ආදායම රුපියල් ට්‍රිලියන 5.486 දක්වා ඉහළ ගොස් තිබේ.
මුදල් අමාත්‍යාංශ දත්තවලට අනුව, 2030 සහ 2038 අතර කාලය තුළ කල් පිරෙන ඇමරිකානු ඩොලර් බිලියන 5කට අධික ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සහ සාර්ව-සම්බන්ධිත බැඳුම්කර ප්‍රමාණයක් පවතී. මෙම ණය බර කළමනාකරණය කර ගැනීම සඳහා සැම්බියාව අනුගමනය කළ ණය මිලදී ගැනීමේ ක්‍රමවේදය ශ්‍රී ලංකාවට ද යොදාගත හැකි බව ලාසාර්ඩ් සමාගම යෝජනා කර ඇත.
සැම්බියාව මෑතකදී ඇමරිකානු ඩොලර් බිලියන 1.36ක යුරෝ බැඳුම්කර ප්‍රමාණයක් මිලදී ගනිමින් සිය ණය පීඩනය ලිහිල් කර ගැනීමට සමත් විය.
2025 වසර අවසානය වන විට ශ්‍රී ලංකාවේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 32.195ක් ලෙස සටහන් වන අතර, ඉන් 37.5%ක් එනම් රුපියල් ට්‍රිලියන 11.675ක් විදේශ ණය වේ.
Sri Lanka Engages Lazard Freres for International Debt Restructuring
The Sri Lankan government has initiated discussions with Lazard Freres, an international financial advisory firm, to implement a 'Debt Buyback' mechanism as a critical step in restructuring its foreign debt. This endeavor aims to strategically reduce the debt burden on the nation.
Udheni Udugahapitiya, Director General of the Public Debt Management Office (PDMO), highlighted the expertise of Lazard, which has successfully assisted countries like Zambia in the past, expressing hope for similar support in Sri Lanka's case during a meeting of the government's financial committee.
Given the complexity of such financial transactions and the lack of specialized training among local officials, international assistance has become essential, she noted.
Recent data indicates a significant improvement in Sri Lanka's debt repayment capacity over the past few years. The ratio of interest payments relative to government revenue has dropped from 80% in 2023 to an anticipated 44% by 2025—a remarkable decrease representing the lowest level recorded in six years. Additionally, the interest expenditure as a percentage of Gross Domestic Product (GDP) has fallen to 8%, coinciding with an increase in total government revenue, which has surged to LKR 5.486 trillion.
According to the Finance Ministry, Sri Lanka faces over USD 5 billion in international zero-coupon bonds and other connected securities maturing between 2030 and 2038. Lazard has suggested that Sri Lanka could adopt the debt buyback strategy employed successfully by Zambia to manage its debt load.
Zambia recently alleviated its debt pressure by purchasing USD 1.36 billion worth of Eurobonds, showcasing a potential pathway for Sri Lanka.
By the end of 2025, it is projected that Sri Lanka’s total public debt will reach LKR 32.195 trillion, with 37.5%, or LKR 11.675 trillion, consisting of foreign debt.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

රට සෙමෙන් නමුත් නිසැකවම නිවැරැදි දිශාවට.
ReplyDeleteනයි, මුගටි, කෙළ තොල්ලං, නාකි හොන්තු, මළ පෙරේතයන් එක කොටයට ගොඩ වීම අරුමයක් නොවේ.
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
Deleteඅනේ තෝ මෙනවා දැනගෙන ද මේ කියවන්නේ? 76 වසරක් පුරා වාහනයක් ලියාපදිංචි කරන කොට අංක තහඩුවක් දුන්නා. මුංට අවුරුද්දක් වෙලත් තාම අලුත් වාහනවලට අංක තහඩුව මුද්‍රණය කරගන්න බෑ. ඉතිං තව නව තාක්ෂණය, කෘතීම බුද්ධිය ගැන කවර කතා ද? අධ්‍යාපනය, ගොවිතැන, අධිකරණය, රාජ්‍ය සේවය, දේශිය කර්මාන්ත සියල්ල වනසලා පචවලින්ම රට ගෙනියන්නයි හදන්නේ. 2027 දී උඹලා ඉවර කරන්නේ සජිත්-නාමල්-රනිල් නොව අපියි.
Deleteකෘතිම බුද්ධිය දාගෙන එකෙක් ආවා නේද? ආවට වැඩි වේගෙන් ලංකට් එකත් නැතුව හැමිනිලා ගියේ!!
Delete2027 ජනවාරි ද අප්‍රේල් ද අගෝස්තු ද දෙසැම්බර් ද? එක ජනාධිපති කෙනෙක් ද දෙන්නෙක් වගේ ඉන්නවද? ලංකට් දාල ද ඉන්නෙ?
ReplyDeleteඔය කොම්පැනිය හොයලා දුන්නෙ රනිලුයි සේමසිංහයි. ඒ දවස්වල ජෙප්පො පළු යන්න බැන්න උන් දෙන්නට... ණය ගෙවන එක කල් දාගන්නත් කොම්පැනි හොයාගෙන ඒවයින් පගාව ගන්නවය කියල.
ReplyDelete