22 ගැන UNට සත්‍ය පැහැදිලි කරනවා..- විදේශ ඇමති


22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විනිසුරුවරුන්ගේ සහ නීතිඥයන්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ වාර්තාකාරිනී මාග්‍රට් සැටර්ත්වේට් මතු කළ කරුණු සම්බන්ධයෙන් රජය නිල ප්‍රතිචාර දැක්වීමට සූදානම් බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ශ්‍රී ලංකා රජය වෙත නිල ලිපියක් යොමු කරමින් විශේෂ වාර්තාකාරිනිය සඳහන් කර ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළ යෝජනාව ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල නොවිය හැකි බවයි.

අධිකරණයේ ස්වාධීනත්වය, සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය, බලතල බෙදීම සහ විනිසුරුවරුන්ට කිසිදු අනිසි බලපෑමකින් හෝ මැදිහත්වීමකින් තොරව සිය රාජකාරි ඉටු කිරීමට ඇති හැකියාව කෙරෙහි මෙයින් බලපෑමක් එල්ල විය හැකි බවට ඇය සිය ලිපිය මගින් සැක පළ කර තිබේ. එමෙන්ම මෙම ප්‍රතිසංස්කරණ පිළිබඳව වැඩිදුර තොරතුරු ද ඇය රජයෙන් ඉල්ලා ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය විජිත හේරත් මහතා කියා සිටියේ, විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ඉතා ඉක්මනින් විශේෂ වාර්තාකාරිනිය වෙත සවිස්තරාත්මක පිළිතුරක් යොමු කරන බවයි.

"මෙම ව්‍යවස්ථා සංශෝධනය හුදෙක් සේවා අවශ්‍යතාව මත සහ අධිකරණ පද්ධතියේ පවතින නඩු ප්‍රමාදය අවසන් කිරීමේ අරමුණින් ගෙන එන ලද්දක් මිස, කිසිදු පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් සිදු කරන ලද්දක් නොවන බව අපි පැහැදිලි කරනවා. මෙය හුදෙක් ව්‍යුහාත්මක වෙනසක් පමණයි," යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කළේය.

රජය ගන්නා සෑම පියවරක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවට අනුකූලව සිදු කරන බවත්, මෙය කිසිවෙකුට බලහත්කාරයෙන් පටවන්නක් නොවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.





Sri Lankan Government Prepares Response to UN Report on Constitutional Amendments

The Sri Lankan government is poised to address concerns raised by Special Rapporteur Margaret Satterthwaite regarding the independence of judges and legal professionals in relation to the proposed 22nd Constitutional Amendment. Foreign Affairs Minister Wijitha Herath confirmed the government's readiness to respond officially to the matter.

In her letter to the Sri Lankan government, Satterthwaite pointed out that proposals to extend the retirement age of Supreme Court judges may not align with international human rights standards. Her communication raised concerns about potential impacts on judicial independence, the right to a fair trial, the separation of powers, and judges’ ability to carry out their duties free from undue influence or interference. She has also requested further clarification from the government regarding the proposed amendments.

Minister Herath indicated that a detailed response would be issued to the Special Rapporteur swiftly through the Foreign Affairs Ministry. He emphasized that the constitutional amendment is aimed solely at addressing the service requirements and alleviating delays in the judicial system, clarifying that it is not intended to target any individual specifically. "This is merely a structural change," he stated.

Furthermore, the minister reiterated that all steps taken by the government would comply with the Constitution and democratic framework, asserting that there would be no coercive imposition on anyone involved.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

7 Comments

  1. දීි කිරට බළල්ලු th සාක්ෂි.

    ReplyDelete
  2. ඉංගිරිස් වලින් නං පහදන්න යන්න එපා

    ReplyDelete
  3. පුදුම අමාරුවක් තියෙන්නේ 22 ගැන. විනිසුරු මාරු උනොත් ගහපු ගේම් ටික ගහලා නීතිය නමාගන්න බැරි වෙනවනේ.

    ReplyDelete
  4. එදා ඉංදියාවෙදි පැහැදිලි කරපු විදියටම පහදලා දුන්නොත් නමිි හොඳටම තෙරිලා කිසිම විවාදයක් නැතිවම UN එකෙන් පිලි ගනිවි

    නැත්නමිි හදුන්හෙටිිටිව යවන්න. ඔක බිල් කුචිිචන් එකක් වෙන්නෙ නැතිවෙන විදියටම වැඩෙ set කරලා දෙයි

    ReplyDelete
  5. මොන භාෂාවෙන්ද දන්නේ නෑ පැහැදිලි කරන්නේ 😆😆 බිග් කුච්චන් එක්ක මැන් ඔෆ් ද මෑච් එක්ක ගියානම් වැඩේ ගොඩ

    ReplyDelete
  6. පච කෙලල මොඩ ඩෝබිල අන්සන්න එපා. ස්වාධීන අධිකරන පිලිබද UN කාර්ය්‍ය රීති සංග්‍රහයේ 11 වන වගන්තියෙන් කියන්නේ “ අධිකරන විනිසුරුවන්ට බලපාන වෙනස් කම් වලදී ඒවා සිටින විනිසුරන්ට බලපාන ලෙස නොකල යුතු” බව. ඒ අනුවයි UN Statment එක issue කලේ. එකට බච රාලලාට සාකච්චා කරන්න දෙයක් නෑ.

    ReplyDelete
  7. සිංහලෙන්ද?

    ReplyDelete
Previous Post Next Post