අධිකරණය ප්‍රතිව්‍යුහගතකරණය කරනවා - ආරක්‍ෂක නි. ඇමති


 රටේ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සහ මහජන ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් අධිකරණ පද්ධතිය ප්‍රතිව්‍යුහගත කිරීමට රජය පියවර ගන්නා බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ උත්සව අවස්ථාවකට ඒක්වීමෙන් පසු මාධ්‍ය අමතමිනි.

එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හරහා මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි.

මෙම පියවර මගින් රටේ අනාගත සංවර්ධන කටයුතු වඩාත් සාර්ථක කර ගැනීමටත්, මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් හැකි වනු ඇති බව අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

නීතියේ විධානය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා වර්තමාන අධිකරණ පද්ධතියේ යම් යම් වෙනස්කම් සිදු කිරීම අත්‍යවශ්‍ය වී ඇති බව ද ඔහු මෙහිදී අවධාරණය කළේය.

මහජනතාව වෙනුවෙන් වඩාත් කාර්යක්ෂම සහ සාධාරණ නීතිමය රාමුවක් සකස් කිරීම රජයේ මූලික අරමුණ බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.





Government Plans Overhaul of Judicial System to Ensure Rule of Law and Public Safety

The Sri Lankan government is set to undertake a significant restructuring of the judicial system to reinforce the rule of law and enhance public safety, according to Deputy Minister of Defence, Aruna Jayasekera.

Speaking to the media after a recent event, the minister disclosed that the reform process is being planned through constitutional amendments.

He expressed confidence that these measures would not only pave the way for more successful future development initiatives in the country but also guarantee the safety of its citizens.

During his address, Jayasekera emphasized the necessity for certain modifications within the current judicial system to ensure the effective enforcement of the rule of law.

He further highlighted that the establishment of a more efficient and equitable legal framework for the public remains a primary objective of the government.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

2 Comments

  1. ජයලත් දුරයගෙ චමින්ද ජයලත්August 22, 2026 at 10:34 PM

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හරහා මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සිදු කිරීමේ ප්‍රධාන පරමාර්ථය කොටි ඩයස්පෝරාවේ ඉල්ලීම පරිදි රට ෆෙඩරල් කිරීමට අඩිතාලම දැමීම.

    ReplyDelete
  2. විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීම පමණක් නොව, තවදුරටත් සේවය කළ හැකි පළපුරුදු විනිසුරුවරුන් සිටී නම්, ඔවුන් නැවත සේවයට කැඳවා ගොඩගැසී ඇති නඩු හැකි ඉක්මනින් අවසන් කළ යුතුය.



    නඩු වැඩි කාලයක් ඇදී යන තරමට, ඒවාට සම්බන්ධ පාර්ශ්වයන්ගෙන් ලැබෙන ආදායමද වැඩි වේ. විශේෂයෙන්ම, ඉඩම් නඩු වසර විස්සකටත් වැඩි කාලයක් ඇදී යන අවස්ථා තිබෙන අතර, ඒ අතරතුර නීතිඥ ගාස්තු දහස් ගණනින් එකතු වෙමින් පවතී. ඇතැම් නඩු දිනවල නීතිඥවරයා එක වචනයක්වත් කතා නොකළත්, සතයක්වත් අඩු නොකර සම්පූර්ණ ගාස්තුවම අය කරනු ලැබේ.



    එහෙත්, දිගුකාලීන නඩු ප්‍රමාදයන් සහ දිනෙන් දින ඉහළ යන නීති වියදම් හේතුවෙන් දුප්පත් ජනතාවට පැටවෙන මෙම දැඩි බර පිළිබඳව නීතිඥ ප්‍රජාව තුළින් හඬක් නැඟෙන්නේ නැත.



    වෛද්‍යවරුන් මෙන් නොව, නීතිඥවරුන් විසින් ගාස්තු අය කිරීම සඳහා රිසිට්පතක් ලබා නොදෙන අතර, ගාස්තු අය කිරීම සඳහා පැහැදිලි හා නිසි ක්‍රමවේදයක්ද නොමැති බව පෙනේ.



    මේ සියල්ල හේතුවෙන්, වසර ගණනාවක් තිස්සේ තම නඩු අවසන් වන තුරු බලා සිටින අසරණ ජනතාව දැඩි කනගාටුවකට, ආර්ථික පීඩනයකට සහ මානසික පීඩාවකට පත්ව සිටිති. එබැවින්, නඩු කඩිනමින් අවසන් කිරීම සඳහා අධිකරණ පද්ධතියේ පවතින ගොඩගැසුණු නඩු ප්‍රමාණය අඩු කිරීමට කඩිනම් සහ ප්‍රායෝගික පියවර ගත යුතුය.

    උදෑසන විනිසුරුවරයෙකුගේ මේසය මත ගොඩගැසී ඇති නඩු ගොඩ දැකීමේදී, එවැනි විශාල බරක් මධ්‍යයේත් විනිසුරුවරයෙකු තම මනස සන්සුන්ව තබාගෙන කෙසේ කටයුතු කරන්නේදැයි විශ්වාස කිරීමටත් අපහසුය.

    ReplyDelete
Previous Post Next Post