ජපුර රෝහලට ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙක් නෑ... අසාධ්‍ය රෝගීන් පීඩාවට...


 ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වසර එකහමාරක පමණ කාලයක සිට ස්නායු ශල්‍ය වෛද්‍යවරයකු නොමැති වීම හේතුවෙන් රෝහල්ගත වන රෝගීන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරන්නේ, මීට පෙර එම රෝහලේ සේවය කළ ස්නායු ශල්‍ය වෛද්‍යවරිය අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, එහි සේවය කළ අනෙක් ස්නායු ශල්‍ය වෛද්‍යවරයා ද ඉල්ලා අස්වීම නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි.

එතැන් පටන් මේ දක්වා ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයකු රෝහලට අනුයුක්ත කර නොමැති අතර, මේ හේතුවෙන් ස්නායු ශල්‍යකර්ම අවශ්‍ය වන රෝගීන්ට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා වෙනත් රෝහල් කරා යාමට සිදුව තිබේ.

ඇතැම් අවස්ථාවලදී ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලට ඇතුළත් කරන රෝගීන්ට අවශ්‍ය ශල්‍යකර්ම පහසුකම් නොමැති වීමෙන් ඔවුන්ගේ ජීවිත පවා අහිමි වීමේ දැඩි අවදානමක් පවතින බව වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙයි.

රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලය වහා මැදිහත් වී ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයකු රෝහලට අනුයුක්ත කර ගැනීමට කටයුතු කළ යුතු බවත්, මීට අමතරව තවත් විශේෂඥ වෛද්‍ය ඒකක කිහිපයක පවතින වෛද්‍ය හිඟය කෙරෙහි ද රජයේ කඩිනම් අවධානය යොමු විය යුතු බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.





Critical Shortage of Neurosurgeons at Sri Jayawardenepura Hospital Poses Threat to Patient Care

The absence of a neurosurgeon at Sri Jayawardenepura Hospital for nearly 15 months has severely hampered patient care, as highlighted by the Medical and Civil Rights Professional Associations. This significant gap in surgical expertise has made it increasingly difficult for hospitalized patients requiring neurosurgery.

Dr. Chamala Sanjeewa, the president of the association, pointed out that the situation arose after the arrest of a previous neurosurgeon by the bribery commission. Subsequently, another neurosurgeon left their position, exacerbating the crisis. Since then, the hospital has not had a single neurosurgeon on staff.

As a result, patients needing neurosurgical intervention have been compelled to seek treatment at other hospitals, often facing dire circumstances. In some instances, critically ill patients admitted to the hospital have found themselves without necessary surgical facilities, presenting a grave risk to their lives, Dr. Sanjeewa emphasized.

He urged the hospital's board of directors to take immediate action to appoint a neurosurgeon and stressed the need for the government to urgently address the ongoing shortage of specialists in various medical units.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

  1. thambuthegama kabaraya avith karai. u sape damma gaman okkoma wada

    ReplyDelete
Previous Post Next Post