ලෝක වෙලදපලෙන් වැඩි මිලට තෙල් අරන්.. සිපෙට්කෝට දැවැන්ත පාඩුවක්..- Public Finance


ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලෝක වෙළෙඳපොළේ පවතින සාමාන්‍ය මිල ගණන්වලට වඩා වැඩි මිලකට ඉන්ධන මිලදී ගැනීම හේතුවෙන්, පාරිභෝගිකයාට මෙන්ම සංස්ථාවට ද දැඩි මූල්‍ය අලාභයක් සිදුව ඇති බව ආර්ථික විශ්ලේෂණ ආයතනයක් වන publicfinance ආයතනය පෙන්වා දෙයි.

එම ආයතනය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, 2026 මැයි මාසයේදී ලෝක වෙළෙඳපොළේ පැවති සාමාන්‍ය මිල ගණන්වලට සාපේක්ෂව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෙට්‍රල් සඳහා සියයට 15ක් සහ ඩීසල් සඳහා සියයට 13ක් වැඩිපුර ගෙවා ඉන්ධන මිලදී ගෙන ඇත.

ලෝක වෙළෙඳපොළේ පවතින සාමාන්‍ය මිල ගණන්වලට අනුව ඉන්ධන මිලදී ගත්තේ නම්, 2026 ජූනි මාසය වන විට පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 381ක් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 424ක් ලෙස පැවතිය යුතුව තිබූ බව එම වාර්තාවේ සඳහන් වේ. රජය විසින් ලබා දෙන සහනාධාර සහ බදු ආපසු ගෙවීම් ද (පෙට්‍රල් සඳහා රුපියල් 20ක් සහ ඩීසල් සඳහා රුපියල් 100ක්) මෙම මිල ගණන්වලට ඇතුළත් වේ.

එහෙත්, පවතින මිල සූත්‍රයට අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 407ක් ලෙස නියම කර තිබුණ ද, එය සැබෑ මිල සූත්‍රයට වඩා රුපියල් 26ක වැඩි වීමකි. එමෙන්ම පෙට්‍රල් ලීටරයක මිල ද නියමිත මිලට වඩා රුපියල් 9කින් ඉහළ අගයක් ගෙන තිබේ.

සංස්ථාව පාඩු ලැබීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ වෙළෙඳපොළ මිලෙන් බැහැර වූ පිරිවැය බව publicfinance ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙයි.

සංස්ථාව පවසන පරිදි පිරිවැය පියවා ගැනීම සඳහා පෙට්‍රල් ලීටරයක් රුපියල් 474කට සහ ඩීසල් ලීටරයක් රුපියල් 436කට අලෙවි කළ යුතුය.

මේ අනුව, ජූනි මාසයේ පැවති සිල්ලර මිල ගණන්වලට සාපේක්ෂව සංස්ථාව පෙට්‍රල් ලීටරයකින් රුපියල් 40ක සහ ඩීසල් ලීටරයකින් රුපියල් 29ක පාඩුවක් ලබන බව පෙනී යයි.

එම වාර්තාව පෙන්වා දෙන්නේ, ලෝක වෙළෙඳපොළ මිලට සාපේක්ෂව ශ්‍රී ලංකාව තුළ ඩීසල් වැඩි මිලකට අලෙවි කරන අතරම, සංස්ථාව විසින් මිලදී ගත් අධික පිරිවැයට සාපේක්ෂව පෙට්‍රල් සහ ඩීසල් යන දෙවර්ගයම අඩු මිලකට  අලෙවි කරන බවයි. 





Economic Study Reveals Substantial Losses for Lanka Mineral Oil Corporation

The Lanka Mineral Oil Corporation is facing severe financial losses due to purchasing fuel at prices significantly above global market rates, according to a recent report from Public Finance, an economic analysis agency.

The company's latest findings indicate that, compared to global averages in May 2026, it paid 15% more for petrol and 13% more for diesel. Consequently, if fuel had been acquired at prevailing market prices, the cost of petrol per liter would have been Rs. 381 and diesel Rs. 424 by June 2026. These estimates also factor in government subsidies and tax refunds, which amount to Rs. 20 for petrol and Rs. 100 for diesel.

However, despite these projections, the actual price set for diesel stands at Rs. 407 per liter—Rs. 26 above the calculated fair market price. Similarly, petrol is priced Rs. 9 higher than expected.

The primary contributor to the Corporation's losses appears to be the costs incurred that diverge from the market price, as highlighted by Public Finance.

To break even, the Corporation would need to sell petrol at Rs. 474 per liter and diesel at Rs. 436 per liter. In this context, the losses become evident, with the Corporation potentially facing a deficit of Rs. 40 per liter for petrol and Rs. 29 per liter for diesel, compared to retail prices in June.

The report underscores the troubling situation in Sri Lanka, where diesel is sold at a premium relative to global market prices, while both petrol and diesel are sold below the costs incurred by the Corporation.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

5 Comments

  1. අනුරයා විපක්ෂෙ හිටියා නං අහගන්න තිබ්බා ඕවාට ඇස් ලොකු කරලා කට උල් කරලා කියන කතා ටික..

    ReplyDelete
    Replies
    1. Atthata? Uba danna dewal...Gihin chu karala nida ganin...Ubala 2029 th Ayeth gedara

      Delete
  2. අනුරයා තවම විපක්ෂෙ තමයි බන් ඉන්නෙ. "අනුර ජනාධිපති වුනාම මේ ඔක්කොම ප්‍රශ්න ඉවර කරනවා පෝය දෙකෙන්." කියලා අපේ ගෙවල් ළඟ එකෙක් කියපු කතාවක් මතක් වුනා. හැබැයි දැන් ඌ හොයාගන්නත් නැහැ.

    ReplyDelete
  3. ලංකාවෙ නම් වෙන්ට බැහැ.

    ReplyDelete
  4. මාළිමා බලුමැක්කන් සහ දූශිත පරපෝශිත නිලධාරී නිලමැස්සන්ගේ කූඨ ක්‍රියාන්විතයන් පිළිබඳව සමස්ථ පුරවැසියන්ගේ දැඩි අවධානයට,.!July 6, 2026 at 1:00 PM

    ලක් ඉතිහාසයේ දූශිතම බොරතෙල් ගල්අගූරැ වංචාව,..
    සහ ලෝකය තුල සමස්ත ශ්‍රීලාංකිකයින් අපහාසයට උපහාසයට ලක්කරමින් සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ විචාර බුද්ධියට දැඩිලෙස අපහාස කරමින්,
    විශ්වය පවා කොපයට පත්කරවනාලද,..
    මුග්ධ අමන අසික්ඛිත මාලිමා හොරිකඩ බලලන්, ලෝකය තුල ශ්‍රී ලංකිකයන් සමච්චලයට පතකරනාලද,..
    අන්තයටම දූෂිතවූ..
    පද්ධති ස්ථාවර කිරීමට යැයි පවසා,..
    අතිශයින් පරිසර හිතකාමී සූර්‍ය බලය විසංදි කිරීමට ලබා දෙන ලද විධානය,..

    ඩීසල් විදුළියබළ මාපියාවට අවශ්‍ය පරිදි දූශිත ලෙසට සූර්‍යකෝශ වසන්ධි කීරිම සඳහා සැලසුම් කරනා, බලුමැක්කා වැනි අසංවර අනුර ජඩාධිපති මුග්ධයා,.
    ඇතුළු මාළිමා බලුමැක්කන් සහ දූශිත පරපෝශිත නිලධාරී නිලමැස්සන්ගේ කූඨ ක්‍රියාන්විතයන් පිළිබඳව සමස්ථ පුරවැසියන්ගේ දැඩි අවධානයට,.!

    රැසියානු බොරතෙල් 65$ තිබියදී 400$$ අධික මුදලට වංචාවට දූශණයට අතයට මුදලට ලබාගන්නා දූශිත මාළිමාවේ පාදඩ ජඩපකිස්,සහමාලිමාවේ ගල්අගුරැ වංචාව, සහ දූශිත නැව් ගත කරනා ලද බහාලුම් වරායෙන් පිට කිරීම, සහ දිගටම සිදුකරමින් පවතිනා අති දැවැන්ත බැංකු මංකොල්ලයන්,සහ මිනීමැරැම් වහාම විනිවිද පෙනෙනා ලෙසට විමර්ශණයට ලක්කර වැරදිකරැවන්ට තරාතිරම නොබලා වහාම දඪුවම් ලබාදෙනු,.!
    සමස්ථ රාජ්‍යයේ කුනුකසල ප්‍රතිචක්‍රීය කරනයට වහාම රජය මැදිහත්වී වහා වහා විධිමත්ලෙස, තාකෂනය භාවිතාකරමින්, නව චින්තනයක් සහිතවූ, නව ප්‍රතිපත්ති සැලසුම් නීතිරීති සම්පාදනය කර, සක්‍රීය ලෙසට භාන්ඩාගාරයේ මුදල් යොදවා විමත්ලෙසට කසල කලමනාකරනය වහාම කියාත්මක කරනූ,.!
    මදුරැ වසංගතයක් යැයි පවසා මහජනතාවට නීතිවිරෝධී ලෙස අධිකරන ක්‍රියාමාර්ග ගනු ලබනා කැලෑ නීතිය ක්‍රියාත්මක කරනා අධම සෟඛපරීකෂක මුග්ධයන්ගේ අමනොඥ ක්‍රියාවන් පිළිබඳව සමස්ථ පුරවැසියන්ගේ අවධානය,.!

    ReplyDelete
Previous Post Next Post