විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස ඉහළ නැංවීම සඳහා යෝජිත ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් ක්‍රියාත්මක කිරීමට පෙර, ඒ පිළිබඳව මහජනතාව සහ අදාළ පාර්ශ්වකරුවන් සමඟ ප්‍රමාණවත් සාකච්ඡාවක් පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව අවධාරණය කරයි.
විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළව පසුගිය ජූලි 27 වැනිදා අමාත්‍ය මණ්ඩලය විසින් ගන්නා ලද තීරණය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම සමුළුව මේ බව සඳහන් කර තිබේ.
අධිකරණ සංඛ්‍යාව ඉහළ යාම සහ අභියාචනාධිකරණයේ කලාපීය ක්‍රියාකාරීත්වය හේතුවෙන් පළපුරුදු හා දැනුමැති විනිසුරුවරුන්ගේ සේවය තවදුරටත් ලබාගැනීමේ අරමුණින් රජය මෙම තීරණය ගෙන ඇති බව රදගුරු සමුළුව පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, එවැනි සංශෝධනයකදී අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය සහ බලතල බෙදීමේ මූලධර්මය සුරැකීම අතිශය වැදගත් බව එම නිවේදනයේ අවධාරණය කර ඇත.
ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ බලතල අතර නිසි සම්බන්ධතාවක් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බව පවසන රදගුරු සමුළුව, අධිකරණ බලයේ ස්වාධීනත්වය සහතික කිරීම යුක්තිය, මානව ගරුත්වය, මූලික අයිතිවාසිකම් සහ සියලු පුරවැසියන්ගේ පොදු යහපත සඳහා පවතින අත්‍යවශ්‍ය ආරක්ෂාවක් බව ද පෙන්වා දෙයි.
එබැවින්, වර්තමානයේ යෝජනා වී ඇති මෙම ව්‍යවස්ථා සංශෝධනය අධිකරණයේ ස්වාධීනත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්ම සිදුකළ යුත්තක් බව සමුළුව අවධාරණය කරයි.
එමෙන්ම පළපුරුදු විනිසුරුවරුන් රඳවා ගැනීම පමණක් නොව, රට තුළ පවතින අධිකරණ නිලධාරීන්ගේ හිඟයට විසඳුම් සෙවීම සහ නඩු විභාග කිරීමේදී සිදුවන ප්‍රමාදයන්ට පිළියම් යෙදීම කෙරෙහි ද රජයේ දැඩි අවධානය යොමු විය යුතු බව කතෝලික රදගුරු සමුළුව සිය නිවේදනය මගින් වැඩිදුරටත් දන්වා සිටියි.
Call for Public Consultation on Proposed Increase in Judges' Retirement Age
The Sri Lanka Catholic Bishops' Conference has emphasized the necessity of thorough discussions with the public and relevant stakeholders prior to implementing any constitutional amendments concerning the increase of the retirement age for judges.
In a special statement regarding the cabinet decision made on July 27 to extend judges' mandated retirement age, the bishops highlighted the importance of public dialogue.
The decision, as outlined by the conference, was influenced by the growing number of court cases and the operational demands on appellate courts, aimed at maintaining the services of experienced and knowledgeable judges.
However, the statement underlined that preserving judicial independence, the rule of law, and the principles of power separation is crucial during such amendments.
The conference asserted that maintaining a proper relationship between the legislative, executive, and judicial branches is essential. Ensuring judicial independence is vital for justice, human dignity, fundamental rights, and the common good of all citizens.
Consequently, the proposed constitutional amendment should be viewed as a measure to further strengthen judicial independence, the bishops emphasized.
Additionally, they urged the government to focus not only on retaining senior judges but also on addressing the acute shortage of judicial officials in the country and resolving delays in case adjudications.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මහජන මතය විමසන එක කොහොමත් හොඳයි. ආණ්ඩුව ඒකට ලෑස්ති වෙලා ඉන්නෙ අනිවා.
ReplyDeleteවිපක්ෂයට මොනවද කියන්න තියෙන්නෙ මේ ගැන කියන එක මහජනතාව වන අපි බලාගෙන ඉන්නවා.
නෝමල් - අධිකරණයේ ස්වාධීනත්වයට මරු පහරක්, රාජපක්ෂලා හිරේ දාන්න කරන වැඩක් - මිනිස්සු එකෙන්ම ආණ්ඩුවට චන්දෙ දෙනවා
පොන්ටිං - අපි විසේසයෙන්ම කියන්ට ඕන, මේක අධිකරණයේ ස්වාධීනත්වයට මරු පහරක්. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් ගල් කපන අය හිරේ දාන්න කරන වැඩක් - මිනිස්සු එකෙන්ම ආණ්ඩුවට චන්දෙ දෙනවා
පුතානෝ - මාගේ ආදරණිය සදාදරණිය පියාණන් ගේ නාමයෙන් මේ අධිකරණය ක්වාසි අධිකරණයක් ද, සුප්‍රීම් අධිකරණයකද ෆ්ලඩ් ලිට් අධිකරණයක් ද, ඔහායෝ ක්ලාස් ද, - මිනිස්සුන්ට එච්චර දැනෙන්නෙ නෑ - මිනිස්සු එකෙන්ම ආණ්ඩුවට චන්දෙ දෙනවා
දත් කොටා - මේක ඉන්දියාව එක්ක ගහපු හොර ගිවිසුමක්, මං ගාව ඔක්කොම විස්තර තියෙනව, හැබැයි දෙන්නෙ ලබන විසිඅට වෙනිද සරම ඇඳන් ඔලුවෙන් හිටගෙන ලංකට් එක නැතුව - මිනිස්සුන්ට ආතල්, හැබැයි චන්ද දෙන්න තරම චූන් එකක් නෑ
තුම්මුල්ලේ පොටෝ කොපි පනික්කලේ - අපි බලාගමු... ගෑනිත් හිරේ, මල්ලිත් හිරේ, මටත් කෙළ වෙන්නයි යන්නෙ. මේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් ඩෝ. මිනිස්සු - අනේ පළ හුත්තියෙ යන්න - මිනිස්සු එකෙන්ම ආණ්ඩුවට චන්දෙ දෙනවා
ආණ්ඩුව - ඔය කියන ඔක්කොම අහගෙන ජන්දෙට ලෑස්ති වෙනව, කට වහගෙන.
මේ කරන්නේ කොලේ වහලා ආණ්ඩුවට කඩේ යන එක
ReplyDeleteමහජන මතය විමසීමේ නිවැරදි ක්‍රමය වන්නේ ජනමත විචාරණයක් පැවැත්වීමයි - නමුත් ඒක කරන්න කියන්නේ නෑ
ඒ වෙනුවට බොරුවට මිනිස්සුන්ව ගොනාට අන්දන්න මහජනතාව සමග සාකච්ඡා කරන්න කියලා තියෙනවා - මෙලෝ වැඩක් ඇති වැඩක් නෙමෙයි
බෝර්න් අගේන් කාරයාව බේර ගන්න තමයි රදගුරුවරු මාන බලන්නේ
ඕවාට කව්රුවත් රැවටෙන්නේ නෑ