22 මෙච්චර හොදනම් ඇයි කලබලේ.. කලින් නොකීවෙ ඇයි..- සාලිය පීරිස්


 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කොළඹදී පැවති නීතිඥ හමුවකදී දැඩි විවේචනයක් එල්ල කළේය.

මෙම හමුවේදී ඔහු පෙන්වා දුන්නේ, මෙම සංශෝධනය සැබවින්ම යහපත් අරමුණකින් ගෙන එන්නක් නම් එය මීට මාස හයකට පමණ පෙර ප්‍රකාශයට පත් කිරීමට රජයට හැකියාව තිබූ බවයි.

ආණ්ඩුව පවසන කරුණු ඒ අයුරින්ම පිළිගැනීමට පෙර ඒ පිළිබඳව ගැඹුරින් කල්පනා කරන ලෙස ඔහු මෙහිදී මහජනතාවගෙන් ඉල්ලා සිටියේය. අධිකරණ පද්ධතියේ විශාල වෙනසක් සිදු කරන බව පෙන්වීමට රජය උත්සාහ කළද, පවතින ප්‍රායෝගික තත්ත්වය ඊට වඩා වෙනස් බව ඔහු පෙන්වා දුන්නේය.

යෝජිත සංශෝධනය මගින් අභියාචනාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව තවත් පස් දෙනෙකුගෙන් වැඩි කිරීමට යෝජනා වී ඇති බවත්, එහෙත් දැනටමත් අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු හතරක් පවතින බවත් සාලිය පීරිස් මහතා අනාවරණය කළේය.

පවතින පුරප්පාඩු පිරවීමට කටයුතු නොකර විනිසුරුවරුන් සංඛ්‍යාව වැඩි කිරීමට උත්සාහ කිරීමේ සද්භාවය පිළිබඳව ඔහු මෙහිදී ප්‍රශ්න කළේය.

එසේම, මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 120 දක්වා ඉහළ නැංවීමට රජය සූදානම් වන බවත්, වත්මන් නීතිය යටතේ විනිසුරුවරුන් 110 දෙනෙකු පත් කිරීමට අවසර තිබියදී දැනට සේවයේ යෙදී සිටින්නේ 93 දෙනෙකු පමණක් බවත් ඔහු සඳහන් කළේය.

"දැනට පවතින පුරප්පාඩු පවා සම්පූර්ණ නොකර, අලුත් සංශෝධන මගින් සංඛ්‍යාවන් වැඩි කර පෙන්වීමට උත්සාහ කරන්නේ රජය අධිකරණ ක්ෂේත්‍රයේ ලොකු විප්ලවයක් කරන බව පෙන්වීමට පමණයි," යැයි ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම නීතිඥ හමුව සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් එක්ව සිටි අතර එහිදී ව්‍යවස්ථා සංශෝධනයේ නීතිමය බලපෑම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.





President's Counsel Saliya Peiris Critiques Constitutional Amendment at Legal Forum

During a legal forum held in Colombo, President's Counsel Saliya Peiris expressed significant concerns regarding the 22nd Constitutional Amendment. His remarks underscored the necessity for deeper public contemplation before accepting the government's assertions surrounding the amendment's intentions.

Peiris highlighted that if the amendment indeed aimed to serve the public good, the government could have announced it around six months earlier. He urged the public to thoroughly consider the implications before embracing the presented arguments.

Although the government claims that it is undertaking substantial changes to the judicial system, Peiris pointed out that practical realities differ markedly from these assertions. He revealed that the proposed amendment suggests increasing the number of appellate judges beyond five, while there are currently four vacancies on the appellate court bench.

Peiris questioned the government's motivations in attempting to expand the number of judges without first filling existing vacancies, casting doubt on the genuine intentions behind this proposed increase.

He further noted that the government appears prepared to raise the number of Supreme Court judges to 120, even though current law permits the appointment of 110 justices, with only approximately 93 currently serving. "By attempting to demonstrate an increase in numbers through new amendments without addressing existing vacancies, the government merely seeks to showcase a significant transformation in the judicial sector," he emphasized.

The forum attracted numerous legal professionals who engaged in extensive discussions on the legal implications of the proposed constitutional amendment.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

9 Comments

  1. Bar Association MemberAugust 22, 2026 at 5:33 PM

    කලබලේට ප්‍රධානතම හේතු
    1. කොටි ඩයස්පෝරාවට ඕනෑ විදියට රට බෙදීම
    2. 2027 ජෙප්පන් සෙත්ත පෝච්චි කිරීමට නියමිත රටේ ආර්ථිකය නිසා මතුවන ජන අරගල අධිකරණය මගින්ම මර්දනය කිරීම
    3. කටෝලික මාෆියාව සන්තර්පණය කිරීමට පාස්කු නඩුවේ ලැබීමට නියමිත යැයි අනුමාන කළ හැකි තීන්දුවේ ඇපෑල ශ්‍රේෂ්ඨාධිකරණය ලවා තහවුරු කර ගැනීම.
    4. පාර්ලිමේන්තුවේ කාලය තවත් වසර හයකින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිටෙන් දිග්ගස්සා ගැනීම
    5. දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කරන ලැබීමට නියමිත නඩු තීන්දු රාශියක් ශ්‍රේෂ්ඨාධිකරණය ලවා තහවුරු කර ගැනීම

    ReplyDelete
    Replies
    1. ඔය දේවල් මේ රටේ 95%කට තේරෙන්නෙ නෑ. විශේෂයෙන්ම ලක්ශ 69 සියල්ලන්ටම අවබෝධ වෙන්නෙ නෑ.

      Delete
    2. පතිරණ ගලප්පත්තිAugust 22, 2026 at 6:29 PM

      බම්බුව තමයි. ඔය හරුප අපිට තේරෙන්නෙ නෑ. අපේ ජනාධිපතිතුමා සද්භාවයෙන් පමණයි වැඩ කරන්නෙ. අපි බය නැතිව අපේ ගෑණු සහ ගෑණු දරුවන් පවා එතුමට දෙන්න ලෑස්තියි.

      Delete
    3. ponna ගලප්පත්ති ge ගෑණු දරුවන්?

      Delete
    4. අභියාචනාධිකරණ විනිසුරුවරුන් ගණන වැඩි කිරීම උතුර නැගෙනහිරට බලය විමධ්‍යගත කිරීමේ පියවරක් ලෙස ක්‍රියාත්මක වෙනවා නම් ඒක හරිම භයානකයි. ඊලඟට පොලිස් බලතල !

      Delete
  2. කුණු කොත්තුවක් කාලා රෙන්න බර හදාගෙන හදිස්සියට කක්කුස්සි හොයනවා වගේ.

    ReplyDelete
    Replies
    1. මදි ටික පුරවන එක හොඳයි නම්, වැඩිවෙන්න පුරවන එක තවත් හොඳයි නේ..

      Delete
  3. What Saliya is saying, we dont understand. If the government suggest to increase the number of judges by law, and already there are vacancies, then anyway they must fill current gap and go beyond. If filling current gap is good for Saliya, then whats wrong with overfilling it for saliya?

    ReplyDelete
  4. පළාත් සභා චන්දෙට කලින් උතුරු නැගෙනහිරට අධිකරණ බලතල දෙන්න තියෙන කලබලයක් තමයි පෙනෙන්න තියෙන්නෙ .
    දෙමළු පළාත් සභා දිනුවම ඊලම ප්‍රකාශයට පත් කරන්න විතරයි තියෙන්නෙ.
    කොටින්ට යුද්ධ කරලා කීයටවත් ගන්න බැරි උන රට නීතියෙන්ම ලියා ගන්න අවස්තාවක් ලැබුණම නිකං ඉඳීවිද?
    JVP එකේ පච වලට රැවටිලා මෝඩ සිංහල ජනතාව ලංකාවට කල විනාසයක් අප්පා.

    ReplyDelete
Previous Post Next Post