වත්මන් රජය බලයට පත්වූයේ කෙටි කාලයකින් ඉවත් වීමට නොව, ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කරමින් රට නිවැරදි මාවතකට යොමු කිරීමට බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ බව අද දෙරණ පුවත් සේවය වාර්තා කරයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන කටයුතු සඳහා පමණක් රුපියල් මිලියන 4000කට අධික මුදලක් අයවැය මගින් වෙන් කර ඇති බවයි.
එමෙන්ම පළාත් පාලන ආයතනවල යටිතල පහසුකම් නැංවීම සඳහා අවශ්‍ය ඩෝසර් සහ බැකෝ යන්ත්‍ර ඇතුළු උපකරණ ලබා දීමට ද රජය සැලසුම් කර ඇති බව ඔහු පැවසීය.
රජය විසින් ඩොලර් කෝටි 500ක ණය වාරික ගෙවා ඇති අතර මේ වන විට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 670 දක්වා ඉහළ නංවා ඇති බවයි.
එමෙන්ම රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා ලක්ෂයකට අධික පිරිසක් විනිවිදභාවයකින් යුත් තරඟ විභාග සහ සම්මුඛ පරීක්ෂණ හරහා බඳවා ගැනීමට කටයුතු කරන බව ද ඔහු අවධාරණය කළේය.
අධිකරණ පද්ධතියේ පවතින ප්‍රමාදයන් මගහරවා ගැනීම සඳහා 22 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු දෙකකින් වැඩි කිරීමට පියවර ගෙන ඇති බවත්, එමගින් නඩු කටයුතු කඩිනම් කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
දූෂණ විරෝධී වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, "අපි ආණ්ඩුවක් ගත්තේ අවුරුදු 5කින් 10කින් දීලා යන්න නෙමෙයි. හොරකම් කරපු අයට එරෙහිව පවතින නඩු ටික අහලා ඉවර වෙද්දී අපිට යන්න වෙයිද දන්නෙත් නෑ" යනුවෙනි.
හිටපු නායකයන්ට පවා අධිකරණය හමුවට යාමට සිදුව ඇත්තේ රජය නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන නිසා බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Government Committed to Fulfilling Promises, Says Minister Wasantha Samarasinghe
The current government is not looking to vacate power soon; instead, it is committed to fulfilling the promises made to the people and steering the country toward the right path, emphasized Minister of Trade, Commerce, Food Security, and Cooperative Development, Wasantha Samarasinghe.
Speaking at a public meeting in the Anuradhapura region, Samarasinghe outlined that more than 4 billion rupees has been allocated in the budget specifically for road development projects within the Anuradhapura district.
He also revealed that the government plans to provide necessary machinery, including dozers and backhoes, to enhance the infrastructure facilities of local government institutions.
The Minister reported that the government has paid off a loan installment amounting to 500 million dollars, leading to an increase in foreign reserves to 670 million dollars.
In an effort to fill vacancies within the public service, it has been proposed to recruit over 100,000 individuals through transparent competitive examinations and interviews, according to his statements.
To tackle existing delays in the judicial system, steps have been taken to increase the retirement age of judges by two years through the 22nd constitutional amendment, which is expected to expedite legal proceedings.
Commenting on anti-corruption initiatives, the Minister expressed, “We did not come to power to leave after 5 or 10 years. With the ongoing cases against those who have committed theft, we do not even know when we will have to leave once these matters are concluded.”
He further articulated that even former leaders have found themselves in court, attributing this to the government’s commitment to enforcing the law appropriately.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

අතීතයේ ත්රස්තාදීන් රඡකරන කළක අභිරහස් මරණ සුළිකුණාටු ඉඩෝර ගංවතුර ලෙඩ ඩෙංගු එකඑක තැන මහාදවල් පවා මිනී මැරූම් වල ඉවරයක් නැහැ.අධර්මිෂ්ට පාලකයෝ ඇතිකලක රටකට වන විපත ධර්මයේ හොඳින් පෙන්වන දේ නේ මේ.
ReplyDeleterajpaakshala wage ධර්මිෂ්ට පාලකයෝ rata hariyata karala thibbanam jeppo raja wenne naha neda ban
Deleteඅනේ පරයෝ තෝ අද ජීවත් වෙලා ඉන්නෙත් රාජපක්ශ මැතිතුමාට පින්සිද්ද වෙන්න. අපතයා
Deleteසංචාරකයන්ගෙන් යැපීම වහාම නවතා සමස්ථ ශ්‍රී ලංකාවේ යහපැවැත්ම සඳහා උපකාරීවන, ලෝකය තුළ මිළමුදල් වස්තුව සාර්ථක ලෙසට ඉපයීම සඳහා , මාළිගාවේ දැවැන්ත ප්‍රාග්ධණය උපයෝගී කර ගනිමින්, මුළ්‍ය විශේෂකඥයන්ගේ දැනුම මග පෙන්වීම යටතේ විවිධ ව්‍යාපාර, ජාළ නිර්මාණය කිරීමටත් නව ආරක ආයෝජන සඳහා මුළ පිරීමටත් පුරවැසියන් සහ රාජ්‍ය සඳහා ධණය උපයා ගැනීම ප්‍රධාන අරමූණ ලෙසටම, ක්‍රම සහ විධි සම්පාදනය කර ගැනීමටත්, භෟමිකඅඛණ්ඩථාවය ස්වාධිපත්‍ය ආරකෂා කර ගැනීම සඳහාම වහාම දැවැන්ත මූළ්‍ය සම්පත නව ආරකින් නිර්මාණශීළීව උපයෝගීකරගනිමින්,.
ReplyDeleteආයොජන සඳහා ක්‍රියාත්මක වන ලෙස ප්‍රදීප් නිලංග දෑලගේ සහ මහානායකයන්ගේ දැඩි අවධානයට,.!
තොපිව එළවනව මෝඩ මිනිස්සුන්ට තෙල් ගෑස් නැති වෙනකොට
ReplyDeleteනාසිවාදී සුද්දන්ගේ ආක්‍රමණ වලින් පසුව ඉදිකරනු ලැබූ නාසිවාදී බළකොටු පුරා වස්තු නොවන බවත් සුද්දන්ගේ නාසිවාදී අවශේෂ උලුප්පා දක්වා රාජ්ය්යේ අභිමාණය කෙළෙසීමෙන් වළකිනා ලෙසත්,.
ReplyDeleteඅදාළ අවශේෂ නාසිවාදීන්ගේ මිලේඥයන්ගේ කෘෘරතවය සූකෂම ලෙසට ඉස්මතුවන ලෙසට අදාළ අවශේෂ යොදාගෙන බටහිර නාසිවාදී සුද්දන්ගෙන් මුදල් ඉපයීමට අදාළ ස්ථාන යොදා කටයුතු කරනාලෙස නව රජයේ අවධානයට,.!
මාක්ස් අනුගාමිකයන් modayoya.
ReplyDeleteවෙන එවුන් හොරකම්කරානම් උන්වැඩක් කරලා හොරකම් කරන්න ඇති. තොපි වැඩක්නොකරම හොරාකන්නේ නොහොමද? කන්ටේනර්, භාණ්ඩාගාරය,තැපෑල උදාහරන විතරයි.
ReplyDeleteමුන් කතා කරනකොට ගහල එලවපල්ලා. දුටු තැන එලවපල්ලා. කාලකන්නි ලප සාපේ
ReplyDeleteඑතකොට ඔහේට විරුද්ධව තියන නඩුව? වරෙන්තු නිකුත් කරන්න ගිය නෝනාව හැරෙන තැපෑලෙන් මාරු කළා. ගල් අඟුරු ගැන නඩු නෑ. කන්ටේනර් ගැනත් නඩු නෑ. කිසිම ජෙප්පෙකුට නඩු නෑ. තොපි දහයක් නෙවෙයි, පහක්වත් ඉන්නෙ නෑ.
ReplyDeleteදැන් නම් 3% වත් නැහැ. පාරවල් දිගේ එලවා එලවා පහර දෙන්න ඉඉඩ තියෙනවා
ReplyDeleteහා හා bitcoin mudalali කලබල වෙන්න එපා. අවුරුදු ගාන තීරනය කරන්නෙ අපි.
ReplyDeleteඅනේ පොට්ට පකෝ තොපිව මිනිස්සු ගහල එලවන්නේ
ReplyDeleteහාල් පාරු ගං වැද්දා 😂
ReplyDeleteඅවුරුදු 2 ක් ගිහින් .. උබල කියපු මේවායේ නඩු කෝ ?
උගන්ඩා ඩොලර් ?
ලැම්බෝගිනි ?
හෙලිකොප්ටර් 4 ?
පවුම් 90 චෙන් ?
ඉඩම් 21 ?
චීන චෙක් ?
බැඳුම්කර ?
තවත් මුන් ගොන්නු රවට්ටනවා ,