කංජිපානිගේ බාප්පා මහ පාරේ වෙඩි තබා ඝාතනය කරයි...


කොළඹ මාලිගාවත්ත, සංඝරාජ මාවත ප්‍රදේශයේදී අද සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ප්‍රකට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'කංජිපානි ඉමරාන්' නමැත්තාගේ බාප්පා බවට හඳුනාගෙන තිබේ.

ඔහු එම ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයෙකු බව ද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

පොලිසිය සඳහන් කළේ සංඝරාජ මාවතේ පිහිටි ඔහුගේ ව්‍යාපාරික ස්ථානය අසලදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහු වහාම රෝහල්ගත කිරීමට පියවර ගත්ත ද, ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාවරණය වී නොමැත.

අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබේ





Gun Violence Claims Life of Notorious Criminal Associate in Colombo

A shooting incident in Colombo's Maligawatta, specifically on Sangharaja Mawatha, has resulted in the death of an individual who was admitted to the hospital following the attack, according to police reports.

The victim has been identified as the father of 'Kanji Pani Imraan', a well-known figure in organized crime.

Initial investigations reveal that the deceased was a businessman running a building materials supply shop in the area.

The police disclosed that the shooting occurred in close proximity to his commercial establishment on Sangharaja Mawatha.

Despite immediate efforts to transport him to the hospital after sustaining severe injuries, he succumbed to his wounds while undergoing treatment.

The Maligawatta police have commenced an extensive investigation into the incident, but as of now, no specific information regarding the motive for the shooting or potential suspects has been uncovered.

Multiple specialized police teams have been deployed to apprehend those responsible for the crime.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

9 Comments

  1. What is nationa security. Poya dekai.. enna kiyanna api kiyala dennam....bankuwak aragena..

    ReplyDelete
    Replies
    1. Gota and gang is very danger
      WHO STILL USE EX-MILITARTY POWER

      Delete
    2. Gota thawamath balawathda ?

      Delete
    3. ගෝටාබය❤ මැතිතුමා ජනාධිපති කරවමු මොකෝ මිලිටරි පවස් තියෙනවනෙ

      Delete
  2. අප අතරින් හදිසියේ වෙන් වූ කංජිපාණී ඉම්රාන් මහතාගේ බාප්පාට නිවන් සැප ලැබේවා

    ReplyDelete
    Replies
    1. Sorry, ethuma pansal gihin nethi nisa niwan sepa nehe.

      Delete
    2. Ow ban Ow... Niwan suwa Labewa...

      Delete
  3. දිව්‍ය ලෝක සේකර කියන widiyata මහජන ආරක්ෂාව තහවරු කර තිබේ.

    ReplyDelete
  4. මේ වගේ පතලේ උන්ට මෙත්තර ප්‍රසිද්දියක් දෙන්නේ මොකටද.

    ReplyDelete
Previous Post Next Post