"කොහොමවත් ජනමත විචාරණයක් පැවැත්වෙන්නේ නැහැ" - අධිකරණ ඇමති කියලා


 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශය මෙරට අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය පිළිබඳ බරපතළ ගැටලු මතු කරන්නක් බව 'දිනන දකුණ සාමූහිකය' පවසයි.

එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණය සතු කාර්යභාරයට මෙවැනි ප්‍රකාශ හරහා බලපෑම් එල්ල වන බවයි.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක් කරමින් පාර්ශවයන් රැසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර ඇති පසුබිමක, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් "කොහොමවත් ජනමත විචාරණයක් පැවැත්වෙන්නේ නැහැ" යනුවෙන් කළ ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය දැඩි ලෙස හෙළා දකී.

අදාළ පෙත්සම් විභාග කර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිය තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබියදී, වගකිවයුතු අමාත්‍යවරයෙකු මෙවැනි ස්ථාවරයක සිට ප්‍රකාශ නිකුත් කිරීම ස්වාධීන අධිකරණ ක්‍රියාවලියට කරන බලපෑමක් බව එම සංවිධානය පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් වත්මන් රජයේ නිල ස්ථාවරය කුමක්දැයි රටට පැහැදිලි කළ යුතු බව ද ඔවුහු ඉල්ලා සිටිති.

මීට පෙර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ද මෙවැනිම ප්‍රකාශයක් සිදු කර ඇති බව සිහිපත් කරන දිනන දකුණ සාමූහිකය, අධිකරණ ක්‍රියාවලියට බලපෑම් එල්ල වන මෙවැනි ප්‍රකාශ සිදු කිරීමෙන් වළකින ලෙස රජයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

මෙම නිවේදනය දිනන දකුණ සාමූහිකයේ නායකත්ව මණ්ඩලය සහ විධායක සභාව විසින් නිකුත් කර ඇත.





Judicial Independence Under Scrutiny Following Minister's Remarks on Constitutional Amendment

The comments made by the Minister of Justice regarding the 22nd Constitutional Amendment have sparked serious concerns over the independence of Sri Lanka's judicial system, according to the Dinana Dakuṇa Coalition.

In a statement, the organization emphasized that such remarks pose a potential challenge to the responsibilities of the Supreme Court.

Amid ongoing petitions filed by multiple parties against the 22nd Constitutional Amendment, Minister Harshana Rajakaruna, during a private television program, declared, "No referendum will be held, regardless." The coalition has strongly criticized this assertion.

As the Supreme Court is expected to deliver its ruling on the relevant petitions, the Dinana Dakuṇa Coalition pointed out that a responsible minister issuing such statements constitutes an undue influence on the independent judicial process.

They further urged the government to clarify its official stance on this matter to the country.

The coalition reminded that similar statements had previously been made by Minister Dr. Nalinda Jayatissa, reiterating calls for the government to refrain from making remarks that could interfere with judicial proceedings.

This statement was released by the leadership and executive board of the Dinana Dakuṇa Coalition.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

2 Comments

  1. මූගේ කථාව හැමවිට මෝඩ ඡෙප්පන්ගේ හිත ගන්න සැමටම සාධාරණය විය යුතුයි අපි ඔක්කෝම එකයි නේ කියා.උඩින් හරි හොඳයි පේනවා නේද? ඒත් යටි හේතුව?? දෙමළ හින්දු ගෑණියෙක් බැඳගෙන තමන්ගේ හින්දු ළමයින්ට වෙනස්කම් නොවෙන්න සිස්ටම් චේන්ඡ් කරනවා තොපිට මූ..

    ReplyDelete
  2. විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීම පමණක් නොව, තවදුරටත් සේවය කළ හැකි පළපුරුදු විනිසුරුවරුන් සිටී නම්, ඔවුන් නැවත සේවයට කැඳවා ගොඩගැසී ඇති නඩු හැකි ඉක්මනින් අවසන් කළ යුතුය.



    නඩු වැඩි කාලයක් ඇදී යන තරමට, ඒවාට සම්බන්ධ පාර්ශ්වයන්ගෙන් ලැබෙන ආදායමද වැඩි වේ. විශේෂයෙන්ම, ඉඩම් නඩු වසර විස්සකටත් වැඩි කාලයක් ඇදී යන අවස්ථා තිබෙන අතර, ඒ අතරතුර නීතිඥ ගාස්තු දහස් ගණනින් එකතු වෙමින් පවතී. ඇතැම් නඩු දිනවල නීතිඥවරයා එක වචනයක්වත් කතා නොකළත්, සතයක්වත් අඩු නොකර සම්පූර්ණ ගාස්තුවම අය කරනු ලැබේ.



    එහෙත්, දිගුකාලීන නඩු ප්‍රමාදයන් සහ දිනෙන් දින ඉහළ යන නීති වියදම් හේතුවෙන් දුප්පත් ජනතාවට පැටවෙන මෙම දැඩි බර පිළිබඳව නීතිඥ ප්‍රජාව තුළින් හඬක් නැඟෙන්නේ නැත.



    වෛද්‍යවරුන් මෙන් නොව, නීතිඥවරුන් විසින් ගාස්තු අය කිරීම සඳහා රිසිට්පතක් ලබා නොදෙන අතර, ගාස්තු අය කිරීම සඳහා පැහැදිලි හා නිසි ක්‍රමවේදයක්ද නොමැති බව පෙනේ.



    මේ සියල්ල හේතුවෙන්, වසර ගණනාවක් තිස්සේ තම නඩු අවසන් වන තුරු බලා සිටින අසරණ ජනතාව දැඩි කනගාටුවකට, ආර්ථික පීඩනයකට සහ මානසික පීඩාවකට පත්ව සිටිති. එබැවින්, නඩු කඩිනමින් අවසන් කිරීම සඳහා අධිකරණ පද්ධතියේ පවතින ගොඩගැසුණු නඩු ප්‍රමාණය අඩු කිරීමට කඩිනම් සහ ප්‍රායෝගික පියවර ගත යුතුය.

    උදෑසන විනිසුරුවරයෙකුගේ මේසය මත ගොඩගැසී ඇති නඩු ගොඩ දැකීමේදී, එවැනි විශාල බරක් මධ්‍යයේත් විනිසුරුවරයෙකු තම මනස සන්සුන්ව තබාගෙන කෙසේ කටයුතු කරන්නේදැයි විශ්වාස කිරීමටත් අපහසුය.

    ReplyDelete
Previous Post Next Post