බන්ධනාගාරවලින් පැනගිය පාතාල කල්ලි සාමාජිකයන් ඇතුළු විවිධ තරාතිරම්වල රැඳවියන් 709 දෙනෙකු මෙතෙක් යළි අත්අඩංගුවට ගැනීමට බලධාරීන් අපොහොසත් වී ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
පසුගිය වසර පහක කාලය තුළ දඬුවම් කාලය අවසන් වීමට පෙර නීතිවිරෝධී ලෙස බන්ධනාගාරවලින් පැනගිය හෝ මිදීගිය රැඳවියන් සහ සැකකරුවන් සංඛ්‍යාව 1,181කි. මින් පිරිසක් මේ වන විට විදේශගතව සිටින බවට ද සැක කෙරේ.
එමෙන්ම, බන්ධනාගාර තුළ සිදුවන නීතිවිරෝධී ක්‍රියා පිළිබඳව ද විගණන වාර්තාව මගින් කරුණු රැසක් හෙළි කර ඇත.
පසුගිය වසරේදී පමණක් බන්ධනාගාර ආයතන 22කින් ජංගම දුරකථන 5,083ක් සොයාගෙන ඇති අතර, ඉන් බහුතරයක් පාතාල සාමාජිකයන් සන්තකයේ තිබී හමු වූ ඒවාය. මීට අමතරව දුරකථන චාජර් 970ක්, සිම් කාඩ්පත් 4,149ක් සහ වෙනත් උපාංග 3,111ක් ද බන්ධනාගාර නිලධාරීන් භාරයට ගෙන තිබේ.
මෙම උපකරණ බන්ධනාගාර තුළට රහසිගතව රැගෙන ඒම වැළැක්වීමට විධිමත් පියවර නොගැනීම හේතුවෙන්, රැඳවියන් බන්ධනාගාර තුළ සිටම විවිධ නීතිවිරෝධී ක්‍රියා සහ පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවන බව විගණන නිලධාරීන් නිරීක්ෂණය කර ඇත.
මෙම තත්ත්වය මහජන ආරක්ෂාවට දැඩි බලපෑමක් එල්ල කරන බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ 2025 වාර්ෂික වාර්තාවට ඇතුළත් කර ඇති මෙම විගණන වාර්තාව මගින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
Prison Authorities Fail to Re-arrest Over 700 Escapees, Reports Highlight Alarming Trends
In a troubling revelation, the National Audit Office has disclosed that authorities have been unsuccessful in re-arresting 709 individuals, including members of organized crime groups, who escaped from various correctional facilities. This statistic is part of a broader assessment concerning prison management and security.
Over the past five years, a total of 1,181 inmates have reportedly fled or evaded custody before completing their sentencing. Alarmingly, some of these escaped individuals are believed to have left the country, raising concerns about the reach of these criminal networks.
The audit report also sheds light on numerous illegal activities occurring within prison walls. In the last year alone, 22 correctional facilities have confiscated 5,083 mobile phones, the majority of which were found in the possession of gang members. Additionally, officers seized 970 phone chargers, 4,149 SIM cards, and 3,111 other devices.
These findings point to a significant gap in security measures, with the lack of stringent protocols allowing inmates to conduct various illegal operations and manage gang activities from within the prisons. The observations made by audit officials highlight the urgency for reform in prison administration practices.
Moreover, the report stresses that these circumstances pose a serious threat to public safety, a concern emphasized further in the Department of Prisons’ annual report for 2025. Without immediate action, the integrity of the correctional system and the safety of the broader community remain at critical risk.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

පාතාල කල්ලි සාමාජිකයන් ඇතුළු විවිධ තරාතිරම්වල රැඳවියන් 709
ReplyDeleteMALIMAWA AWANAM MEHEMA WENNE NAHA