අගවිනිසුරුගේ උප්පන්නය කූඨ ලේඛනයක්.. ජනාධිපති ඒක පෙන්නා බ්ලැක්මේල් කරනවා..- රෝහිණීගෙන් බරපතල කතාවක්..

 


අගවිනිසුරුවරයා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වන බරපතළ චෝදනා පිළිබඳව රජය වහාම කරුණු පැහැදිලි කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න මහත්මිය  පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

නියෝජ්‍ය කථානායකවරයා අමතමින් ඇය පෙන්වා දුන්නේ යූ ටියුබ් නාලිකාවක් මගින් අගවිනිසුරුවරයාගේ පෞද්ගලික තොරතුරු හා ලේඛන සම්බන්ධයෙන් විවිධ අනාවරණයන් සිදු කර ඇති බවයි.

විශේෂයෙන්ම ඔහුගේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අදාළ තොරතුරු, විවාහ සහතිකය, උපන් දිනය මෙන්ම දරුවන්ගේ උප්පැන්න සහතික පිළිබඳව දත්තයන්හි පවතින ගැටලුකාරී තත්ත්වයන් එම නාලිකාව මගින් ප්‍රශ්න කර ඇති බව මන්ත්‍රීවරිය සඳහන් කළාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රෝහිණී කවිරත්න මහත්මිය මෙසේද පැවසුවාය.

"අගවිනිසුරුවරයාගේ උප්පැන්න සහතිකය සම්බන්ධයෙන් පවතින යම් ගැටලුවක් මුල් කරගනිමින් ජනාධිපතිවරයා විසින් ඔහුව 'බ්ලැක්මේල්' කරන්නේද යන සැකය සමාජය තුළ මතු වී තිබෙනවා. කූඨ ලේඛන සකස් කිරීමේ චෝදනාව මත වසර 20ක සිර දඬුවමකට යටත් වීමට සිදුවේ යැයි බිය ගන්වා, රජයට අවශ්‍ය පරිදි නඩු තීන්දු ලබා ගැනීමට ඔහුට බලපෑම් කරන්නේද යන්න පිළිබඳව බරපතළ ප්‍රශ්නයක් තිබෙනවා."

මෙම චෝදනා අසත්‍ය නම් ඒවා නිවැරදි කිරීම අධිකරණයේ ස්වාධීනත්වය රැක ගැනීම වෙනුවෙන් අත්‍යවශ්‍ය කරුණක් බවත්, එසේ නොමැති වුවහොත් අධිකරණ පද්ධතිය කෙරෙහි පවතින මහජන විශ්වාසය බිඳ වැටීම වැළැක්විය නොහැකි බවත් මන්ත්‍රීවරිය වැඩිදුරටත් අවධාරණය කළාය.





Government Urged to Clarify Serious Allegations Against the Prime Minister

During a recent parliamentary session, Rohini Kavirathna, a member of the Samagi Jana Balawegaya, stressed the urgent need for the government to address severe accusations circulating on social media regarding the Prime Minister.

In her address to the Deputy Speaker, she highlighted revelations made by a YouTube channel, which has allegedly exposed various personal details and records related to the Prime Minister.

Specifically, the channel has raised troubling questions about information linked to his security university in Kothalawela, including discrepancies in his marriage certificate, date of birth, and the birth certificates of his children, according to the parliamentarian.

Rohini Kavirathna went further, expressing her concerns about the implications of these issues. "There are growing suspicions within the public that the President may be 'blackmailing' the Prime Minister based on discrepancies related to his birth certificate. The fear that he might face a 20-year prison sentence for allegedly fabricating documents raises serious questions about whether he is being coerced into influencing judicial outcomes,” she remarked.

If these allegations are proven false, it becomes crucial for correcting them in order to preserve the integrity of the judicial system. Kavirathna emphasized that failing to do so could inevitably undermine public confidence in the judiciary.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post