දිවයිනේ පවතින දැඩි නියඟය සහ ජල හිඟය දුරු කර වැසි ලබා ගැනීම වෙනුවෙන් රට පුරා 'වැසි පිරිත්' ලක්ෂ වාරයක් සජ්ඣායනා කර ආශිර්වාද ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව නාරාහේන්පිට අබයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ පෙන්වා දුන්නේ, අතීතයේදී ද මෙවැනි ස්වභාවික විපත් අවස්ථාවලදී වැසි පිරිත් සජ්ඣායනා කර පිරිත් පැන් රට පුරා ඉසීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති බවයි.
විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා මගින් රට පුරා පිරිත් පැන් ඉසීමට කටයුතු කළ ආකාරය උන්වහන්සේ මෙහිදී සිහිපත් කළහ.
"අපිට බත දෙන ගොවියා සහ සමස්ත ජනතාව මේ නියඟයෙන් පීඩා විඳිනවා. ඔවුන් ආරක්ෂා කර ගැනීම අපේ වගකීමක්. ඒ නිසා අපි තීරණය කළා අබයාරාම විහාරස්ථානය මුල් කරගෙන දින හතක් පුරා වැසි පිරිත් ලක්ෂ වාරයක් සජ්ඣායනා කරන්න. මේ සම්බන්ධයෙන් මම ජනාධිපති ලේකම්වරයා දැනුවත් කළා. රජය මැදිහත් වෙලා මේ කටයුත්ත කරනවා නම් වඩාත් හොඳයි," යනුවෙන් උන්වහන්සේ පැවසූහ.
මෙම පුණ්‍යකර්මය සඳහා කිසිදු දේශපාලන අරමුණක් නොමැති බවත්, රටට සහ ජනතාවට සෙත් පැතීම පමණක් මෙහි අරමුණ බවත් උන්වහන්සේ අවධාරණය කළහ. දිවයිනේ සියලුම විහාරස්ථානවල අවම වශයෙන් සිය වතාවක් හෝ වැසි පිරිත් සජ්ඣායනා කර මෙම ආශිර්වාද පූජාවට එක්වන ලෙස උන්වහන්සේ මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටියහ.
ඉදිරි සතිය හෝ සති දෙක ඇතුළත මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත්, ඒ සඳහා අවශ්‍ය දානමාන සහ අනෙකුත් පහසුකම් සලසා දීමට කැමති පින්වතුන්ට ඒ සඳහා අවස්ථාව පවතින බවත් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.
Sri Lanka Launches Nationwide Prayer Initiative for Rain Amidst Severe Drought
The ongoing severe drought and water shortage in Sri Lanka has prompted a nationwide call for a "prayer for rain" initiative, led by the Chief Incumbent of the Narahenpita Abhayaramaya, Venerable Murutthettuwe Anandha Thero. He announced the plan to seek divine blessings for rainfall during a media briefing in Colombo.
Highlighting the historical significance of such prayers, the Thero pointed out that previous instances of natural calamities have seen similar initiatives yield successful results. He recalled that during the administration of former President Mahinda Rajapaksa, the Air Force utilized helicopters to conduct extensive prayers across the country, which contributed positively to bringing rain.
"Farmers and the entire populace are suffering due to this extreme drought. It is our responsibility to ensure their safety. Therefore, we have decided to organize a week-long prayer event for rain, starting from the Abhayaramaya temple. I have informed the presidential secretary regarding this initiative. It would be beneficial if the government intervenes to support this effort," he stated.
The Thero emphasized that this religious event is entirely apolitical, aimed solely at invoking blessings for the country and its people. He urged all temples across the island to participate by conducting at least one prayer session for rain, thus joining in this auspicious activity.
Looking ahead, Venerable Murutthettuwe Anandha Thero expressed hopes to launch this program within the next week or two, inviting generous patrons to contribute necessary offerings and resources to aid in its implementation.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

බුද්ධ ධර්මය යනු මැජික් නොවෙන බව මේ කපටි තට්ට ගනයන්ට මතක් කර දෙන්න
ReplyDeleteඇයි විශාලා මහනුවර වටේ රතන සූත්‍රය දේශනා කරමින් බුදුන් වැඩියා කියලා තෝ දන් නැද්ද අමනයා?
Deleteඑතකොට අපේ සර්වබලධාරී දෙවියන්වහණ්සේ ලෝකය මැවුවෙත් මැජික් බලයෙන් නෙමේද?
Deleteවිද්‍යාව කියන්නේ දැනට හොයා ගත්තු දේවල් විතරක් නෙමේ බක පඬියො. ගොන් මී හැත්ත සාමාන්‍ය පෙලට වත් විද්‍යාවට A එකක් නැහැ. ඒ වුනාට හිතාගෙන ඉන්නේ විද්‍යාවේ සියල්ල දත් කියලා. ඔය විද්‍යාවෙන් කරපුව තමයි දැන් මේ වේලෙන්නෙ දාගෙන. ඒවට කෝ මහ ලොකු බටහිර විද්‍යාවෙන් විසඳුම් හම්බුනාද? අමන සක්කිලි වැඩ කරලා සොබාදහම ගැන හිතන්න නැතුව ගස් කොල කපලා, සතා සීපාවා මරලා කරපු අමන වැඩ වලට නම් දැන් පිරිත් කිව්වත් දෙවිවරු වත් අනුකම්පා කරන එකක් නැහැ අමන සක්කිලි හැත්ත ගැන.
Deleteඅපි හැමදාමත් කියනව වගේ නිර්මල බෞද්ධ ධර්මය තේරුම් ගන්න පුළුවන් අය ලංකාවේ ඉන්නෙ ඉතාම සීමිත ප්‍රමාණයකි. එදා බුදු හාමුදුරුවො තුන් වතාවක් වැඩ්යද ධර්මය දේශනා කලේ නැත. අද තත්වයද එසේමය.
Deleteඅනික කොරෝනා වසන්ගතේ සම්පූර්නයෙන්ම ලෝකෙන් තුරන් කලේ අපේ ආහමුදුරුවන්ගෙ පිරිත් බලෙන් කියල තෝ දන්නෙ නැඩ්ද?
ReplyDeleteතොපේ අගරදගුරාට කියාපන් පුකවල් බල බල මහමොලකරුවො හොයන වෙලාවේ බොරුවට හරි යාඥාවක් කරලා වැස්ස ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා. අනිත් උන්ට පද හදන්න විතරයි දන්නේ අවලම් ආගමේ ගොන් හැත්ත.
Deleteඅනුන්ගේ නම් කොපි කලාට ඔරිජිනල් කියලා රැවටෙන්ඩ එපා, ඔය ඩුප්ලිකේට් එකෙක් නම කොපි කරලා ලියලා තියෙන්නේ.
Deleteඉතාම හොඳ වැඩක් හාමුදුරුවනේ. ඔබ වහන්සලාගේ තීරණයට අපිත් පුලුවන් උපරිමයෙන් සහයෝගය දෙන්නම්.
ReplyDeleteMekawath kalaniye naya gawata yawanna thiyenne. mun okkomatama dodu
Deleteසාධු සාධු.. වෙන්න ඕන වැඩක්. වියලි කලාපේ පන්සල් වල හාමුදුරුවරුන්ගේ සහය අරන් ගමේ මිනිස්සුත් එකතු කරගෙන කරන්න අපේ හාමුදුරුවනේ.
ReplyDeleteha ha namal aiyawath genna ganna. thanakola miti api gane ewannam
Delete