වෙලද හිගය 27%කින් ඉහලට.. රුපියල 7.6%කින් පිරිහෙයි..


මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම සතිපතා ආර්ථික දර්ශක වාර්තාවලට අනුව,  2026 වසරේ මුල් මාස හය තුළ මෙරට වෙළඳ හිඟය විශාල ලෙස පුළුල් වී ඇත.

2025 වසරේ මුල් මාස හය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 3,270ක්ව පැවති වෙළඳ හිඟය, 2026 වසරේ අදාළ කාලය වන විට ඩොලර් මිලියන 5,489ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ අපනයන ආදායමට වඩා ආනයන වියදම වේගයෙන් ඉහළ යාමයි.

2026 ජූනි මාසය වන විට ආනයන වියදම ඩොලර් මිලියන 12,392ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පසුගිය වසරට සාපේක්ෂව 26.9%ක වර්ධනයකි.

වසරේ මේ දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 7.6%කින් අගය පිරිහීමට ලක්ව ඇත.

සංචාරක ක්ෂේත්‍රයේ ද යම් පසුබෑමක් දක්නට ලැබෙන අතර, 2025 ජූලි මාසයේදී 200,244ක් වූ සංචාරක පැමිණීම 2026 ජූලි මාසය වන විට 196,845 දක්වා පහත වැටී තිබේ.

මීට අමතරව, වාණිජ බැංකු මගින් ප්‍රමුඛ පෙළේ ගනුදෙනුකරුවන්ට ලබාදෙන ණය පොලී අනුපාතය පසුගිය සතියට සාපේක්ෂව ඉහළ ගොස් ඇති අතර, එය 10.76%ක් ලෙස සටහන් වේ.

පිටකොටුව තොග වෙළඳපොළේ දත්තයන්ට අනුව එළවළු වර්ග රැසක මිල ගණන් පසුගිය මාසයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.





Sri Lanka's Trade Deficit Widens Dramatically in Early 2026, Economic Indicators Show

The latest weekly economic indicators released by the Central Bank reveal a significant widening of Sri Lanka's trade deficit in the first half of 2026. The trade deficit, which stood at $3.27 billion during the corresponding period in 2025, has surged to $5.49 billion this year.

The primary factor contributing to this alarming trend is the rapid increase in import expenditure, far outpacing export earnings. By June 2026, import costs are projected to reach $12.39 billion, reflecting a notable 26.9% increase compared to the previous year.

Throughout the current year, the Sri Lankan rupee has depreciated by 7.6% against the US dollar, underscoring economic pressures faced by the nation.

The tourism sector also shows signs of decline, with arrivals dropping from 200,244 in July 2025 to just 196,845 by July 2026. This decline raises concerns about the sector's recovery and its impact on the broader economy.

Moreover, the average lending rate offered by commercial banks to prime customers has risen to 10.76% in comparison to the previous week, indicating tightening monetary conditions.

Data from the Peliyagoda wholesale market suggests that the prices of various vegetable types have seen considerable increases over the past month, further straining the purchasing power of consumers.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

11 Comments

  1. ඉලන්දාරි පේඬිගේ රුක්ෂාන්August 14, 2026 at 4:15 AM

    පහුගිය දවස් 5 පුරාවටම ඩොලර් එකට සාපේක්ෂව රුපියල ශක්තිමත් වුණා, මේ විමලෙගෙ කැලෑ පත්තරේ කෙප්ප දාලා. මේ සතියටම වාර්ථා බලද්දී දැන් තමයි ඩොලර් එකකට අවම රුපියල් ප්‍රමාණයක් ගෙවන්නේ. ලබන සතිය ඉවර වෙද්දි ඩොලර් එකට රුපියල් 330 කට වඩා ගෙවන්ඩ ඕනෑ වෙන් නැති වෙයි.

    ReplyDelete
    Replies
    1. තෝර පදුගේ පතිරණ ගලප්පත්තිAugust 14, 2026 at 4:57 AM

      මගෙ අපුල්ලන වැඩේ දැන් උඹ හයිජැක් කරල? ද පැලවත්තෙ ඩයි මයිනගෙන් මට හම්බවෙන ගානට කෙලවන්ඩ එපා යකෝ.

      Delete
    2. ජයලත් දුරයගේ චමින්ද ජයලත්August 14, 2026 at 6:46 AM

      නෑ පතිරණ ලොක්කා සල්ලි වලට කමෙන්ට් දාන් නෑ තමුන්ලා වගේ, මම පතිරණ ලොක්කාව පෞද්ගලිකවම දන්නවා.

      Delete
    3. නැතුව. නැතුව. අඳුරන්නෙ නැති වෙන්නෙ කොහොමද දෙන්නම එකෙක් වෙනකොට.

      Delete
  2. අපේ රජතුමා ඉන්නවා බය නැතුව ඉන්න

    ReplyDelete
    Replies
    1. කොහෙද ඒ රජා ඉන්නෙ, ප්‍රමිෂ්කගෙ ගුබ්බෑයමේද?

      Delete
  3. මගේ රටට දළදා හිමි සරණයි.

    ReplyDelete
    Replies
    1. හුන්ඩු කොටාAugust 14, 2026 at 5:34 AM

      මේ හුන්ඩුලන්තයට සර්වබලධාරී දෙයියන් වහන්සේගේම පිහිටයි!

      Delete
  4. මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම සතිපතා ආර්ථික දර්ශක වාර්තාවලට අනුව, 2026 වසරේ මුල් මාස හය තුළ මෙරට වෙළඳ හිඟය විශාල ලෙස පුළුල් වී ඇත.

    පතිරණයා මහ බැංකුවේ වාර්තාවත් බොරුලු, හෙහ්...හෙහ්...හෙහ්...!

    ReplyDelete
  5. Mehema welanda higa thiyagena thamai arthikaya hondai kiyanne. Danno danith nodanno rewatei.

    ReplyDelete
  6. පිස්සුද සුදා..
    ලෝකෙ වේගයෙන් දියුණු වෙන 4 වෙනි රට 😆😆
    භාණ්ඩාගාර පිරිලා උතුරලා මුහුදටත් යනවා 🙃

    ජයවේවා මාලිමා ඩෝබි මල්ලීලට

    ReplyDelete
Previous Post Next Post