කුණාටුවෙන් මිය ගිය 99 දෙනෙකුට වන්දි ගෙවන්න බැරිවුනා...


පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිදුවූ දරුණු ස්වභාවික ආපදාවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ මියගිය සහ අතුරුදන් වූ පුද්ගලයන් 99 දෙනෙකුගේ පවුල් සඳහා වන්දි ගෙවීමේ කටයුතු නීතිමය සහ පරිපාලනමය ගැටලු හේතුවෙන් ප්‍රමාද වී ඇති බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

බදුල්ලේ පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මෙම ආපදාවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ පමණක් පුද්ගලයන් 92 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 7 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි.

සමස්තයක් ලෙස දිවයින පුරා පුද්ගලයන් 700කට අධික පිරිසක් මෙම ව්‍යසනයෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

රජයේ තීරණයකට අනුව එක් පවුලක් සඳහා රුපියල් ලක්ෂ 11ක වන්දි මුදලක් ලබා දීමට නියමිතය. කෙසේ වෙතත්, ඇතැම් පවුල්වල සියලුම සාමාජිකයන් මියගොස් තිබීම, වන්දි මුදල ලබා ගැනීමට උරුමකම් කියන ඥාතීන් අතර පවතින ආරවුල් සහ ලිපිලේඛනවල පවතින අඩුපාඩු හේතුවෙන් මෙම ගෙවීම් සිදුකිරීමට බාධා එල්ල වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

"මෙය මුදල් නොමැතිකම නිසා සිදුවන ප්‍රමාදයක් නොවෙයි. ඇතැම් පවුල්වල මියගිය දෙමාපියන්ගේ වන්දි මුදල් බෙදාගැනීම සම්බන්ධයෙන් ඥාතීන් අතර ගැටලු පවතිනවා. එමෙන්ම ඉන්දියානු සහ ශ්‍රී ලංකා ආරක්ෂක අංශ එක්ව සිදුකළ මෙහෙයුම්වලදී පවා සොයාගත නොහැකි වූ අතුරුදන් වූවන් සම්බන්ධ නීතිමය කටයුතු අවසන් කිරීමට ද කාලයක් ගත වෙනවා. පවතින මෙම නීතිමය බාධාවන් නිරාකරණය කරගත් වහාම අදාළ පවුල් වෙත වන්දි මුදල් ලබා දීමට රජය කටයුතු කරනවා" යැයි ද අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.





Compensation for Victims of Natural Disaster in Badulla Facing Delays

Families of the 99 individuals who lost their lives or went missing during a devastating natural disaster in Badulla district last November are still awaiting compensation due to legal and administrative challenges. Minister of Water Supply and Community Infrastructure, Samantha Vidyaratne, made this revelation during an event in Badulla.

He elaborated that of those affected by the disaster, 92 individuals were confirmed dead while an additional seven have yet to be found. Overall, more than 700 people across the nation have succumbed to this catastrophe.

As per government directives, each family is eligible for a compensation package of 1.1 million Sri Lankan Rupees. However, certain families face challenges in claiming these funds, as all members may have perished, leading to disputes among relatives regarding entitlement, compounded by deficiencies in documentation.

"The delays in the disbursement of funds are not due to a lack of financial resources. Disagreements among relatives over the distribution of compensation for deceased parents are prevalent. Moreover, legal proceedings related to individuals who remain missing, despite joint operations conducted by Indian and Sri Lankan security forces, also require considerable time to resolve. The government will take immediate action to provide compensation to the affected families once these legal barriers are addressed," Minister Vidyaratne emphasized.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

7 Comments

  1. වසුරුගන්ධ බේරේ ගූ නෑ රාළලා ගේ පජාතබණ්ඩාර වසුරුගන්ධAugust 24, 2026 at 6:19 PM

    තව එකෙකුට දුන් නැත්නම් 100% යි.

    ReplyDelete
  2. සැමන්ටින් මල්ලි හැබැයි අර චෞරසේන ලොක්කගෙ කාලෙ අවුරුදු දෙක දික්කරන එකනං පට්පට් ගානකොට කළා නේ.
    තැන තැන ඉස්ටේජ් ගානෙ අඬන්නේ නැතුව ඔය 99ට වන්දි ගන්න එක පුලුවන්නං ප්‍රමිෂ්කා මැඩන්ට වත් කියල බලාං කරලා දේවි

    ReplyDelete
  3. සමන්ත මහත් වෙලා ලස්සන වෙලා
    කුමක්ද රහස?

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිAugust 24, 2026 at 8:45 PM

      කිහිල්ල අතගාල ඉඹල බලපු අතින් කජු කාපුහම මහත් වෙලා ලස්සන වෙනව.

      Delete
  4. ඔය විදියට බැලුවහම මියගිය අතුරුදහන් කාටවත් වන්දි ගෙවලා නැහැනෙ

    ReplyDelete
  5. ජයලත් දුරයගේ චමින්ද ජයලත්August 24, 2026 at 9:22 PM

    එක්ස්ප්‍රස් පර්ල් නැවේ විනාශය වෙනුවෙන් අනුමතවු ඩොලර් බිලියනයෙන් එක මිලියනයක් විතරක් අරගන, ඉතුරුඩොලර් මිලියන අනුනමය (99), අනුර කුමාර පොන්නප්පුයි, සූරසේනයි බෙදාගත්තයි කියන්නෙ ඇත්තද?

    ReplyDelete
    Replies
    1. පාස්ටර් සූරයගෙ කොලුව දිමුතු සූරසේනය, කොළඹින් මිලිගන ගානක ගොඩනැගිලි අරන් තියෙන්නෙ ඒ සල්ලි වලින්ලු.

      Delete
Previous Post Next Post