ශ්‍රී ලංකාවේ විදේශ සංචිතය ඉදිරි වසර දෙකක කාලය ඇතුළත ඇමරිකානු ඩොලර් බිලියන 15 දක්වා ඉහළ නංවා ගැනීමට අපොහොසත් වුවහොත්, 2028 වසර අවසානයේදී මෙරට දරුණුතම ආර්ථික යුද්ධයකට මුහුණ දෙනු ඇති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
හිටපු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් රචිත “යුද දෙකකට උර දී” ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවයට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මහ බැංකු වාර්තාවලට අනුව මේ වසර අවසානය වන විට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 8ක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කළද, 2028 දී ණය ගෙවීම් ආරම්භ කිරීමට නම් එය බිලියන 15ක් දක්වා වැඩි විය යුතු බව ඔහු පෙන්වා දුන්නේය.
එහෙත් ඉතිරි ඩොලර් බිලියන 7 සොයා ගැනීම සඳහා වත්මන් රජය සතුව කිසිදු පැහැදිලි වැඩපිළිවෙළක් මෙතෙක් සකස් කර නොමැති බව වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.
පසුගිය ආර්ථික අර්බුද අවස්ථාවේදී ඉන්දියාවෙන් ඩොලර් බිලියන 4ක් සහ බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 100ක සහාය ලැබුණු බවත්, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ජපානය වැනි රටවල් ලබාදුන් සහාය මත රට ස්ථාවර කළ බවත් ඔහු සිහිපත් කළේය.
2027 මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ගිවිසුම අවසන් වන බැවින්, ඉන් අනතුරුව රටේ ආර්ථිකය මෙහෙයවන ආකාරය පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බව හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
ආර්ථික පරිවර්තන පනත වැනි වැදගත් නීතිමය රාමුවලින් බැහැරව කටයුතු කිරීමෙන් රට යළිත් බංකොලොත් භාවයට පත්වීමේ අවදානමක් පවතින බවත්, පාර්ලිමේන්තුව තුළ හෝ ඉන් පිටත මේ පිළිබඳව නිසි සංවාදයක් ගොඩනැගී නොමැති බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
2028 වසරේදී එළඹෙන මෙම තීරණාත්මක ආර්ථික අභියෝගයට සාර්ථකව මුහුණ දීමට නම් විදේශ ආදායම් මාර්ග කඩිනමින් පුළුල් කරගත යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
Former President Warns of Economic Crisis by 2028 if Foreign Reserves Fail to Increase
Former President Ranil Wickremesinghe has issued a stark warning that Sri Lanka could face a severe economic crisis by the end of 2028 unless the country's foreign reserves reach as high as $15 billion within the next two years. His comments came during the launch of the book "Facing Two Wars," authored by former Minister Ranjith Siyambalapitiya, held at the Bandaranaike Memorial International Conference Hall in Colombo.
Wickremesinghe pointed out that while the Central Bank predicts an increase in foreign reserves to $8 billion by the end of this year, approximately $15 billion will be necessary to commence repayment of debts by 2028.
He emphasized that the current government has yet to establish a clear plan to secure the remaining $7 billion required to meet this target.
Recalling the previous economic crisis, Wickremesinghe noted that support from India amounting to $4 billion and $100 million from Bangladesh, along with assistance from the World Bank, Asian Development Bank, and Japan, played crucial roles in stabilizing the nation.
The former president further stressed the need for heightened attention on economic management once the International Monetary Fund (IMF) agreement concludes in March 2027.
He cautioned that acting outside essential legal frameworks, such as the Economic Reform Act, poses a risk of the country falling back into bankruptcy and highlighted the lack of proper discussions on this issue within Parliament or beyond.
To successfully address the impending economic challenges in 2028, Wickremesinghe urged immediate efforts to diversify foreign income sources.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ආ, මේ ඉන්නේ පිං අගමැතියා, අනුප්‍රාප්තික ජනාධිපති, අපේ සජිත් ප්‍රේමදාස උතුමාණන් කියන විදියට. කොළඹ හතේ නෝනලා කියන විදියට මිස්ටර් ක්ලීන්. කොළඹ 10 ජනතාව ජනතාව කියන විදියට ඇම්ඩන්. නිකම් ගමේ පගයලා කියන විදියට පිස්සා. කොයි කවුරු කොයි විදියට කිව්වත් කමක් නෑ මගේ දෙයියෝ, ආයේ ජනාධිපති වෙලා වඩින්ඩ හාමුදුරුවනේ. නැත්නම් අපිට රටක් නෑ.
ReplyDelete2001 ආර්ථිකය වර්ධනය +1.4 ට බැහැලා තිබුණ වෙලාවෙ රනිල් රට බාර අරගෙන අවුරුද්දෙන් ආර්ථික වර්ධනය +4.5 ට ගෙනාවා
Delete2022 දී ආර්ථික වර්ධනය (සෘණ) -7.5 වෙලා තිබුණා. රනිල් ඒක අවුරුදු දෙකෙන් +5.0 ට ගෙනාවා
Deletequoted from below
වැඩ බැරි කෙබර කොටා ජනාධිපති කෙරුවා
Deleteඋගත්කම වැදගත් කම සාමාන්‍ය දැනීම බින්දුවයි මේ කොමෙන්ට් එක කොටපු පිස්සිගෙ. පචයටම ගැලපෙනවා
DeleteIt looks like Grandpa is going to have another chance sooner or later.
ReplyDelete2001 ආර්ථිකය වර්ධනය +1.4 ට බැහැලා තිබුණ වෙලාවෙ රනිල් රට බාර අරගෙන අවුරුද්දෙන් ආර්ථික වර්ධනය +4.5 ට ගෙනාවා. 2022 දී ආර්ථික වර්ධනය (සෘණ) -7.5 වෙලා තිබුණා. රනිල් ඒක අවුරුදු දෙකෙන් +5.0 ට ගෙනාවා. අපේ ගොන් හැත්තට මොළේ නෑ. රනිල් විශ්වකර්මයා පන්නලා වැඩ බැරි කෙබර කොටා ජනාධිපති කෙරුවා. 2028 දී ණය ගෙවන්න නම් අපිට නොකා නොබී ඉන්න වෙනවා.
ReplyDelete2001 ආර්ථිකය වර්ධනය +1.4 ට බැහැලා තිබුණ වෙලාවෙ රනිල් රට බාර අරගෙන අවුරුද්දෙන් ආර්ථික වර්ධනය +4.5 ට ගෙනාවා. 2022 දී ආර්ථික වර්ධනය (සෘණ) -7.5 වෙලා තිබුණා. රනිල් ඒක අවුරුදු දෙකෙන් +5.0 ට ගෙනාවා. අපේ ගොන් හැත්තට මොළේ නෑ. රනිල් විශ්වකර්මයා පන්නලා වැඩ බැරි කෙබර කොටා ජනාධිපති කෙරුවා. 2028 දී ණය ගෙවන්න නම් අපිට නොකා නොබී ඉන්න වෙනවා.
ReplyDeleteදරැණුම පොළියකට දැවැන්තම විදෙස් ණයමුදළක් ණයටගෙන දැවැන්තම ණය උගුළකට රට සිරකළ, මහදවල් මහබැංකුව බිඳදමා දශක පකට වඩා බළපෑමක් ඇතිකරමින් බැංකූපොළීය පළදායි මට්ටමට වඩා ඉහළට ඇද්දමා සමස්ථ ආර්ථිකය ඝාථණය කර දැමූ..
ReplyDeleteහම්බන්තොට වරාය විකුණා කජු කෑ බටලන්දේ වදකයා නොහොත් බැංකු හොරා, පාසකු ප්‍රහාරයට ඉන්ටපෝල් සී අයි ඵ් යූ ඵස් අයිඩී සංවිධානයට ශෘජුව සහය දැක්වූ..යාපනය පුස්තකාළය ගිනිබත්කර දැමූ..
මාතෘෘභූමියේට දශක පහකට වැඩි කාළයක් සාපයක්ව පැවති,.
කපටි වංචනීක නාකි නරියා නැවත හූ කීමට පටන්ගෙන ඇති බැවින් වහාම මහබැංකු වංචාව විමර්ශණය්යට ලක්කර නීතිය ක්‍රියාත්මක කරනු,.!
ඒ සමගම කොන්ටේනර් ටැංකි 323, මහා ගල් අඟුරු වංචාව, හාල් ආනයන වංචාව ආදිය ගැනත් විමර්ශණය්යට ලක්කර නීතිය ක්‍රියාත්මක කරනු,.!
Deleteකපටි නරිය රටත් රටේ ආර්තිකයත් බේරල දුන්න නිසා ලප වෘඛයා ඇතුලු මිණීමරු රැල තාම පණ බේරගෙන ඉන්නව.
DeleteNodakin pelawaththe bath balaya.mahapolawata behala balapan.
Deleteබයවෙන්ට එපා
ReplyDeleteදැනටම ලංකාව ඉන්දියාවට උගස් තියල තියෙන්නේ
ඉතිං රටවෙනුවෙන් හිතල පොඩි උපදෙස් ටිකක් දෙන්නකො. රට අායෙත් වැටෙන්නෙ ඔය මහත්තයත් එක්කනෙ.
ReplyDeleteඇයි හුණ්ඩු කොටා සමග ඩයි මයිනට බැරිද?
Deleteආහ් සූත්තර සීයේ.. ඉතිං ඔයා එන්නකො.. හැබැයි ඡන්දෙ දිනල හොදේ.. දහම් ගැට දාල නෙමෙයි. 🤮🤮🤮
ReplyDeleteපුංචිගෙ මිනිහට නම් බෑම තමයි
DeleteLanka C news, ubalage mei news ekata uththare ada deela thiyenawa ubalagema news ekakin. Ranil ge nils sancharaya UK wala poth wala naha kiyala thiyenne. Ithin arthike watenna epai naki ballata hatiyata
ReplyDelete