බස් නැවතුම්පොළේ මගී හිස්වලට ඉහළින් බඹර කූඩුවක් එල්ලේ...


 නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉතා කාර්යාබහුල බස්නැවතුම්පොළක ලෙස හැදින්වෙන තලවකැලේ බස් නැවතුම්පොළේ ඉහළ මහළේ බැද ඇති විශාල බඹර කූඩුවක් හේතුවෙන්එම බස් නැවතුම්පොළට පැමිණෙන මගීන් මෙන්ම නගර හරහා ගමන් කරන පාරිභෝගිකයන්ද දැඩි ලෙස පීඩාවට පත් වී ඇත.

තලවකැලේ ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණයත් සමග බඹරුන් නිතර නිතර ඇවිස්සෙන බවත්, බස් නැවතුම්පොළේ අධික නළා සහ වාහනවල ශබ්දය හේතුවෙන්ද බඹරුන් ඇවිස්සීමේ අවධානමක් පවතින බවයි ප්‍රදේශවාසීන් කියා සිටින්නේ.

තලවකැලේ විහරස්ථානය, ඒ අවට වෙළදසැල් ඉන්ධන පිරවුම්හළක් සහ ඒ අසළ ජනාවාසද රැසක් පිහිටි නිසා එම බඹර කූඩුව ඉවත් කිරිමට කටයුතු කරන ලෙසයි ප්‍රදේශාවාසීන් කියා සිටින්නේ.

- රංජිත් රාජපක්ෂ





Concern Over Bee Nest at Talawakelle Bus Stand Affects Passengers

At the bustling Talawakelle bus stand in the Nuwara Eliya district, commuters and travelers are facing significant discomfort due to a large bee nest situated above the bus shelter. This situation has added to the already busy environment of one of the area’s most frequented transportation hubs.

Local residents report that the prevalence of poor weather conditions in Talawakelle has led to frequent bee appearances. Additionally, they emphasize that the excessive noise from nearby pipes and vehicles further exacerbates the likelihood of bee activity at the bus stand.

The Talawakelle area is home to a range of commercial establishments, including fuel stations and residential complexes. Given this proximity, residents are urging local authorities to take immediate steps to remove the bee nest to ensure the safety and comfort of travelers and local inhabitants alike.

- Ranjith Rajapaksha



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

  1. ඕක ඉවත් කරන්න ඉස්සෙල්ලම බඹර ප්‍රහාර එල්ල වෙන්න ඕන.

    ReplyDelete
Previous Post Next Post