විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත යොමු කළ බව කියන ලිපිය පිළිබඳව තමන් මෙතෙක් දැනුවත් වී නොමැති බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මේ වන විට ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති බවයි.
මෙම ක්‍රියාවලිය පිළිබඳව ආගමික නායකයින් දැනුවත් කිරීමේ අරමුණින් මල්වතු - අස්ගිරි මහා නාහිමිවරුන් සහ කාදිනල්තුමන් ඇතුළු නායක පූජකවරුන් හමුවී සාකච්ඡා කළ බවත්, එහිදී ජනතාවට යහපතක් වන දේ පමණක් සිදු කරන ලෙස තමන්ට උපදෙස් ලැබුණු බවත් ඔහු පැවසීය.
පසුගිය සතියේ මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහා නාහිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත යොමු කළ බව කියන ලිපිය පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.
"එවැනි ලිපියක් පිළිබඳව මම දැනුවත් නැහැ. ජනාධිපතිවරයා ඒ පිළිබඳව මට කිසිවක් පවසා නැහැ. ඒ නිසා ඒ ගැන අදහස් දැක්වීමට මට නොහැකියි."
නීතිඥ සංගමය සහ විපක්ෂය මෙම පනතට එරෙහිව දක්වන විරෝධය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, ඕනෑම නීතියක් සම්පාදනය කිරීමේදී විවිධ මතවාද ඉදිරිපත් වීම සාමාන්‍ය තත්ත්වයක් බවයි.
විපක්ෂයට සහ වෘත්තීය සමිතිවලට තමන් දරන මතය ජනතාව හමුවේ තැබීමට අයිතියක් ඇති බවත්, පනත් කෙටුම්පත ගැසට් කිරීමේ අරමුණම ඒ පිළිබඳව විවෘත සංවාදයකට ඉඩ සැලසීම බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
විශ්‍රාම යන වයස ඉහළ දැමීම හරහා විපක්ෂය මර්දනය කිරීමට උත්සාහ කරන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරයා, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමෙන් විපක්ෂය මර්දනය වන්නේ කෙසේදැයි තමන්ට වටහාගත නොහැකි බවද පවසා සිටියේය.
Minister Denies Knowledge of Judicial Retirement Age Proposal
The Minister of Justice, Prison Affairs, and Constitutional Reforms, Harshana Rajakaruna, has stated that he is not aware of any proposal regarding the increase of the retirement age for judges that has allegedly been directed to the President by religious leaders.
Speaking to the media about the proposed amendments to the legislation concerning the retirement age of judges, the minister emphasized that the relevant constitutional amendment bill has already been published in the gazette.
He further revealed that discussions were held with the leading religious figures, including the chief monks of the Malwathu and Asgiriya chapters, and cardinal representatives, with the aim of keeping these leaders informed about the process. During these discussions, he received guidance to undertake measures that would benefit the general public.
Addressing questions from journalists regarding the letter reportedly sent to the President by the chief monks of the Malwathu and Asgiriya factions last week, the minister clarified, "I am not aware of such a letter. The President has not communicated anything to me regarding this matter, so I cannot comment further."
In relation to the opposition and the legal community's concerns regarding this legislation, the minister noted that it is common for diverse opinions to be expressed when drafting any law.
He reiterated that both the opposition and professional associations have the right to voice their perspectives publicly and highlighted that the publication of the bill in the gazette is intended to facilitate an open dialogue on the subject.
Amid allegations that the increase in the retirement age is an attempt to suppress the opposition, the minister dismissed such claims, stating that he cannot comprehend how raising the retirement age of judges could lead to the suppression of opposition.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

උඹ බබා, වරෙන් හරහටදාල කුක්කු පොවන්ඩ.
ReplyDeleteMainake Kukkuda?
DeleteAra Rajapassa Mainage Kukkuda?
Deleteඑතකොට උඹ බබා? අනේ පලයන් වේස මායම නැතුව හර්ශන නානා 🤬
Deleteමුන් ගොනාට අන්දන්න හදවන්නෙ පොදු ජනතාව සහ මහනායක හිමිවරුන්ව. හාමුදුරුවෝ උනත් දැන් රට වෙනුවෙන් සාසනය වෙනුවෙන් දැඩි තීරණයක් ගන්න. මතක ඇතිනේ තමන්ට අවශ්‍ය රජය පත්වන තෙක් කාදිනල් උන්වහන්සේ දෙශපාලකයින් හමුවීමෙන් වැළකුණා.
ReplyDeleteIthin Apita Pan da...Pako Hamuduruwaru Sasane bala ganiwi...NPP eka Government eka karai....Uba nikan denne nathuwa idapan
Deleteඑතකොට උඹ බබා? අනේ පලයන් වේස මායම නැතුව හර්ශන නානා
Deleteපොන්න ඩොබියෙක් ඇහැරිලා කුණුහරුප ලියනවා. එක්කො හරියට ඉංග්‍රිසි වලින් ලියපිය. නැත්නම්. සිංහල අකුරු ලිපිය. පොන්නයො තොපෙ NPP හුණ්ඩුවට වැඩිපුර චන්දෙ දුන්නෙ රටට ආදරය කරන මිනිස්සු. නැත්තන් 3% උන් පැටවු ගහලා නෙමෙයි. තොපෙ 3%වැඩිපුර ඉන්නෙ පොන්නයො සහ ආප්පියො. කොහොමත් වැඩි හරියකට ළමයි නැහැ. පඩත්තර කථා කියන්නෙ නැතිව හිටපිය ඊළගට තොපිට තුනත් නැහැ.
Deleteහැබැයි කඩිනල්ව නම් හම්බුණා
ReplyDeleteජනාධිපති ලේඛම් කාර්-යාලයේ පියන් කෙනෙකුගෙන් අහන්න
ReplyDeleteඑතකොට උඹ බබා? අනේ පලයන් වේස මායම නැතුව හර්ශන නානා 🤬🤬🤬
Deleteඇත්තටම මොන පදනමක් ඇතුවද මේ ගොබ්බ සෙට් එක රට ජාතිය ආගම වනසන කථා කරන්නෙ? රටේ අතිඋතුම්ම ස්වාමීන් වහන්සේලා තුන් නමකගේ අත්සනින් යුතුව තම ආණ්ඩුවේ මෙන්ම තම අමාත්‍යංශයේ කරුණක් සම්බන්ධව ජනපතිට එවපු ලිපියක් ගැන මොකුත් දන්නෙ නැහැලු.කොහොමත් මෙයා දැන් අමුතු රංගනයක යෙදෙනවා කියන එකනම් මිනිස්සු තේරුම් අරගෙන ඉවරයි.කපටිකම කයිරාටිකම කුපාඩිකම බොරුව වංචාව. දුෂණය විතරක් නෙවෙයි දැන් චණ්ඩිකම් මැරකම් කරන්නත් පටන් අරගෙන.ගොඩාක් දුක් විඳින්නට වෙනවා අපටත් මෙයාලටත් ඉදිරියට.දිගු කාලයක් රටේ ජනතාව තුල වෛරය පුරවලා මනස නොමගට යවලා ලබාගත් චන්දය යාදෙන්නෙ නැ නැ නෑම තමයි.
ReplyDeleteලංකාවෙ කවදාවත් නැති දෙයක් වෙනවා බවුද්ද රටේ කාඩිනල් හම්බවෙන්න යනවා. එහෙනම් ඉස්ලාමීය නායකයො සහ හින්දු නායකයොත් හම්බ වෙන්න ඕනනෙ. මේ ආන්ඩුව ආවට පස්සෙ කාඩිනල් සරන යනවා. ශානිලා පත් කරෙත් එයාගෙන් අහලා. ජනාධිපති ගෙ ඉදන් කියන්නෙ මන් දන්නෙ නෑ. ගිය ආන්ඩුවල වැරදි. මට තේරෙන්නෙ නෑ කියල්ක. බැරි නම් යන්න. ෆේල්
ReplyDeleteව්‍යවස්ථාවෙන් බුදු දහමට පිරිනමා ඇති ප්‍රමුඛස්ථානය හෑල්ලු කිරීමට මාළිමාවේ ඇමතිවරුන්ට ඇති එඩිතර කම පැහැදිලියි
ReplyDeleteමලික් සමරවික්‍රම ඇතුළු විකාර කාරයන් කියන දේවල් පසෙකට දමා බෝර්න් අගේන් පාස්ටර් ට අළුත් කඩේ මුල් පුටුව ලබා දීම වෙනුවෙන් රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා දරණ උත්සාහය පරාජය කිරීමට මහ සඟරුවන පෙරට වැඩිය යුතුයි
තාම ෆේස් බුක් බැලුවෙ නැතෙයි???
ReplyDeleteආරියතිලක
ReplyDeleteවිනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත යොමු කළ බව කියන ලිපිය පිළිබඳව, ජනමාධ්‍යය දැනුවත් නො කිරීම එම ලිපිය ජනමාධ්‍යට යොමු නො කිරීමේ විපාකය පැමිණ ඇත. අපට කීමට අයිතියක් නැහැ මහා නායකහිමිවරුන්ට එසේ කළ යුතුය කියා. නමුත් එසේ කළා නම් මෙවැනි වචන ආණ්ඩුවේ පාර්ශවයෙන් එල්ල වෙන්නේ නැහැ. තුවක්කුව වනල වෙඩි තැබුවා ම ඔහොම තමයි. ඉලල්කය වරදී. කාගෙ ද අඩුව? ජාතික ප්‍රශ්නයක් විසදන හැටි!