22 වෙනි සංශෝධනය ගැන ඔබ අවංකව ආණ්ඩු පක්ෂයේ කෙනෙක්ගෙන් ඇහුවත් කියන්න දන්නේ නැහැ. මොකද ගරු විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යන වයස දික් කිරීම සම්බන්ධයෙන් පැහැදිලි හේතුවක් ආණ්ඩුවට දෙන්න විදියකුත් නැහැ, දැන් අධිකරණයේ පවතින නඩු වල විභාග කිරීම කඩිනම් කරන්න ඕනේ නම්, ගරු විනිශ්චයකාරවරුන්ගේ වයස දීර්ඝ කිරීම තුළ ඒක වෙන්නේ නැහැ කියලා ඕන කෙනෙක් දන්නවනේ. එහෙමනම් දැනට තියෙන පුරප්පාඩු පුරවන්න ඕනේ. තව පැත්තකින් අලුතෙන් අධිකරණ පිහිටුවන්න ඕනේ. ඉතින් ඒ දෙක නොකර කාලය දික් කරා කියලා ඒකට විසඳුමක් ලැබෙනවා කියන එක නම් ඉතින් කිසිම කෙනෙක්ට විශ්වාස කරන්න බැහැ. ඉතින් මං හිතන්නේ ඒ සංශෝධනය ගේන්නේ ඇයි කියලා ආණ්ඩුව දන්නෙත් නැහැ. ජනාධිපතිවරයා දන්නවද කියන්න මං දන්නේ නැහැ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය
ඔහු මේ බව ප්‍රකාශ කලේ දඹුල්ල රජමහා විහාරයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා ,
එක පැත්තකින් අද ලංකාවේ නීතිඥ සංගමය, පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය, ආසියාතික නීතිඥ සංගමය, ගරු පහළ අධිකරණ වල ගරු විනිශ්චයකාරවරුන්, ඒ වගේම මේ රටේ වෘත්තිකයින් සහ බහුතරයක් ජනතාව මේ පිළිබඳව විශ්වාසයක් නැහැ. ඉතින් ඔවුන් පැහැදිලිවම මේ අධිකරණ පද්ධතිය තුළ ස්වාධීනත්වයට බලපාන්න හැකියි කියන කාරණය සඳහන් කරලා තියෙනවා.
ඒ වගේම තමයි අද පොලීසිය හැසිරෙන විදියෙන් මේ රටේ ආණ්ඩුව පැහැදිලිවම පොලීසිය තමන්ගේ දේශපාලන හස්තයක් විදියට මෙහෙයවන බව පේනවා. දැන් එක පැත්තකින් සංවිධානාත්මක අපරාධ වැඩි වෙනවා. හැබැයි පොලිස්පතිවරයා හෝ පොලීසිය ඒවා වලක්වන්න ක්‍රියාමාර්ග අරගෙන තියෙනවද? හැබැයි තවත් පැත්තකින් පක්ෂයේ මහ ලේකම්වරයා, සාගර කාරියවසම් මහත්මයා ප්‍රකාශයක් කරාම ඉතාමත් වේගයෙන් පරීක්ෂණ කටයුතු කරලා කටඋත්තර දෙන්නත් එන්න කියනවා.
හැබැයි ඉතින් දිනෙන් දින දැන් වෙඩි තියෙනවා විතරක් නෙවෙයිනේ, දැන් ගෙවල් වලට බෝම්බ ගහලත් යනවනේ, අර 88-89 වගේ. ඒ තත්ත්වයට මේ රටේ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් ඇති වුණාම ඒකට ක්‍රියාත්මක නොවන පොලීසිය පක්ෂයක මහ ලේකම්වරයෙක් වෙනුවෙන් කඩිනමින් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ පොලීසිය පැහැදිලිවම දේශපාලන හස්තයක් බවට මේ ආණ්ඩුව පාවිච්චි කරනවා. ඒක තමයි සාගර කාරියවසම් මහත්මයා කිව්වේ.
ඒ වගේම ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ජාතික ආරක්ෂාවයි, මහජන ආරක්ෂාවයි දෙකක් කියලා දැන් ඔය එයා දිව්‍ය ලෝකෙන් ආව කෙනානේ.මං හිතන්නේ පොළොවට බැහැලා දැන් කියනවා මේක දෙකක් කියලා. එයාමනේ කිව්වේ දිව්‍ය ලෝකේ ඉඳන් එනවා කියලා. ඉතින් මේ ආණ්ඩුව පැහැදිලිවම උත්සාහ කරනවා තමන්ගේ ඒකාධිපති පාලනයකට මේ රට අරගෙන යන්න. ඒක අද පැහැදිලියි, ඒක මේ රටේ ජනතාවට තේරෙනවා දැන්.
බන්ධනාගාරය සම්බන්ධයෙන් ඒ ගැන පරීක්ෂණයක් කරන්න ඕනේ. මොකද අපිට චෝදනා කරන්න ලේසියිනේ ආණ්ඩුවට. හැබැයි ඉතින් අද වෙනකම් බන්ධනාගාර ඇමතිවරයා, අමාත්‍යවරයා බවට පත් වුණාට පස්සේ බන්ධනාගාර කීයක් නිරීක්ෂණය කරන්න ගියාද? ඇයි වැඩබලන කොමසාරිස්වරයෙක් මේක පාලනය කරන්නේ? ඇයි ස්ථිර කොමසාරිස්වරයෙක් පත් කරන්න බැරි? මේවට ඇමතිවරයා උත්තර දෙන්න ඕනේ.
ඒවට උත්තර දෙන්නේ නැතුව විපක්ෂයට චෝදනා කරලා ඵලක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔහුට අයවැයෙන් වෙන් වෙච්ච මුදල් තියෙනවා. ඒ මුදල් වලින් බන්ධනාගාරයේ සිරකරුවන්ගේ සුභසිද්ධිය සඳහා, සුභසාධනය සඳහා කීයක් වියදම් කරාද? බන්ධනාගාර වගේම අධිකරණ පද්ධතිය තුළ යටිතල පහසුකම් හදන්න වෙන් වෙච්ච මුදල් කීයක් මේ ආණ්ඩුව වියදම් කරාද?
ඉතින් ඒවට උත්තර දෙන්නේ නැතුව අද ආණ්ඩුව මේක විපක්ෂයේ කුමන්ත්‍රණයක් කියලා හොයා දක්වන්න හදනවා නම් ඒක ආණ්ඩුවේ බංකොලොත්භාවය. සහ මේ ආණ්ඩුවේ නොහැකියාව සහ ජනාධිපතිවරයාගේ නොහැකියාව. ඉතින් ඔය මං අහපු ප්‍රශ්න වලට අධිකරණ ඇමතිවරයා උත්තර දෙන්න ඕනේ. එක; ඔහු අමාත්‍යවරයා බවට පත් වුණාට පස්සේ බන්ධනාගාර කීයක් නිරීක්ෂණය කරන්න ගියාද? ඒ නිරීක්ෂණය කරනකොට ඔබට වැටහුණාද බන්ධනාගාර ඇතුලේ තියෙන යටිතල පහසුකම් සහ රැඳවියන්ගේ තියෙන පහසුකම් සම්බන්ධයෙන් තියෙන ප්රශ්නය?
එහෙම වැටහුණා නම් ඇයි ඔබ නිශ්ශබ්දව හිටියේ? ඔබ විපක්ෂයේ ඉන්න කාලේ ඔබ කතා කරපු කාරණා අද කතා කරන්නේ නැහැනේ, ඇයි නිශ්ශබ්දව හිටියේ? ඔබට වෙන් වෙච්ච අයවැයෙන් වෙන් වෙච්ච මුදල් වලින් බන්ධනාගාරයේ රැඳවියන්ගේ සහ බන්ධනාගාර නිලධාරීන්ගේ සහ බන්ධනාගාර පද්ධතියේ යටිතල පහසුකම් වැඩි කරන්න ඔබ කොච්චර මුදල් වියදම් කරාද? ඉතින් මේවට අධිකරණ ඇමතිවරයා උත්තර දෙන්න ඕනේ. දැන් මට බැනලා වැඩක් වෙන්නේ නැහැ ඇමතිතුමා, ඕවට උත්තර දෙන්න.
ඒක JVP එකේ හැටිනේ මර්ධනය කියන එක JVP එකේ කොටසක්නේ. ඉතින් ඔය මර්ධනයම තමයි දැන් පොලීසිය හරහා දේශපාලන අධිකාරියට, මාධ්‍යයට, සමාජ මාධ්‍යයට ගේන්නේ. ඔය මර්ධනයම තමයි ගොවියට ගෙනල්ලා තියෙන්නේ. ගොවියා එළියට බැස්සම කසිප්පුකාරයා කිව්වේ. ඔය මර්ධනයම තමයි වෛද්‍යවරුන්ට ගෙනාවේ. වෛද්‍යවරු තමන්ගේ වෘත්තීය කාරණා ගැන කතා කරාම හොරු කියලා කිව්වේ.
ඔය මර්ධනයම තමයි ව්‍යවසායකයන්ට ගේන්නේ. ව්‍යවසායකයෝ තමන්ගේ බදු ප්රශ්නය ගැන කතා කරනකොට තව බදු වැඩි කරලා කටවහන් ඉඳපන් කියලා කිව්වේ. ඔය මර්ධනයම තමයි මේ රටේ පුරවැසියන්ට අවසානයේ ගේන්නේ. උපාධිධාරීන් අස්සයින් ලඟට ගියාම ගහලා එලෙව්වේ. ඔය මර්ධනයේ කොටසක්. ඒක තමයි මේ ආණ්ඩුවේ ස්වභාවය. ඉතින් JVP එකෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?
හැබැයි ඉතින් අපි ආණ්ඩුවටත් කියන්නේ, මේ ඔබ කොතෙක් මේ රටේ විපක්ෂය සහ ජනමතය මර්ධනය කරන්න හැදුවත්, ඔබ කොතෙක් මේ රටේ ජනතාව පාගලා, බිම දාලා නිශ්ශබ්ද කරන්න හැදුවත් අපේ රටේ ජනතාව එහෙම නිශ්ශබ්ද වෙන්නේ නැහැ. මේ රටේ දේශපාලන අධිකාරිය, අපි නිශ්ශබ්ද වෙන්නේ නැහැ. ඉතින් අපි හැමදාම මේ රටේ ජනතාව වෙනුවෙන් හඬක් නගනවා.
ඉතින් ඔබට පුලුවන් ඔබේ මර්ධනය සුපුරුදු ආකාරයෙන් අරගෙන යන්න. ඉතින් පහුගිය කාලේ අපි දැක්කනේ සමාජ මාධ්‍ය විතරක් නෙවෙයි, මාධ්‍යවේදීන්ට, එදා මාධ්‍යවේදීන් වෙනුවෙන් පෙනී හිටපු JVP එක අද මාධ්‍යවේදීන්ව මර්ධනය කරන තැනට පොලීසිය පාවිච්චි කරනවා. දැන් කී දෙනෙක් මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කී දෙනෙක් CID එකට ගිහිල්ලා කටඋත්තර දුන්නද? ඒක තමයි මං කිව්වේ පොලීසිය මාලිමාවේ කොටසක් බවට පත් කරලා තියෙනවා.
ඒ පත් කිරීම තුළ මේ රටේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයටත්, පොලීසියේ ස්වාධීනත්වයටත් සෘජු බලපෑමක් තියෙනවා. ඉතින් පොලිස්පතිතුමා මේ ඔය ආණ්ඩුවට කඩේ යන කාලසීමාව ඇතුලත පොලීසියේ රාළහාමිලාගේ, නිලධාරීන්ගේ සුබසාධනය බැලුවොත් හොඳයි. මොකද අවංකවම ඒ ජනතාව, ඒ පුද්ගලයෝ, ඒ නිලධාරීන් ඉතාමත් දැඩි පීඩාවක තමයි තමන්ගේ රාජකාරී කරන්නේ. ඉතින් අපි ගම්වලට ගියාම අපි දකිනවා. නගර වලට එනකොට අපි ඒක දකිනවා. ඉතින් ඒක පොලිස්පතිවරයාටයි ඇමතිවරයාටයි පේන්නේ නැහැ.
පොදු විපක්ෂය විදියට යම් කාරණා වලදී අපි එකඟතාවයකට එන අවස්ථාවල් තියෙනවා. ඒක දේශපාලන එකඟතාවයක් නෙවෙයි. රටේ ජනතාව වෙනුවෙන් වෙන එකඟතාවයක්. ඉතින් විශේෂයෙන්ම අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට යම් බලපෑමක් වෙන බව ලංකාවේ නීතිඥ සංගමය සෘජුවම සඳහන් කරනවා, අදටත් ඔවුන් ඒ මතයේ ඉන්නවා.
ඒ වගේම පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය මතක් කරලා තියෙනවා. ඒ වගේම ආසියාතික නීතිඥ සංගමය ඒ පිළිබඳව සඳහන් කරලා තියෙනවා. පහළ අධිකරණ වල විනිශ්චයකාරවරු ඒ පිළිබඳව සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ කාරණය සම්බන්ධයෙන් අපි පොදු එකඟතාවයක ඉන්නවා. ඒ තමයි මේ රටේ අධිකරණයේ ස්වාධීන බව ආරක්ෂා කරන්න ඕනේ.
මොකද එදා අපේ ආණ්ඩුවලට විරුද්ධවත් අධිකරණයේ ස්වාධීනත්වයට සටන් කරේ JVP එකනේ. ඉතින් ඔවුන් ඒක ස්වාධීනත්වය ආරක්ෂා කරනවා කියලා බලයට ඇවිල්ලා ඒකට ගහන එක වැරදියි. මොකද ඔවුන් ඒ සටනෙ හිටපු අය. ඔවුන් ගොවියාගේ සටනේ, ධීවරයාගේ සටනේ, වෘත්තිකයාගේ සටනේ, අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන්, පොලිස් නිලධාරීන් වෙනුවෙන් හිටපු අය.
ඉතින් අද ඔවුන් බලයට ඇවිල්ලා සම්පූර්ණයෙන්ම මේ රටේ අධිකරණ පද්ධතිය කෙරෙහි යම් බලපෑමක් ඇති කරන බවට මේ විශේෂයෙන්ම නීති ක්ෂේත්රයේ විද්වතුන්ගේ සහ නීතිඥයන් තුළ මතයක් තියෙන වෙලාවක, මං හිතනවා අනිත් දේශපාලන කාරණා වලදී අපි වෙනම සටන් කරමු. හැබැයි මේ රටේ පොදු මතයක් හැදිච්ච අවස්ථාවක ඒ සඳහා අපි එකඟතාවයකින් කටයුතු කරනවා.
අපිට පන්සල් වලට එන්න රහස් ඕනෙත් නැහැ, විශේෂ අවස්ථාවල් ඕනෙත් නැහැ. ඉතින් දඹුල්ලට එන හැම අවස්ථාවකම නායක හාමුදුරුවෝ බැහැදැකලා ආශීර්වාද ලබා ගන්නවා. ඉතින් ඒකට විශේෂී අවස්ථාවක් වෙනකම් ඉන්න ඕනේ නැහැ.
ඉතින් අද දඹුල්ලට ආපු වෙලාවේ මං හිතුවා මහානායක හාමුදුරුවෝ දැකලා ආශීර්වාද අරගෙන යන්න ඕනේ කියලා. උන්වහන්සේ බැහැදකින්න ආවා. ඒකේ දේශපාලන හේතුවකුත්, හේතුවක් අවශ්‍යත් නැහැ, පෞද්ගලික හේතුවක් අවශ්‍යත් නැහැ. අපි හැදුනේ පන්සල් වලින්නේ.
National Organizer Namal Rajapaksha Questions Government on Judicial Independence and Political Manipulation
In a candid discussion at the historic Dambulla Raja Maha Viharaya, Namal Rajapaksha, the National Organizer of the Sri Lanka Podujana Peramuna, raised grave concerns about the government's ability to justify the proposed extension of judges' retirement age under the 22nd Amendment to the Constitution. He expressed skepticism regarding the government's intentions, suggesting that the administration lacks a clear rationale for such a change, particularly in the context of ongoing judicial cases.
Rajapaksha emphasized the need for prompt resolution of existing judicial matters, pointing out that merely extending retirement age would not fill the existing gaps in the judicial system. He acknowledged that the establishment of new courts is vital, yet lamented that no tangible solutions seem forthcoming from the government.
He further highlighted a pervasive mistrust among legal professionals, including members of the Bar Association and judiciary, believing that pivotal decisions could potentially undermine judicial independence. Rajapaksha articulated that the public and legal community remain unconvinced of the government's commitment to judicial integrity.
The MP observed alarming trends in police operations and indicated that the government's manipulation of the police for political ends is evident. He pointed out a growing wave of organized crime that seems unchecked. While interrogations into criminal activities are conducted with great speed when initiated by party leaders, the same urgency is notably absent in addressing public safety concerns linked to broader issues of violence in the society.
Rajapaksha voiced concerns over recent escalations of violence, including bombings resembling incidents from 1988-89, and criticized the police for reacting swiftly only to party politicians rather than the general public. He stressed that the government's approach reflects a troubling trend toward using state apparatus for political gain.
He insisted that an inquiry into the state of prisons is necessary, questioning the lack of oversight from the Minister of Prison Reforms since their appointment. Rajapaksha challenged the government to provide transparency regarding the function of prisons and the allocation of funds meant for prisoner welfare and basic facilities.
Addressing the broader political discourse, he asserted that any attempt by the government to label opposing voices as conspiratorial while avoiding accountability only reflects its own failures. He called for the Minister of Justice to respond specifically to questions raised about prison conditions and to clarify how funds allocated for prisons have been utilized.
Rajapaksha expressed the sentiment that the government’s ongoing suppression of dissent will not lead to permanent silence among the public. He reiterated a commitment to advocating for the rights and voices of the people, stating, “Despite your attempts to silence us, we shall remain a voice for the citizens.”
Highlighting the urgent need for a proactive stance on civil discourse, he rejected the notion that the tension in the country was a mere result of political maneuvers, reminding that the public must not be suppressed regardless of the challenges they face.
In referencing the changes in police protocol regarding media conduct, Rajapaksha stressed the troubling implications for journalistic freedom, pointing specifically to internal police actions that he believes reflect broader issues concerning state interference in media operations.
Looking ahead, Rajapaksha maintained that the public and opposition must remain united in safeguarding judicial independence amidst ongoing turbulence, drawing upon historical struggles to secure civil liberties in the country. He concluded with a call to action for lawyers and activists to persist in their fight for accountability, reinforcing the critical importance of maintaining checks on governmental power.
Namal Rajapaksha’s remarks underline a critical juncture in Sri Lankan politics, eloquently conveying a public sentiment demanding transparency and integrity from its leaders.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ඒවා වුනේ උඹලාගේ බාප්පච්චිගේ ආණ්ඩුවේ ගොන් වස්සෝ..... බැසිල් බාප්පා වෙනුවෙන් ව්‍යවස්ථා සංශෝධන ගේන කොට කොට විමලේ / ලබු ගම්මා... ඒ එකෙක්වත් ඒවා දන්නේ නැහැ නේද? මෝඩ කමට කියවන්න එපා!!
ReplyDeleteපච ඩෝබි
Deleteදන්නේ නැහැ. ඇයි මගෙන් අහන්නේ... අයියාගෙන් අහන්නකෝ.... ඕවා කිව්වේ බොගේ බාපච්චි නෙවෙයිද මෝඩ උලමෝ.......?
ReplyDeleteපච ඩෝබි
Deleteබොගේ බාප්පොච්චා 2021 දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කරපු බව ඒ කැබිනට් එකේ හිටපු ජාතියේ නීතීවේදී ගොම්මන්පිලයත් දන්නේ නැහැ නේද?
ReplyDeleteපච ඩෝබි
Deleteඋඹේ තාත්තා පස්ස දොරෙන් පැනලා ත්‍රිකුණාමලේ දූපත හැංගුණ එකත් උඹ දන්නේ නැහැ නේද?
ReplyDeleteආ ඒ අන්රයිය කඩයක් අස්සෙ රිංගපු දවසෙනෙ
DeleteHonest, Educated & true description of what a disastrous & pathetic situation this country is in.
ReplyDeleteEducated? You smoking something ?
ReplyDeleteJeppas never attended classes or lectures, just five classes and terroristm training camps
Delete