ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අනවශ්‍ය ලෙස සේවකයන් හය දෙනෙකු බඳවා ගැනීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවක් මත හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
මෙම අක්‍රමවත් සේවක බඳවා ගැනීම් හේතුවෙන් රූපවාහිනී සංස්ථාවට රුපියල් ලක්ෂ 143ක මූල්‍ය පාඩුවක් සිදුව ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි වාර්තා වේ.
Former Minister Kehliya Rambukwella Arrested Over Allegations of Corruption at Sri Lanka Broadcasting Corporation
In a significant development, former Minister Kehliya Rambukwella has been taken into custody by the Commission to Investigate Allegations of Bribery or Corruption. His arrest stems from allegations involving the unnecessary hiring of six employees at the Sri Lanka Broadcasting Corporation (SLBC).
The arrest occurred following an official statement obtained from the former minister regarding the matter, highlighting the ongoing investigations led by the commission.
Reports indicate that these questionable recruitments have resulted in a substantial financial loss of approximately 143 million rupees to the broadcasting entity, further underscoring the gravity of the allegations against Rambukwella.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Lankawe jepi ammalata jeppo wadanna nodunanam me rata kochchara sundarada.
ReplyDeleteMunta donnath varadi. Nudunnath varadi.
Nodakin kari jeppo
Mama nam kiyanne hoda wade UNP/Phottu pakayanta, JVP ballanta tibuna serama case mun yata gahala hitya, den munta case adinawa.. denwath thopi 2029 apuhma munta dapiyau nadu ...
ReplyDelete