දිවයිනේ වැඩිම අස්වැසුම ප්‍රතිලාභීන් සිටින නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ රු.ලක්ෂ 30කට ආසන්න මුදලක් වංචා කලේ යැයි කියන නිළධාරින් දෙදෙනෙකු හැටන් පොලිස් කොට්ටාශ විශේෂ විමර්ෂණ ඒකකයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන (01) දින හැටන් දිසා අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් එස්.පාර්තිබන් මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු එම සැකකාරිනියන් දෙදෙනා මෙ මස (04) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරිය නියෝග කලහ.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූවේ නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම අංශය භාරව සිටි හැටන් දික්ඔය ප්‍රදේශයේ පදිංචි ක්‍රිෂ්ණමූර්ති ලලිතා නැමති 31 හැවිරිදි අය සහ හැටන් දික්ඔය කාපෙක්ස් ජනපදයේ පදිංචි විෂ්වනාදන් තුෂාදරණි නැමති 32 හැවිරිදි යන අයයි.
සැකකාරිණියන් දෙදෙනා 2023,2024,2025 යන වසරවල අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් ඔවුන්ගේ ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ ගිණුමවලට බැර කර ඇති බවට සිදු කරන ලද මූලික විගණනයේදි අණාවරණය වූ බව පවසමින් නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් සමීර ගම්ලත් මහතා විසින් හැටන් පොලිස් කොට්ටාශ විශේෂ විමර්ෂණ ඒකකය වෙත පැමිණිලි කිරිමෙන් පසු සැකකාරිණියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රකාශ ලබා ගෙන සැකකාරිනියන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූහ.
නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ අස්වැසුම ප්‍රතිලාභීන් ඔවුන්ට හිමි අස්වැසුම දීමනාව නොලැබුන බවට නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය වෙතට නිර්ණාමිකව ඉදිරිපත් කරන ලද ලිපියක් මත ක්‍රියාත්මක වූ දිස්ත්‍රික් ලේකම්වරිය සැකකාරිණියන් දෙදෙනා දිස්ත්‍රික්කයේම වෙනත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත මාරු කැ නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විගණන අංශයේ සහ මුදල් අමාත්‍යාංශයේ විගණන අංශයේ නිළධාරින්ගෙන් සමන්විත 10 දෙනෙකුගේ කණ්ඩායමක් යොදා සිදු කරන ලද විගණන විමර්ෂණයකදී මෙම මුදල් වංචාව අනාවරණය වී ඇත.
එම විගණන නිළධාරින් ප්‍රා දේශිය ලේකම් කාර්යාලයේම රැදී සිටිමින් තව දුරටත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණ කටයුතු සිදු කරන අතර, එම නිළධාරින් විසින් මේ වන විට එම කාර්යාලය යටතේ වැඩ කරන සියලුම ග්‍රාම සේවා නිළධාරින්ගේ සහ නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම අංශයේ තවත් නිළධාරින් රැසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
සැකකරුවන් විසින් ලබා දුන් ප්‍රකාශ අනුව මෙම මුදල් වංචාවට සම්බන්ධ එම කාර්යාලයේ තවත් නිළධාරින් තිදෙනෙකුගේ වැඩ තහනම් කිරිමට නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරිය විසින් මේ වන විට පියවර ගෙන ඇත.
තම ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ ගිනුම්වලට අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් බැර කර එම මුදල් පසුව සැකකාරියන් දෙදෙනා විසින් ලබා ගෙන ඇති බවටද තහවුරු වී ඇත.
අස්වැසුම මුදල් නොලැබුන බවට ප්‍රතිලාභීන් විසින් එම කාර්යාලයට ගොස් අදාළ නිළදාරින්ගෙන් කරුණු විමසීමේදි එම සැකකාරිනියන් විසින් මුදල් ලැබුණා නම් ගිණුමට බැර කරනවා. ආය කාර්යාලයට නොපැමිණෙන ලෙස එම ප්‍රතිලාභීන්ට තර්ජනය කර ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇත.
නුවරඑලිය දිස්ත්‍රිකකයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් සහ සමෘද්ධි ලාභීන්ගේ ප්‍රතිලාභ වලට මෙවැනි වංචා සිදුව ඇත්ද යන්න පිලිබදව කඩිනමින් විගණනයක් සිදු කිරිමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව නුවරඑලිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවිරආරච්චි මහතා කියා සිටියේ.
- රංජිත් රාජපක්ෂ
Two Officials Arrested for Alleged Fraud at Norwood Divisional Secretariat
Authorities have apprehended two officials from the Norwood Divisional Secretariat, suspected of misappropriating around 30 million rupees intended for welfare beneficiaries. The arrests were executed by the special investigation unit of the Hatton Police, following a complaint lodged by Samira Gamalath, the divisional secretary.
These individuals, identified as Lalita Krishnamurti, 31, and Tusharani Vishwanathan, 32, are accused of transferring funds meant for beneficiaries from the years 2023, 2024, and 2025 into the accounts of their relatives and friends. The allegations came to light during an internal audit initiated after concerns over the distribution of welfare payments were raised.
Following their arrest, the suspects were presented before the Hatton District Court, where they were remanded in custody for four days. This remand comes as part of ongoing investigations into the fraud, which involves funds meant for social assistance.
The initial investigation revealed that the fraud had gone undetected for some time, prompting the involvement of a team from the audit and finance divisions of the Nuwara Eliya District Secretariat. This team is now digging deeper into the suspected embezzlement scheme.
As the inquiry progresses, officials have stated that several local government officers at the Norwood Divisional Secretariat are under scrutiny for their potential roles in this fraudulent activity. Measures are being taken to suspend these individuals from their duties while the investigation unfolds.
Moreover, reports indicate that beneficiaries had been threatened not to appear at the office to inquire about their payments, thus keeping the fraudulent activities under wraps until recent complaints instigated the investigation.
The Chairman of the Nuwara Eliya District Coordination Committee, and local parliament member, Manjula Surawirachchi, emphasized the importance of swiftly addressing potential scams within the welfare system to ensure that beneficiaries receive their rightful aid.
- Ranjith Rajapaksha
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ඕක විතරක් නෙමෙයි වංචාව.ලොකුම වංචාව නුසුදුස්සෝ ගන්න එක..කම්කරුවෝ තියාගෙන ඉන්න වැවිලි වගාවෙන් විශාල ආදායම් ගන්න අය වාහන විශේෂයෙන්ම කාර්තියාගෙන ඉන්න අයත් ගොඩනැගිලි පියාගෙන ඉන්න අයත් ගන්නවා.සංගණනයේ දී නිලධාරීන් හිතවත් කම් වලට නම් ඇතුල් කරල තියෙනව.ඊට අමතරව නිලධාරින් වර්ජනය කරපු වෙලාවේදී උසස්පෙළ සමත් අයගෙන් කරපු සංගණනයේදීත් සෑහෙන්න දෝෂ සහගතයි
ReplyDeleteහැම තැනම දොස. දෝස නැති තැනක් නෑ.
ReplyDelete