ගෝලීය කෘෂිකර්මාන්තයට බලපා ඇති එල් නිනෝ දේශගුණික විපර්යාසය සහ මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන්, ඉදිරි මාස කිහිපය තුළ ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල සියයට 20ත් 25ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බවට ආනයනකරුවන් අනතුරු අඟවනයි.
නාවික ප්‍රවාහන හා වෙළඳ කටයුතුවලට එල්ල වී ඇති බාධා මෙන්ම ප්‍රධාන ආහාර නිෂ්පාදක රටවල් සිය පරිභෝජනය සුරක්ෂිත කර ගැනීම සඳහා අපනයන සීමා පැනවීම මෙලෙස මිල ඉහළ යාමට ප්‍රධාන හේතු වී තිබේ.
මේ වන විටත් ඉන්දියාව සීනි අපනයනය තහනම් කර ඇති අතර, ඒ හේතුවෙන් බ්‍රසීලය වැනි ඈත රටවලින් සීනි ආනයනය කිරීමට සිදුවීම නිසා ප්‍රවාහන පිරිවැය සහ කාලය ඉහළ ගොස් ඇත.
මේ පිළිබඳව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමය විසින් වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා දැනුවත් කර තිබේ.
එම සංගමයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ ඉන්දියාව ලොකු ලූනු අපනයනයට ද සීමා පැනවීමට සූදානම් වන බවයි.
එවැනි තත්ත්වයක් උදා වුවහොත් නෙදර්ලන්තය වැනි රටවලින් ලූනු ආනයනය කිරීමට සිදුවන බවත්, එවිට අධික නාවික ගාස්තු හේතුවෙන් මිල තවත් ඉහළ යන බවත් ඔහු පෙන්වා දෙයි. දැනටමත් නාවික ප්‍රවාහන ගාස්තු සියයට 20-30ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත.
ශ්‍රී ලංකාව සිය පරිප්පු, සීනි, තිරිඟු, ඇතැම් සහල් වර්ග සහ ටින් මාළු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක් ආනයනය කරන බැවින් මෙම ගෝලීය තත්ත්වය මෙරට වෙළඳපොළට සෘජුවම බලපානු ඇත.
Importers Warn of Potential Price Surge on Essential Food Items Amid Global Climate Shifts
The global agricultural landscape is facing unprecedented challenges, primarily due to the El Niño phenomenon and turmoil in the Middle East. Importers have raised alarms that the prices of essential food items could see an increase of between 20% and 25% in the coming months.
These anticipated price hikes are attributed to disruptions in maritime transport and export restrictions imposed by major food-producing countries, aimed at securing their domestic consumption. Such protective measures have resulted in a scarcity of critical supplies on the global market.
Currently, India has imposed a ban on sugar exports, forcing Sri Lanka to turn to distant suppliers such as Brazil, which is inflating transport costs and prolonging delivery times.
The Association of Importers and Traders of Essential Food Items has briefed Minister of Trade, Vasantha Samarasinghe, on these developments, underscoring the gravity of the situation for the country’s food security.
A spokesperson for the association indicated that India is also considering restrictions on large quantities of onion exports. If implemented, this could necessitate imports from countries like the Netherlands, further driving up prices due to high shipping costs. Presently, maritime transport costs have surged by 20% to 30%.
Given Sri Lanka's dependence on imports for a variety of essential goods—including lentils, sugar, rice, and canned fish—the prevailing global situation is likely to have a direct and significant impact on local market prices.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

kappamata kiwwa kiyala wadak weida?
ReplyDelete