22ට එරෙහිව නඩු වැලක්...


 උපරිමාධිකරණයන්හි විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීම වෙනුවෙන් සැකසූ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව විපක්ෂය, සිවිල් සංවිධාන සහ පුද්ගල වශයෙන් පෙත්සම් රැසක් ගොනු කිරීමට කටයුතු කරමින් සිටී.

ඒ අනුව ප්‍රධාන විපක්ෂය වන සමගි ජනබලවේගය, විපක්ෂයේ පක්ෂ නායකයන්, එ.ජා.ප.ය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය, සිවිල් සංවිධාන, සමාජ ක්‍රියාකාරීන් මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් ඉදිරිපත් කිරීමට නියමිතය.

ඊට ජනාධිපති නීතිඥවරුන්ගේ සහය ලබා ගැනීමට ද නියමිත බව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට කියා සිටියේය.

මේ අතර දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ හයක් එක්ව පිහිටුවා ගත් නව එකමුතුව විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමට කටයුතු අරඹා තිබේ.

මේ බව ඔවුන් විසින් පසුගියදා මෙරට සංචාරය කළ ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි වෙත දැනුම් දී ඇත. මේ අතර ඉන්දීය විදේශ ලේකම් හමුවේ උතුර හා නැගෙනහිර හමුදාවේ පාලනය යටතේ ඇති ඉඩම් නිදහස් කර ගැනීමට සහය වන ලෙස මේ පක්ෂ විසින් ඉල්ලීමක් කර තිබේ.

මෙම පක්ෂ හය එක්වූයේ ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම, පළාත් සභා මැතිවරණයක් කඩිනමින් පැවැත්වීම සහ ඉඩම් ගැටලු සඳහා ස්ථිර විසඳුමක් යන ඉල්ලීම් තුන දිනා ගැනීම වෙනුවෙන්ය.

ඉලංකෙයි තමිල් අරසු කච්චි, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය, ලංකා කම්කරු කොංග්‍රසය, සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය හා දෙමළ ප්‍රගතිශීලි සන්ධානය මෙම පක්ෂ හයයි.

අකිත පෙරේරා, චතුර පමුණුව





Opposition and Civil Groups Mobilize Against Proposed Constitutional Amendment

A concerted effort to challenge the proposed 22nd constitutional amendment, which seeks to extend the retirement age of Supreme Court judges, is gaining momentum. The main opposition party, the Samagi Jana Balawegaya, alongside several civil organizations and individuals, is preparing to file numerous petitions against the amendment.

Key leaders of the opposition, including those from the United National Party (UNP), are expected to present these petitions to the Supreme Court. A member of parliament from the opposition indicated that support from presidential legal advisors is also anticipated.

In a parallel development, a coalition of six political parties representing Tamil and Muslim communities has commenced efforts to draft a new constitution. This initiative was communicated to Vikram Misri, the Indian Secretary of State for Foreign Affairs, during his recent visit to the country. The coalition has also called for assistance in releasing lands currently under military control in the Northern and Eastern provinces.

The union of these six parties aims to secure three specific objectives: the establishment of a new constitutional framework for Sri Lanka, the prompt conduct of provincial council elections, and the implementation of a sustainable solution for land-related issues.

The six political parties involved include the Ilankai Tamil Arasu Kachchi, Sri Lanka Muslim Congress, Democratic Tamil National Alliance, Lanka Labour Congress, All Ceylon Makkal Congress, and the Tamil Progressive Alliance.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

30 Comments

  1. ජයලත් දුරයගෙ චමින්ද ජයලත්August 16, 2026 at 3:27 AM

    කල්ලතෝනින්ගේ ඉඩම් ගැටලු විසඳන්ඩ ඉස්සෙල්ල, 1983 දී කොටි ත්‍රස්තවාදීන් විසින් උතුරෙන් එලවා දැමූ සිංහලයන් ඔවුන් කලින් පදිචිවී හිටපු ස්ථානවලම 
    නැවත පදිංචි කරවු!

    ReplyDelete
    Replies
    1. මල්ලි ඩයස්පෝරාවේ ඩයස්ලගෙන් අපි ගත්ත ගානට හරියන්න වැඩක් කරලා පෙන්නන්න ඕනේ නේ

      Delete
    2. උඹ, උඹේ රෙද්ද කඩල පුංචම්මට පෙන්නපන්, කොටින්ට අපේ රට කෑලි, කෑලි වලට කඩන්ඩ ඉඩනොදී.

      Delete
    3. ජිහාඩ් හම්බයෝ රට කෑලි, කෑලි වලට කැඩුවට කමක් නැද්ද

      Delete
  2. මේ අතර දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ හයක් එක්ව පිහිටුවා ගත් නව එකමුතුව විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමට කටයුතු අරඹා තිබේ.
    ඉලංකෙයි තමිල් අරසු කච්චි, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය, ලංකා කම්කරු කොංග්‍රසය, සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය
    හා දෙමළ ප්‍රගතිශීලි සන්ධානය මෙම පක්ෂ හයයි.

    අන්තවාදී, ජාතිවාදී, බෙඳුම්වාදී, දේශද්‍රෝහී හවුලක්!

    ReplyDelete
    Replies
    1. ඒව ජාතිවාදී නැහැ යකෝ. සිංහලයා තිස්ස විහාරෙට සිල් ගන්න යන එක තමයි ජාතිවාදේ. පන්සල ඉස්සරහා බුදුපිලිමේ තියන එක තමයි ජාතිවාදේ. උතුරේ පන්සල් හදන්න දෙන්නෙ නැති එක, චෛත්‍ය ඩෝසර් කරන එක, බුදු පිලිම කඩන එක (බුදු පිලිම කැඩුවේ ජවිපේ ජාතික ලැයිස්තුවේ එකාගේ පුතා, දැනුත් බුදු පිලිම තියනවට විරුද්ධ මාලිමාවෙන්. සමානකම හිතාගනින්) ජාතිවාදී නැහැ. ඒවා සහජීවනේ.

      Delete
  3. සිංහල මෝඩයො ටික බන්දේසියක තියලා කොටින්ටයි, ඉස්ලාම් අන්තවාදීන්ටයි රට දුන්නා. තඩි කොටියෙක් ජනාධිපති කරලා, උගේ පක්ශෙට 2/3ත් දීලා ඒ මදිවට අධිකරණයත් පුදනවා. වැරදිලා වත් 22 සම්මත උනොත්, සතියකින් විතර ෆෙඩරල් කරන්න ගන්නවා. එතකොට පුලුවන් පාස්පෝර්ට් එකක් හදාගෙන රටවල් 9ක සංචාරය කරන්න. ඡන්දෙ දුන්න ගොන් බල්ලන්ට හෙන හතම ගහන්න ඕන. පවුල් පිටින් සාප වෙන්න ඕන.

    ReplyDelete
  4. 22න් පස්සේ රටවල් 9ක්August 16, 2026 at 7:31 AM

    උඹලා මේ රටේ ඇවිදලා නැත්තන්, දැන්ම ට්‍රිප් එකක් දාගෙන රට වටේ පලයල්ලා. 22වන සංශෝධනේ පාස් වුනාම රට ෆෙඩරල් කරනවා. දැනටමත් දෙමළ මුස්ලිම් සෙට් එක එකතු වෙලා අන්න වෙනම ව්‍යවස්ථාවක් හදනවා. අනුරට ඊලඟ පාර දිනන්න නම් ඒක සම්මත කරන්න වෙනවා. ඒකට එන විරෝධතා ශ්‍රේස්ථාධිකරනේ ඉන්න අගවිනිසුරු පාදිලි උන්නාන්සේ අයින් කරල දෙනවා. ඒකට තමයි 22 ගෙනාවේ. ඉතින්, දෙමළ ඊලාම් රාජ්‍යටත්, මුස්ලිම් කාත්තන්කුඩි රාජ්‍යයටත් වෙන වෙනම යනවද, දැන්ම ට්‍රිප් එකක් දාගෙන යනවද කියලා උඹලාම තීරණය කරපල්ලා.

    ReplyDelete
    Replies
    1. සිරා කතාව. අනිවාර්යෙන් ෆෙඩරල් කරනවා. ඕවා තමයි ඉන්දියාවත් එක්ක ගහපු හොර ගිවිසුම් වල තියෙන්නෙ. ලඟදිත් එකෙක් ඇවිත් ඒක මතක් කරලා ගියා.

      Delete
    2. දැන් කරන්න දෙයක් නැහැ බං. බලන් ඉන්න තමයි තියෙන්නෙ. 2/3 දීල විධායකෙත් දුන්නම ඉතින් කරන්න දෙයක් නැහැ. ඊලඟට ඡන්ද නැහැ.
      උන්ට හිතෙන හිතෙන දේ කරනවා. ඒව බලාගෙන ඉඳපල්ලා.

      Delete
    3. ඇහෙනකොටත් දුකයි. ඒත් ඒක තමයි තිත්ත ඇත්ත.
      මොනව කරන්නද ඉතින්. 68 ලක්ශයක් ගොන්නු ඉන්නකොට මේ වගේ කරුම තමයි සෙට් වෙන්නෙ.

      Delete
    4. ඇයි විපක්ශේ මේවට කතා නැත්තේ. අර දිලිත් ජයවීරයි, නාමලයයි, විමලයි, ගම්මන්පිලයි විතරයි ඕවට කතා කරන්න ඉතුරු වෙලා ඉන්නේ.

      Delete
  5. උඹලට අපි කිව්වා මුන් ආවාම පෙරහැර නවත්තනවා කියලා. ඩෝබි පකයලා පිස්සුද එහෙම උනාද කියලා උඩ පැන්නා. දැන් දම්වැල් දාලා අලි ගෙනියන්න බැහැ කියලා නීති ගෙනල්ලා. ඊලඟ අවුරුද්දේ ඉඳන් පෙරහැරවල් වල අලි නැහැ. නිකන් පේලියට යන්න විතරයි තියෙන්නෙ. අනිත් පැත්තේ දළ තියෙන ඇත්තු ඔක්කොම මරාගෙන යනවා. දැනටමත් දළ තියෙන ලොකුම ඇත්තු දෙන්නා අතුරුදන්. එතකොට කොහොමත් පෙරහැරේ ගෙනියන්න වෙන්නේ ඡන්දෙ දුන්න ගොන්නු තමයි.

    ReplyDelete
  6. රටට ජාතියට ආගමට ගරු කරන සිංහල ජනතාවනී අප දේශය බේරගන්න ඉදිරියට එන්න.අප එකතු වුනොත් මොනතරම් භාග්‍යසම්පන්න කාලයක් රටට උදාකරගන්න පුළුවන්ද? තවත් ප්‍රමාද නොවී රට දෙකඩ කරන්න හදන සියලුම බලවේග වලට නොබියව මුහුණ දෙමින් අපේ අනාගත දු දරුවන්ට මේ රටේ නිදහස්ව ජීවත්වීමට කටයුතු සකසා තිබීම අපගේ පරම යුතුකමක් ලෙස සලකා බුද්ධිමත් තීරණ ගෙන ජාතිය බේරාගමු.විශේෂයෙන්ම කතෝලික ජනතාව බුද්ධිමත් ලෙස පාස්කු ප්‍රහාරය විකුණාගෙන කන අයගැන වඩාත් සැලකිලිමත් වන්න.බෝහෝ දුරට දමිළ ඩයස්පෝරාවෙන් යැපෙන පියතුමන් ලා සිටින බව කතෝලික ජනතාව ද හොඳින්ම දනී.

    ReplyDelete
  7. ආරියතිලක

    ත්‍රෛනිකායික මහ නායක මාහිපාණන් වහන්සේලාගේ ජනාධිපතිවරයාට යැවූ ලිපියෙන් මතුවන සත්‍යය..


    දිනය; 1989 පෙබරවාරි 8 වෙනි දිනය ය. ස්ථානය; සෙංකඩගල මහනුවර, තථාගත සම්මා සම්බුදු රදුන්ගේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින, ශ්‍රී දළදා මන්දිර ය. වේලාව; සවස 6.15 ට පමණ ය. එදින සිරි දළදා වහන්සේගේ සන්ධ්‍යා තේවා පූජාවට පැමිණි පිරිස විසින් ම සිරි දළදා මාළිගාවට ආයුධ සංනද්ධව ප්‍රහාරයක් එල්ල කරන ලද බව මාධ්‍ය වාර්තා කළේ ය. මෙම ප්‍රහාරයේ අරමුණ වී ඇත්තේ, සිරි දළදා මන්දිරයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් හමුදාවේ හා යුද්ධ හමුදාවේ ආයුධ කොල්ල කෑමට හා සිරි දළදා මාලිගාව සතු රන් භාණ්ඩ සහිත දේපොළ කොල්ල කෑමට ය. මාධ්‍ය වාර්තා අනුව හා පසු කාලයේ සමාජ මාධ්‍ය වාර්තා අනුව සිරි දළදා වහනසේ පැහැර ගැනීමේ සැලැස්මක් ද තිබී ඇති බව කියවිණි.


    මෙම සහාසික අපරාධයට චෝදනා එල්ල වූයේ කා හට ද? ඒ ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයට ය. අදටත් ඒ චෝදනාව ජනතා විමුක්ති පෙරමුණට ම ය. වෙන කිසිවෙකුටත් ම නො වේ. එම චෝදනාවට, උත්තර බැදීමට ජනතා විමුක්ති පෙරමුණට දැන් කාලය හරි ය. වර්තමානයේ රටේ ජනාධිපති ධූරය හොබවන්නෙ ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ නායකයා බැවිනි. ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය, ප්‍රධාන දේශපාලන ධාරාව වන ජාතික ජන බලවේගය පක්ෂයේ නායකයා ද වත්මන් ජනාධිපතිවරයා බැවිනි.


    1989.02. 08 දින දළදා මාලිගාවට එල්ල වූ ප්‍රහාරය ජනතා විමුක්ති පෙරමුණ විසින් කරන ලද්දේ ද? නැද්ද? යන්න පැහැදිලි උත්තරයක් ජනතා විමුක්ති පෙරමුණ විසින් නොවලහා දිය යුතු ය.


    ජනතා විමුක්ති පෙරමුණට චෝදනාවා ඒ එදා ය; එම චෝදනාවෙන් ජනතා විමුක්ති පෙරමුණ තවමත් චෝදනාවෙන් මුක්ත වී නැත.


    ඒ එදා ය. මේ මෙදා ය. වත්මන් ප්‍රහාරය නම් අධ්‍යාත්මයට කළ ප්‍රහාරයක් පිළිබඳව ය.

    මෙරට සම්බුද්ධ ශාසනය පවතිනුයේ අවිච්ඡින්න චීවර පරම්පරානුගත(සිවුරු පරපුර) පැවිද්ද නිසාවෙනි. පැවිදි භික්ෂූන් වහන්සේලා නැතිනම් සඟ සසුන එතෙකින් අහෝසි ය. ශ්‍රීලංකා භූමියේ සංඝ ශාසනය අවිච්ඡින්න චීවර පරම්පරාව ගුරු පරපුර වශයෙන් කීපයකට බෙදී ඇත්තේ ය. ඒ ගුරු පරපුර නම් නිකාය ය. නිකාය නම් ගුරු චීවර පරපුර ය. මෙරට සියම්, අමරපුර, රාමඤ්ඤ වශයෙන් නිකාය විවිධ වුවත් ඒ ගුරු චීවර පරම්පරා සියල්ල එක ම සඟ සසුන ය. ඒ ඒ නිකායේ මහා නායක මාහිමිපාණන් වහන්සේලා එම ථේර පරම්පරාවේ සංඝ පීතෘත්වය දරන්නාහ. එම සංඝ පීතෘභාවය ඉසිලීම තථාගත සම්බුදු රදුන්ගේ දේශනාව පරිදි ය. එම ථේර භාවය ඉසිලීම, තථාගත සම්බුදු රදුන් විසින් සූත්‍ර පිටකයේ, දීඝ නිකායේ පාසාදික සූත්‍රයේ අවශ්‍යම කාරණයක් බව වදාළ සේක. “ථේර” බව නම් ධර්ම විනය අනුව පැවැති භික්ෂුත්වයේ වැඩි මහළු බව ය. සම්බුදු සසුනේ ථේර භාවය නම් ධර්ම විනයෙන් වැඩී යාම ය. ධර්ම විනයෙන් පරිනත වීම ය. සම්බුද්ධ ශාසනයේ භික්ෂූන්ගේ වැඩි මහළු බව, වයෝවෘද්ධ බව ශාසනයේ පැවැත්මට ස්ථීර සාධකයක් වන්නේ ය. එම ථේර භාවයට වැඩි මහළු පිළිවළින් ගරු සම්භාවනා කිරීම තථාගතයන් වහන්සේ විසින් වර්ණිත ය. එසේ ම අනුදත් වදාළ සේක. එසේ කරන තාක් සම්බුදු සසුන නො පිරිහෙන බව හා එසේ නො කිරීම තථාගත ශාසනය පිරිහීමට හේතු බව තථාගතයන් වහන්සේ වදාළ සේක.


    වර්තමානයේ මෙරට සංඝ ශාසනය අවිච්ඡින්න්ව පවත්වා ගෙන එන ත්‍රෛනිකායික මහා නායක මාහිමිපාණන් වහන්සේලා ලංකා භූමියේ ඉහත සඳහන් කළ ථේර භාවයේ මුදුන් මල් කඩ ලෙස සලකත්. ඒ ඒ. නිකායේ භික්ෂූන් වහන්සේලා ඒ මහා නායක මාහිමිපාණන් වහන්සේලාගේ සංඝ පීතෘභාවය අවිවාදිතව පිළි ගනිත්. ඒ හේතුවෙන් ම ගිහි උපාසක උපාසිකා පිරිස ද ඒ අනුව යෙත්. මහා සංඝ රත්නයේ තීරණයට හිස නැමීම සියලු බෞද්ධ කුල වැසි උපාසක උපාසිකා දායක කාරකාදීන්ගේ සිරිත ය. පිළිගැනීම ය. පැවතීම ය. තථාගතය වහන්සේ විසින් වදාරන් ලද, සඟ ගුණ පාඨයෙන් පූජාර්හ ය. “කුල දේවතා” නාමයෙන් සම්භාවනා කිරීම ය.

    ReplyDelete
    Replies
    1. ඕවා වැඩක් නෑ මේ රටේ උන්ට.
      උන් හිතාගෙන ඉන්නෙ මැරෙන්නෙ නැහැ කියලා.
      උන්ගේ ජාතික ගීය තමයි

      කන්න දෙනව නම් අපිට
      බොන්න දෙනව නම් අපිට
      මොන කෙං ගෙඩියද තව ඕන කියන්නේ...

      සංස්කෘතිය මකබෑවී ගියාවේ
      සදාචාරේ වලපල්ලට ගියාවේ
      අනේ අපේ බඩ කට දෙක පිරෙනව නම්...

      Delete
    2. දෙයක් කියනකොට, හෑලි ලියන්නෙ නැතුව කෙටියෙන් ලියන්න පුරුදු වෙයන්.
      සාරාංශ ලියන්න දන්නෙ නැද්ද උඹ?
      දන්නෙ නැත්තන් 6 වසරේ සිංහල පාඩම් පොතේ තියෙන අභ්‍යාස කරලා ඉගෙන ගෙන වරෙන්. නිවුස් එකට වඩා දිගයිනේ තොගේ කොමෙන්ට්.

      Delete
    3. "කාල් මාක්ස් මෝඩයෙකි. මෝඩ කාල් මාක්ස්ගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."

      මෝඩ කාල් මාක්ස්ගේ මාක්ස්වාදය පසු පස යන මෝඩයන්ට ඕවා තේරෙන්නේ නෑ..

      Delete
    4. ආරියතිලක

      “පංති පහෙන් ළිං මැඩියෙක් වුණෙමි” මම,
      පිළිගත්තා මාක්ස්-ලෙනින් කීව සැම,
      “පිං පව්, කුසල් අකුසල්” බොරු කීව වම,
      ධනපතියන් නසා කරනව සැවො ම සම.


      දළදා මැදුරෙ තේවා හඬ රැව් දුන්නා,
      සම්බුදු රදුගෙ ගුණ කඳ අමතක වෙන්නා,
      ජවිපෙ මාක්ස්වාදෙහි සිත බැස ගන්නා,
      දළදා සමිඳු අබියසදි ම මරවන්නා


      අසූනවය පුර තියවක නවම් මස,
      බුද දින, දා මැදුරෙහි වෙඩි හඬින් ගොස,
      ලේ හැලුවා පින් බිම කෙලෙසුවා රැස,
      ජවිපෙ හැර වෙන කවුරු ද? කියනු බස


      Delete
  8. ලපයාට සහ මාලිමාවට ඡන්දෙ දුන්න ගොන් හැත්තට දැන්වත් මොළේ පෑවිල්ලත් දන්නෑ.

    ReplyDelete
    Replies
    1. මොළේ පෑදිලාද දන්නෑ.

      Delete
    2. අර පුන්නක්කු කන සෙට් එකට..? උඹට පිස්සුද හැටිද..?
      උන්ට පෑදෙන්න මොලයක් තියෙන්න එපැයි.

      Delete
    3. 🤣😂🤣😃😁 අන්න උන් දැන් විශ්වාස කරන්න පටන් අරන්, අර බෝර්න් අගේන් පාදිලි අන්තවාදියා තව අවුරුදු 2කින් දික් කරාම නඩු ඉක්මනට ඇහෙනවා කියලා. 🤣😂🤣😃😁. උන්ට දියුණු වෙන්න ඕන කමක් නැහැ. තමන්ගේ විරුද්ධ පක්ශෙ එවුන් මරන්න, උන්ට ඕන උන්ට වඩා හොඳින් ඉන්න උනුත් දුප්පත් කරල දාන්න. තියෙන එකාගෙන් පලි ගන්න. උන්ව මරන්න, උන්ගේ ගෙවල් ගිනි තියන්න, උන් දන්නවා ඕක දික් කරා කියලා ඇත්තටම යුක්තිය ඉ‍ටු වෙන්නෙ නැති බව. ඒ වුනාට ඉරිසියාව රුසියාවටත් වඩා ලොකුයිනේ. 🤣😂🤣😃😁🤣😂🤣😃😁අන්තිමට කෙලම වෙලා ගියාම අඬාගෙන පල්ලියට ගිහින් යාඥා කරන එක තමයි කරන්නෙ. එතකොට වෙන්න ඕන ඒව වෙලා ඉවරයි.🤣😂🤣🤣😂🤣

      Delete
  9. ඉතිරි කොටස…

    ආරියතිලක

    ඒ පිළිබඳව වචන මාත්‍රයකුදු විවාදයක් නැත්තේ ය. එය මහා සංඝ රත්නය විෂයෙහි ඇති කර ගත්, බෞද්ධ හිහි භවතුන්ගේ “සෝවචස්සතා” ගුණය ය. එසේ නො වන්නට මේ දක්වා ගෞතම තථාගත සම්බුද්ධ ශාසනය පැවැතීමක් නැත්තේ ය.


    අධිකරණ විනිසුරු විශ්‍රාම වයස දීර්ග කිරීම පිළිබඳව, සියම් මහා නිකායේ මල්වතු විහාර පාර්ශවයේ මහා නායක මාහිමිපාණන් වහන්සේ, සියම් මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ මහා නායක මාහිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහා නායක මාහිමිපණන්වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක මාහිමිපණන්වහන්සේ යන තෛනිකායික මහා නායක මාහිමිපණන්වහන්සේලා විසින්, ජනාධිපතිවරයා වෙත, තමන් වහන්සේලාගේ ස්වකීය මතය දන්වා ලිපියක් යැවූ බව ප්‍රකාශ කළහ. නමුත් හර්ෂණ නානායක්කාර අධිකරණ අමාත්‍යවරයා විසින් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස,

    "එවැනි ලිපියක් පිළිබඳව මම දැනුවත් නැහැ. ජනාධිපතිවරයා ඒ පිළිබඳව මට කිසිවක් පවසා නැහැ. ඒ නිසා ඒ ගැන අදහස් දැක්වීමට මට නොහැකියි."


    යනුවෙන් පිළිතුරු දෙන ලද බව 2026.08.11 මාධ්‍ය වාර්තා කළේ ය.


    සියම් මහා නිකායේ මල්වතු විහාර පාර්ශවයේ මහා නායක මාහිමිපාණන් වහන්සේ, සියම් මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ මහා නායක මාහිමිපාණන් වහන්සේ යන නයක මාහිමිපාණන් වහන්සේලා බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ වූ ශ්‍රී දළදා වහන්සේගේ තේවාව භාරව වැඩ සිටින්නාහ.


    රජයේ මාධ්‍ය ප්‍රකාශක, නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා විසින්,

    අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස දීර්ඝ කිරීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපිය ලැබී ඇති බව,

    2026.08.11 දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලදී.


    රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයට කලින්, පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්, කිසියම් නිකායකට අයත් භික්ෂූන් වහන්සේ නමකගේ මැදිහත්වීම මත මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම වළක්වා ඇති බවට තොරතුරු ලැබී ඇති බව උන්වහන්සේ සඳහන් කළ බව ද මාධ්‍ය වාර්තා කළේ ය.


    ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ නියෝජිත පිරිසක් 12 දින මහනුවරදී මල්වතු විහාරපාර්ශයේ මහා නාහිමියන් බැහැදුටුවහ. එම අවස්ථාවේදී නායක මාහිමිපාණන් වහන්සේ විසින්

    ”මහා නායක හිමිවරුන් ජනාධිපතිතුමන් හට හෝ රාජ්‍ය පාලකයෝ හට ලිපියක් යැව්වොත් වෙනදට ඒ ලිපිය ලද බවට පිළිතුරක් එවනවා. මේ විනිසුරුතුමන්ලාගේ විශ්‍රාම වයස ගැටලුව සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගේ මතය සඳහන් කරලා යවපු ලිපියට මේ දක්වා පිළිතුරක් නැහැ. අඩුම වශයෙන් ඒ ලිපිය ලැබුණාද කියලවත් අපට දැනුවත් කරලා නෑ.”


    යනුවෙන් අදහස් දක්වන ලදී.


    මේ සියල්ලට ම පසුව තෛනිකායික මහ නායක මාහිමිපණන්වහන්සේල විසින් ජනාධිපතිවරයාට යවන ලද ලිපිය, මාධ්‍ය මගින් ප්‍රසිද්ධයට පත් විය. එම ලිපියේ දිනය සඳහන් කර ඇත්තේ 2026.07.31 දිනය ලෙස ය.


    2026.08.07 දින, ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම් වයස දීර්ඝ කිරීමේ යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍ය්වස්ථා සංශෝධන පනත කෙටුම් පත ගැසට් පත්‍රයේ පළ කරන ලදී.



    ReplyDelete
    Replies
    1. දෙයක් කියනකොට, හෑලි ලියන්නෙ නැතුව කෙටියෙන් ලියන්න පුරුදු වෙයන්.
      සාරාංශ ලියන්න දන්නෙ නැද්ද උඹ?
      දන්නෙ නැත්තන් 6 වසරේ සිංහල පාඩම් පොතේ තියෙන අභ්‍යාස කරලා ඉගෙන ගෙන වරෙන්. නිවුස් එකට වඩා දිගයිනේ තොගේ කොමෙන්ට්.

      Delete
    2. "කාල් මාක්ස් මෝඩයෙකි. මෝඩ කාල් මාක්ස්ගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."

      මෝඩ කාල් මාක්ස්ගේ මාක්ස්වාදය පසු පස යන මෝඩයන්ට ඕවා තේරෙන්නේ නෑ..

      Delete
    3. ආරියතිලක

      “පංති පහෙන් ළිං මැඩියෙක් වුණෙමි” මම,
      පිළිගත්තා මාක්ස්-ලෙනින් කීව සැම,
      “පිං පව්, කුසල් අකුසල්” බොරු කීව වම,
      ධනපතියන් නසා කරනව සැවො ම සම.


      දළදා මැදුරෙ තේවා හඬ රැව් දුන්නා,
      සම්බුදු රදුගෙ ගුණ කඳ අමතක වෙන්නා,
      ජවිපෙ මාක්ස්වාදෙහි සිත බැස ගන්නා,
      දළදා සමිඳු අබියසදි ම මරවන්නා


      අසූනවය පුර තියවක නවම් මස,
      බුද දින, දා මැදුරෙහි වෙඩි හඬින් ගොස,
      ලේ හැලුවා පින් බිම කෙලෙසුවා රැස,
      ජවිපෙ හැර වෙන කවුරු ද? කියනු! බස


      Delete
  10. ඉතිරි කොටස…

    ආරියතිලක

    හර්ෂණ නානායක්කාර අධිකරණ අමාත්‍යවරයාට මුසාවක් කීමට අවශ්‍යතාව්‍යක් නැත්තේ ය. ඔහු කීවේ සත්‍ය නම් අධිකරණය සම්බන්ධ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් බැවින්, බලවත් ලෙස එයට විරෝධතාවක් විවිධ පාර්ශව වෙතින් එල්ල වන මොහොතක, විෂය භාර අමාත්‍යවරයාට ජනාධිපතිවරයා වුසින්, ත්‍රෛනිකායික මහා නායක මාහිමිපණන්වහන්සේලාගේ ලිපිය ගැන නො කියා සිටීම, බරපතල ප්‍රශ්නයක් බව කිය යුතු ය.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 (3) ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් ද අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානයා ද වේ.

    අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානයා වශයෙන් තෛනිකායික මහා නායක මාහිමිපණන්වහන්සේලා විසින් ජනාධිපතිවරයාට එවන ලද ලිපිය පිළිබඳ විෂය භාර අමාත්‍යවරයා දැනුවත් කිරීමක් නො කළ බව හර්ෂණ නානායක්කාර අධිකරණ අමාත්‍යවරයාගේ කීම අතිශයින් බරපතල ය. මහා නායක මාහිමිවරුන්ගේ ලිපිය විෂය භාර අමාත්‍යවරයාට වසන් කොට, සාකච්ඡාවට බදුන් නො කොට අව ම වශයෙන් නායක මාහිමිපාණන් වහන්සේලාට ලිපිය ලැබුණ වගවත් සඳහන් නො කොට, 2026.08.07 දින, ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම් වයස දීර්ඝ කිරීමේ යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍ය්වස්ථා සංශෝධන පනත කෙටුම් පත ආණ්ඩුව විසින් ගැසට් පත්‍රයේ පළ කරන ලදී.

    මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මහා නායක මාහිමිපාණන් වහන්සේලා විසින් ජනාධිපතිවරයාට යොමු කළ ලිපිය ලැබී ඇති බවත් තෛනිකායික මහා නායක මාහිමිපාණන් වහන්සේලා විනිසුරු විශ්‍රාක කාලය දීර්ඝ කිරීමට ගෙන ආ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ආශිර්වාද කළ බවත් ප්‍රකාශ කළේ ය.


    දිනිදු සමන් කුමාර වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ද විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට අදාළ යෝජනාව සඳහා ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගේ පූර්ණ ආශිර්වාදය හිමිව ඇති බව පවසන ලදී.


    නමුත් රජයේ මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා සහ දිනිදු සමන් කුමාර වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් කියන ලද මෙම ප්‍රකාශය විවාදාපන්න ය. පිළිගත නො හැක. තත් කාරණය සම්බන්ධ මහා නායාක මාහිමිපාණන් වහන්සේලාගේ ලිපියේ අඅන්තර්ගතය ඔවුන්ගේ ප්‍රකාශයට ඉඳුරා ම වෙනස් බැවිනි.

    මහා නායක මාහිමිපාණන් වහන්සේලා පැහැදිලිව ම ජනාධිපතිවරයාට යොමුකළ ලිපියෙන් අවධානයට යොමු කොට ලිපිය අවසන් කොට ඇත්තේ,


    “...අධිකරණයේ ස්වාධිනත්වය සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් නැංවිය හැකි ව්‍යවස්ථා සංශෝධනයක් මෙම අවස්ථාවේ සිදු කිරීමෙන් වැළකී සිටීම සුදුසු බව ගරු ජනාධිපතිතුමන් වෙත හිතාධ්‍යාශයෙන් යුතුව සිහි කරනු කැමැත්තෙමු” යනුවෙනි.


    මහා නායක මාහිමිපාණන් වහන්සේලා විසින් මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව, ජනාධිපතිවරයාට ලිපියකින් මෙසේ ආමන්ත්‍රණය කොට තිබිය දී එම ව්‍යවස්ථා සංශෝධනයට ආශිර්වාද කළේ,

    අධිකරණයේ ස්වාධිනත්වය සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් නැංවිය හැකි හේතු යෝජිත ව්‍යවස්ථා සංශෝධනයෙහි දැන් නැති නිසා විය යුතු ය. නමුත් ඒ ගැන මහා නායක මාහිමිපණන්වහන්සේලා මේ වන තෙක් කිසිදු අදහස් දැක්වීමක් කර නැත්තාහ.

    ReplyDelete
  11. ඉතිරි කොටස…

    ආරියතිලක

    පුදුමයට කාරය නම් හර්ෂණ නානායක්කාර අධිකරණ අමාත්‍යවරයා විසින් මහා නායක මාහිමිපාණන් වහ්න්සේලාගේ ලිපිය සම්බන්ධව;


    “එවැනි ලිපියක් පිළිබඳව මම දැනුවත් නැහැ.”


    යනුවෙන් ප්‍රකාශ කොට තිබියදී අද දින (15) රජයේ මාධ්‍ය ප්‍රකශක නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා

    මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ ජනාධිපතිවරයා වෙත මහ නාහිමිවරුන් යොමු කරන ලද ලිපියකට අනුව තමන් සහ අමාත්‍ය හර්ෂණ රාජකරුණා මහතා මහා නායක හිමිවරුන් බැහැදැක මේ පිළිබඳව කරුණු පැහැදිලි කළ බව ය.


    මෙම ප්‍රකශ එකිනෙකට පරස්පර විරෝධීව සිටී. මෙම ප්‍රකාශ දෙක ම සත්‍යයක් විය නො හැක.

    දෙදෙනාගෙන් අයෙකු බොරු කියනවා විය යුතු ය.


    අධිකරණ අමාත්‍යවරයා, මල්වතු මහා නායක මාහිමිපාණන් වහන්සේ බැහැ දැකීමට යන මොහොත වන විට, නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා කියන පරිදි, මහා නායක මාහිමිපාණන් වහන්සේලා විසින් ජනාධිපතිවරයාට එවන ලද ලිපිය ගැන පැහැදිලිව ම දැන සිට ඇත. නමුත් අධිකරණ අමාත්‍යවරයා කීවේ සත්‍යයක් යයි කියා පිළිගන්නේ කෙසේ ද?


    “විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට අදාළ යෝජනාව සඳහා ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගේ පූර්ණ ආශිර්වාදය හිමිව ඇති බව” පැවසීමත්

    ”මහා නායක හිමිවරුන් ජනාධිපතිතුමන් හට හෝ රාජ්‍ය පාලකයෝ හට ලිපියක් යැව්වොත් වෙනදට ඒ ලිපිය ලද බවට පිළිතුරක් එවනවා. මේ විනිසුරුතුමන්ලාගේ විශ්‍රාම වයස ගැටලුව සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගේ මතය සඳහන් කරලා යවපු ලිපියට මේ දක්වා පිළිතුරක් නැහැ. අඩුම වශයෙන් ඒ ලිපිය ලැබුණාද කියලවත් අපට දැනුවත් කරලා නෑ.”

    යන මල්වතු මහා නයක මාහිමිපණන්වහන්සේගේ කනස්ස්ල්ල පළ කිරීමත් අතර පරස්පයකි.

    මේ සියල්ල ගත් කළ “විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට අදාළ යෝජනාව සඳහා ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගේ පූර්ණ ආශිර්වාදය හිමිව ඇති බව” පැවසීමත් නො පිළිගත හැකි බව කිව යුතු ය.


    මේ පිලිබඳව ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව විනිවිද බවින් තොරව වංචනික දෙබිඩි පිළිවෙතකින් ක්‍රියා කළ බව පැහැදිලි ය.


    මේ පිළිබඳව මහා නායක මාහිමිපාණන් වහන්සේලගේ ස්ථාවරය රටට ජනතාවට දැනුවත් වී නැත්තේ ය. එසේ දැන ගැනීම රටට ජනතාවට, විශේෂයෙන් බෞද්ධ කුලයට, දේශපාලනය විසින් කරන රැවටීමෙන් අත් මිදීමට කරන මහඟු උපකාරයක් වනවා ඇත.

    තෛනිකායික මහා නායක ස්වාමින්වහන්සේලා විසින් ජනාධිපතිවරයාට යවන ලද ලිපියකට නො සැළකීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාවෙන් කියවෙන “ ශ්‍රී ලංකා ජන රජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේ ය. බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම ජනරජයේ වගකීම බව එකී ව්‍යවස්ථාවෙන් කියවෙන අර්ථයන් හා පැනවීම් නො සලකා කටයුතු කිරීමක් බව ද කිව යුතු ය.

    පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදී කියන ලද ප්‍රකාශය ද විමර්ශනයට බඳුන් කිරීම, සම්බුද්ධ ශාසනයට එරෙහිව ක්‍රියාත්මක අශුද්ධ බලවේගයන් අවම කිරීමට හේතු වනවා ඇත.


    ReplyDelete
  12. වැරදුන තැන යළි හදන්න බෑ........//

    ReplyDelete
Previous Post Next Post